English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තුන්වෙනි විනිසුරුගෙන් අහන්න නම් පිටියේ විනිසුරුවන් කුමටද?


තුන්වෙනි විනිසුරුගෙන් අහන්න නම් පිටියේ විනිසුරුවන් කුමටද?

කුමාර් ධර්මසේන විසින් 2019 ලෝක කුසලාන අවසන් තරගයේදී දුන් තීන්දුව කීපයක් දැඩි ලෙස සංවාදයට තුඩු දුන්නා. ඒ අතරින් ඔහු විසින් 2019 අවසන් තරගයේදී දුන් අමතර ලකුණු ගැන විශාල සංවාදයක් ඇති වුනා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ඉරිදා මව්බිම පුවත්පතට දුන් කෙටි සංවාදයක්.

"අපේ අය ලොකු කරන්ඩ හදන දේ දිහා බැලුවම මට කණගාටුවක් දැනෙනවා.මෙහෙම හිතන්ඩ ප්රධාන විනිසුරු හැටියට වයිඩ් එකක් දුන්නොත් ඒක කාටවත් වෙනස් කරන්ඩ බෑ.මේකත් එහෙම එකක්.මට මේ වගේ එකක් තුන්වෙනි විනිසුරුගෙන් අහන්ඩ බෑ.මගේ අනෙක් විනිසුරුගෙන් විතරක් අහන්ඩ පුලුවන්.ඉතින් අපි දෙන්නටම තේරිච්ච දෙයක් තමා බෙන් ස්ටෝක්ස් කියන ක්රීඩකයා අනෙත් පැත්තේ සීමාව සටහන් කරන කොට පන්දුරකින්නාගේ බෝලේ රිලීස් (මුදාහැරලා) වෙච්ච අවස්ථාවේ ඒ දෙන්නා ක්රොස් (එකිනෙකා පහුකර) හිටියා කියලා තමා අපිට පෙනුනේ.ඒත් ඕනෑම කෙනෙකුට තරගයෙන් පස්සේ වීඩියෝ බලලා වෙනත් නිගමනයකට එන්ඩ පුලුවන්.ඒවා බලනකොට අපිට උනත් පේනවා වැරැද්දක් උනා කියලා.හැබැයි තෙවෙනි විනිසුරුට දාලා අපිට ඒ වැරැද්ද නිවැරදි කරන්ඩ බැහැ.නවසීලන්ත ක්රීඩකයා පන්දුව විකට් එකට යොමු කරන වෙලාවේ පිතිකරුවෝ දෙන්නා ක්රීස් කරනවද කියලා බලන්ඩ ඕන.මෙයාලා දෙන්නා ක්රොස් කරලද බලන්ඩත් ඕන.මේ හැම දෙයක්ම කරන්ඩ මට ඇස් හයක් විතර තියෙන්ඩ ඕන.ඔය වගේ දෙයක් තෙවැනි විනිසුරුට දැම්මානම් හොදයි කියලා ඕනෑම අයෙක් කියාවි.දැන් බලන්න වයිඩ් එකක්,නෝ බොල් එකක් චෙක් කරගන්න අපි තෙවැනි විනිසුරුට දාන්නේ නෑ.එහෙමනම් අපි මෙතන ඉන්ඩ ඕන නෑනේ.මේකත් ඒ වගේ දෙයක්.මේ සිදුවීමත් තෙවැනි විනිසුරුට දාන්න බෑ.එහෙම දැම්මානම් ඔයා ඒක තෙවැනි විනිසුරුට දැම්මේ කොහොමද කියලා එංගලන්ත ක්රීඩකයන් ඇවිත් මගෙන් අහාවී.එහෙම නැත්නම් ඔවුන් මැච් එක සෙල්ලම් නොකර එළියට යන්ඩ තිබ්බා.ඒ වගේම මම බෙන් ස්ටෝක්ස් එහා පැත්තේ (Non Strike) තබා ගත්තා නම් ඔහු මට බැට් එකෙන් ගහන්ඩත් තිබුණා (සිනාසෙමින්).කොහොම උනත් අයි.සී.සී එක මං ගත්ත තීරණයට මට ප්රශංසා කළා.අයි.සී.සියට ඒ ගැන ප්රශ්නයක් වුණා නම් මම ගත්තු තීරණය වැරදිනම් ඒ අය මාව එළියට දාන්න ඕන.අදටත් ඒ අය ඒ ගැන මගෙන් අහලා නැහැ."

🎯තරගෙයෙන් පස්සේ නවසීලන්ත ක්රීඩකයන් මේ සම්බන්යෙන් කතා කළාද?

"මොනවද එයාලා මගෙන් ඇවිත් අහන්නේ.උදාහරණයක් කියන්නම් මම වයිඩ් නැති එකක් වයිඩ් කියලා දෙනවා.මැච් එක ඉවර වෙලා ඒ අය මගෙන් අහනවද ඇයි සර් වයිඩ් එකක් දුන්නේ කියලා.මම දකින වෙලාවට දෙන දේ වෙනස් කරන්ඩ කාටවත් බෑ.ඕනෑම විනිසුරුවෙක්ට වැඩ කරද්දි වැරදි සිදුවෙනවා.හැබැයි මම තමයි වැරදි අඩුවෙන්ම කරන පුද්ගලයා.ඒකනේ මං ලෝකෙන්ම එක වෙලා තියෙන්නේ.ඔය වගේ වැරදි වලට කියන්නේ Judgemental Error කියලා.දැන් බලන්ඩ පන්දුයවන්නෙක් නෝ බෝලයක් දාපු අවස්ථාවක් ඒක නෝ බෝලයක් විදිහට සටහන් කරන්ඩ අපොහොසත් උනොත් ඒකත් වැරදියි.ඒ කියන්නේ ක්රීඩකයකු සීමා ඉර ඉක්මවා කකුල පෑගුණ අවස්ථාදිම අපි එය නෝබෝල් කියලා ක්ෂණිකයෙන්ම සටහන් කළ යුතුයි.බෝලේ පිතිකරුවට ලැබුණට පස්සේ ඒක නෝබෝල් කීවොත් වැරදියි.ඒ වගේ වැරැද්දක් තමා මෙතනත් වෙලා තියෙන්නේ.සාමාන්යයෙන් ප්රධාන විනිසුරු දෙන තීරණයක් අනෙක් විනිසුරුගෙන් අහන්ඩ ඕන නෑ.ඒත් මම මරේගෙන් ඇහුවා ඔයා මොකද හිතන්නේ කියලා එයත් කීවේ 100% ක් විශ්වාසයි ඒ දෙන්නා ක්රීස් කලා කියලා.තව වෙන මොනවද මම කරන්න ඕන.මම පෞද්ගලිකවම හිතනවා මම ඒ වෙලාවේ ගත්ත තීරණය හරි කියලා.ඒ අවස්ථාවේදි කරන්න පුලුවන් හොදම දේ තමා අපි කළේ.අද වෙනකම් නවසීලන්ත ක්රීඩකයෙක් තියා කිසිම කෙනෙක් මේ සම්බන්ව මා එක්ක කතා කරලා නෑ."

🎯තරගයෙන් පස්සේ තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතා මේ ගැන විමසීමක් කළාද.?

"ඒ මහත්තයා මගෙන් මොනවද අහන්නේ.සමහර විට තරගයක අපි වයිඩ් තුන හතරක් දෙනවා.ඇයි වයිඩ් දුන්නේ කියලා එයා මගෙන් අහන්නේ නෑ.කොහොම උනත් මම වැරද්දක් කරා කියන ඔය සයිමන් ටෝෆල් විනිසුරුවරයා අයිසීසිය එළවලා තියෙන කෙනෙක්.එයා දැන් ඒකත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.එයා කියවලා ඇත්තේ නීති පොතෙන් භාගයක් උනත් මම ඒ පොත සම්පූර්ණයෙන්ම කියවලා තියෙනවා.මම දන්නේ නැති කෙනෙක් වගේ වැඩ කරන්නේ නෑ.එහෙම කරනවානම් ලෝක කුසලාන අවසාන තරගයක විනිසුරු විදිහට දායි ද? අනික මං වගේ කළු ජාතිකයෙක්ට වසර තුනක්ම ලෝකයේ අංක එක ලබා දේවි ද? තරග තීරක ලෙස රන්ජන් මහතා කරන්නේ වෙනම රාජකාරියක්.එයා කවදාවත් අපි දුන්න තීරණයක් ගැන අහන්නෙත් නෑ.අහලත් නෑ.අදටත් මම කියන්නේ මං දුන්න තීරණය හරි.ඒත් අපේම අය මේක පස්සේ මෙච්චර එලවන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ.මේ හැම මඩ ප්රහාරයක්ම මම ශ්රී ලාංකිකයෙක් නිසා ද? ඊයේ පෙරේදා දවසක මම බිරිදව ගන්ඩ එයාපෝට් එකට ගියපු වෙලාවේ අපේ අය අහපු දේවල් දැක්කහම ලංකාව ගැන කණගාටුවක් දැනෙනවා.වෙලාවකට හිතෙනවා ලංකාවෙන් යන්ඩ.ඒත් මම හැමදාම ලංකාව වෙනුවෙන් පෙනී ඉන්න ලංකාවට ආදරේ කෙනෙක්.ඒ නිසා ඒකත් කරන්ඩ අමාරුයි.අද මම වෙන රටක හිටියානන් මං හිතන්නේ නෑ අපේ අය මේ ගැන කතා කරයි කියලා.මම ශ්රී ලාංකිකයෙක් නිසා කතා කරනවා එහෙම නේද?

මට මේ ගැන මෙයට වඩා කියන්ඩ පුලුවන්.ඒත් මට කතා කරන්ඩ පුලුවන් සීමාවක් තියෙනවා"

උපුටාගැනිම - ඉරිදා මව්බිම




2019-07-20
Advertisement

Find us on Facebook