English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ජාතික පොලිස් කොමිසම අසාර්ථක වෑයමක්” - විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු


“ජාතික පොලිස් කොමිසම අසාර්ථක වෑයමක්” - විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු

පොලිසියේ ක‍්‍රියාකාරම් සම්බන්ධයෙන් 1999 වර්ෂයේ ඇති වු ජනතා බලවේග සම්බන්ධයෙන් ස්වාධින කොමිෂන් තුනක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා විමෙන් අනතුරුව පොලිස් කොමිෂම 17 වෙනි ව්‍යවස්ථාවට ඇතුල් කිරිම තුලින් විශාල බලතල රාශියක් පොලිස් කොමිසමට හිමි වු බව ඔහු පවසයි.

2001-2002 වර්ෂයේදි මෙම කොමිසම ක‍්‍රියාත්මක කෙරුනු අතර එහිදි නිතිඥ රංජිත් අබේසුරිය මහතා ඇතුලු පිරිසක් පත් වු බවද විශ‍්‍රාමික පොලිස්පතිවරයා පවසයි.නමුත් පොලිසියේ පදනම පිලිබඳ කොමිසමේ නිලධාරින්ට අවබොධයක් නොතිබුනු බවත් මේ නිසා වරින් වර කොමිසම හා පොලිසිය අතර, ගැටලුකාරි තත්වයන් මතු වු බවද, ඒ මහතා සඳහන් කලේය.

කොමිසමේ සභාපතිවරයා ඇතුලු පිරිස පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාව අනුව බවත් එහිදි පත් කෙරෙන්නේ දේශපාලඥයින්ට අවශ්‍ය පුද්ගලයන් බවද ඔහු පෙන්වා දෙයි.කොමිසමේ ලේකම්වරයා පමණක් පරිපාලන අමාත්‍යාංශයෙන් පත් කෙරෙන නමුත් කොමිසමට ඇත්තේ වක‍්‍ර බලයක් බවද පවසන ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ ඉකුත් සමයේ පොලිස් කොමිසමේ සභාපතිවරු ඉන් ඉවත් කෙරුනේද එම පුද්ගලයින්වත් නොදැන බවත් මෙයින්ම කොමිසමේ ක‍්‍රියා කලාපය පෙන්නුම් කරන බවය.

සටහන - ශානිකා මාධවී පීරිස්

අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්....





2019-07-19
Advertisement

Find us on Facebook