English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හදිසි නීතිය යටතේ යට යන අවම බලය


හදිසි නීතිය යටතේ යට යන අවම බලය

අසනිප වු දරුවා රැගෙන ඒමට පාසලට ගිය අවස්ථාවේ  විදුහලේ ආරක්ෂාවට ඉදිරි  ගේට්ටුවේ සිටි හමුදා භටයයෙකු විසින් සිදු කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය පුද්ගලයාගේ  බිරිඳට රැකියාවක් ලබා දී දරුවන්ට වෙනත් පාසල් ලබා දිමට රජය තීරණය කළ පුවතක් ඉකුත් සතියේ මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

රජය එසේ ඔවුන්ට ආධාර කළද යළි කෙදිනකවත් එම බිරිඳට සැමියාත්, දරුවන්ට සෙනෙහෙබර පියෙකුත් ලැබෙන්නේ නැත. රජය මෙහිදි ක්‍රියා කර ඇත්තේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසිමේ වැඩකි.

ගාල්ල,පිලාන, වංචාවල පදිංචි ප්‍රදිප් කුමාර විවාහ වි සිටියේ T.U.T කුමාරි (38) සමගිනි. ඒ ප්‍රදිප් නාවික හමුදාවේ සේවය කරමින් සිටියදි එහි සේවයේ නියුතුව සිටි කුමාරි සමග ඇති කර ගත් ප්‍රේම සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙසිනි.

දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන් වන විට ඔවුන් දෙදෙනාම රැකියාවෙන් ඉවත් වී සිටියහ.

දරුවන් තිදෙනාම අධ්‍යාපනය ලැබුයේ අක්මිමන, මානවිල, උපනන්දන විධ්‍යාලයේය. ඔවුන් දහවැනි ශ්‍රේණියේත්, දෙවැනි ශ්‍රේණියෙත්, පළමු ශ්‍රේණියෙත් ඉගෙනුම ලැබුහ.

ඉකුත් අප්‍රේල් 21 වෙනි පාස්කු ඉරුදින එල්ල වු අන්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරත් සමග රට්ටු යළි බෝම්බ බියකින් පසු වන්නට විය. යළි ත්‍රස්ත ප්‍රහාරයක් ඇති විම මැඩ පැවැත්විමට රජය වහාම හදිසි නිතිය ක්‍රියාත්මක කලේය. නමුත් දරුවන් පාසල් වලට යැවිමට දෙමාපියන් බිය වුහ. එහෙයින් පාසල් වල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව යෙදවිමට රජය තිරණය කලේය. ඒ අනුව හමුදා ආරක්ෂාව මැද දරුවන් අධ්‍යාපනය ලබන්නට විය.

එසේ අධ්‍යාපනය ලබමින් සිටි පළමු ශ්‍රේණියේ තම පුතු අසනිප තත්වයකින් පසු වන බව ඉකුත් 04 දා ප්‍රදිප් කුමාරට පංතිභාර ගුරුතුමියගෙන් දුරකථන ඇමතුමක් ලැබි තිබුණේය. ඔහු වහාම පාසල වෙත ගිය අතර, එහිදි ඔහු විධ්‍යාලයේ ගේට්ටුවේ සිටි හමුදා භටයාගේ වෙඩි පහරකට ලක්ව මානවිල රෝහලට ඇතුලත් කර තිබුණි. නමුත් ඒ වනවිටත් ප්‍රදිප් මෙලොව හැර ගොස් තිබුණි.

විද්‍යාලයට අනවසරයෙන් ඇතුල් වීමේදී හමුදා භටයා සමග ඇති වු වචන හුවමාරුවක් දුරදිග යාම නිසා හමුදා භටයා විසින් වෙඩි තැබිම සිදු කර ඇති බව මෙහිදි විමර්ශන සිදු කල පොලිසිය පවසන්නට විය. එමෙන්ම හමුදා සෙබලා පොලිසියට පවසා තිබුණේ මිය ගිය තැනැත්තා විද්‍යාලයට බලෙන් ඇතුලු වි ගිනි අවිය උදුරාගැනිමට තැත් කල හෙයින් වෙඩි තැබිම සිදු කල බවය.

මෙදින ගේට්ටුවේ ආරක්ෂාවට යොදවා සිටියේ ගාල්ල කොටුව ගැමුණුසේවා බලඇණියට අයත් හමුදා භටයෙකි.

සත්‍ය වශයෙන්ම එම ස්ථානයේ සිදු වු දෙය දන්නේ එකි හමුදා භටයාත් මිය ගිය ප්‍රදිප් කුමාරත්ය. මෙම වෙඩි තැබිම හදිසි නිතිය යටතේ සිදු වුවකි.

රජය විසින් වරින් වර ප්‍රකාශයට පත් කරන හදිසි නිතිය යටතේ හමුදාවේ වෙඩි ප්‍රහාර වලට ලක්ව මිට පෙරද සිවිල් පුද්ගලයින් රැසක්ම ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඊට ආසන්නතම සිදු විමක් වුයේ ඉකුත් මැයි 12 දායගඒ නාවික හමුදාවේ. භටයින් සිදුකල වෙඩි තැබිමකින් දෙදරු පියෙකු මිය යාමය.

මැයි 11 දා රාත්‍රියේ සිට වත්තල-හුණුපිටිය මාර්ගයේ ක්ෂණික මාර්ග බාධක යොදා සිදු කල විශේෂ රථ වාහන මෙහෙයුමකදි අණ නොතකා ගමන් කල බව පැවසෙන නැනෝ ටාටා වර්ගයේ මෝටර් රථයකට මෙහිදි නාවික භටයින් විසින් වෙඩි තබා තිබුණි. එහිදි එහි ගමන් කල වත්තල, පරණ මිගමු පාර පදිංචි චාමර අසංක රණසිංහ නැමැති (34) හැවිරිදි තරැණයා මිය ගියේය. තේ කර්මාන්ත ශාලාවක වැඩ පරික්ෂකවරයෙකු ලෙස සේවය කළ ඔහු සාදයකට සහභාගි වි ආපසු නිවස වෙත යමින් සිටියදි මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණි. ඇතැම් විට ඔහු බිමතින් සිටි නිසා මෝටර් රථය නොනවත්වා ධාවනය කරන්නට ඇති බව මේ පිලිබඳ විමර්ශන පැවැත්වු වත්තල පොලිසිය සැක කල නමුත් ඇතැම් විට ඔහුට කාර්මික දෝශයක් හෝ වෙනයම් කරුණක් නිසා එක්වරම මොටර් රථය නවත්වා ගැනිමේ හැකියාවක් නොතිබුණා විය හැකිය. නමුත් තප්පර ගණනෙන් සිදු වු වැරැද්දට ඔහු ජිවිතයෙන් වන්දි ගෙවිය.

එම මාර්ග බාධකයේදිම එම මරණය වි පැයකට පමණ පසු නැවත වරක් නාවික භටයින් BMW වර්ගයේ මෝටර් රථයකට වෙඩි තබා තිබුණේද එම මොටර් රථය අණ නොතකා පලා යන්නට උත්සහ කළ බව කියමිනි.

මෙහිදි රථයේ ගමන් කළ තැනැත්තාට හානියක් නොවුනු නමුත් මොටර් රථයට හානි විය. මෙහිදි මොටර් රථය පදවා තිබුණේ නිතිඥවරයෙකු විසිනි.

හදිසි නිතියට යටත්ව හමුදා භටයින් මුලින්ම වෙඩි තැබුයේ 1953 ඇරඹි හර්තාල් ව්‍යාපාරයටය. ඒ රජය මහජනතාවට වෙඩි තබන්නට අවසර දුන් ප්‍රථම අවස්ථාවය. එහිදි පුද්ගලයින් නව දෙනෙකු ගොදුරු විය. ඉන් පසුව නැවත හදිසි නිතියේ ගොදුරක් පිලිබඳ කරළියට ආවේ 1989 දිය. ඒ අසහාය හාස්‍ය රංගන ශිල්පී නිහාල් සිල්වා නොහොත් සාජන් නල්ලතම්බි දෙහිවල හමුදා මාර්ග බාධකයකදි අණ නොතකා වාහන පැදවිම සම්බන්ධයෙන් හමුදා වෙඩි පහරකට ලක්ව මිය යාම නිසාය.

සියල්ල සිදු විමෙන් පසු පසුතැවිලි වි වැඩක් නැත. එහෙයින් හදිසි නිතිය යටතේ වුවද අවම බලය පාවිච්චි කරමින් වෙඩි තැබිමේදී ජිවිත හානියක් සිදු නොකිරිමට වගබලා ගැනිම කාලෝචිතය.

-ශානිකා මාධවී පීරිස්-




2019-07-18
Advertisement

Find us on Facebook