English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අවන්ගාඩ් නඩුවේ සැකකරුවන් තිදෙනා යලි රීමානඩ්


අවන්ගාඩ් නඩුවේ සැකකරුවන් තිදෙනා යලි රීමානඩ්

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසු වන සැකකරුවන් තිදෙනා තවදුරටත් ලබන මස 02 වෙනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබිමටත් ජයවර්ධනපුර රෝහලේදි අත්අඩංගුවට ගැනුනු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයා තවදුරටත් අත්අඩංගුවේ රඳවා ගැනිමට හෝ බන්ධනාගාර ගත කිරිමට අවශ්‍ය නම් ඒ පිලිබඳ රෝහලට ගොස් සොයා බලා ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසත් ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (19) නියෝග කලේය.

ඉකුත් 2015 වසරේ ඔක්තෝම්බර් 15 වෙනි දින ගාල්ල වරායට ආසන්නව මුහුදේ තිබු  ඇවන්ගාඩ් නෞකාවේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලනු ලැබිය.

මේ සම්බන්ධයෙන් ඉකුත් දා නිතිපතිවරයා විසින් සැකකරුවන් අට දෙනෙකු නම් කරමින් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දි තිබුණි.

ඒ අනුව රක්නා ලංකා සමාගමේ හිටපු සභාපතවරයෙකු වු වික්ටර් සමරවිර ,තවත් හිටපු සභාපතිවරයෙකු වු වඩුගේ පාලිත පියසිරි ප‍්‍රනාන්දු ,රක්නා ලංකා සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙකු වන කැරරණාරත්න බණ්ඩා අධිකාරි එගොඩවෙලේ යන තිදෙනාවම මිට පෙර අත්අඩංගුවට ගෙන අද දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලදි.

ඒ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට හිටපු  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වු සමන් දිසානායක යන අයව ඊයේ (18) සවස අත්අඩංගුවට ගත්තේය.ඒ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටියදිය.

ඒ සම්බන්ධයෙන් අද දින ගාල්ල අධිකරණය වෙත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර සිටි අතර සමන් දිසානායක වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා ප‍්‍රකාශ කර සිටියේ තම සේවාදායකයාව රිමාන්ඩ් කරන්නේ නම් ඔහුට ජයවර්ධනපුර රෝහලේ නැවති සිටිමට අවසර ලබා දෙන ලෙසය.

එහෙයින් මේ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට රෝහල වෙත ගොස් කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු දක්වන ලෙස නියෝග කෙරුණි.

අත්අඩංගුවේ පසු වන සමන් දිසානායක ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයාය.

එමෙන්ම මෙම විමර්ශන වලට අදාලව ඇවන්ගාඩ් සභාපති වු නිශ්ශංක සේනාධිපති ඇතුලු සෙසු සැකකරුවන් විදේශ ගත වි ඇති හෙයින් ඔවුන් මෙරටට පැමිණි වහාම අත්අඩංගුවට ගැනිමට නියමිතව තිබේ.

-ශානිකා මාධවී පීරිස්-




2019-07-19
Advertisement

Find us on Facebook