English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස්පති අත්අඩංගුවට ගැනීම පොලීසියට කල අවමානයක්! - හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු


පොලිස්පති අත්අඩංගුවට ගැනීම පොලීසියට කල අවමානයක්! - හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු

ඉකුත් අප්‍රේල් මස 21 වෙනි පාස්කු දින සිදු වු බෝමිබ ප්‍රහාර මාලාව සමිබන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාලව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා වෙත හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටද චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව විසින් පරික්ෂණ පවත්වා ඔවුන් දෙදෙනාටම ඉකුත් 01 දා පෙරවරුවේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා තිබුණි.

එහෙත් ඔවුන් දෙදෙනා එහි පෙනි නොසිටි අතර ඔවුන් දෙදෙනාම රෝහල් ගත විය. එහිදී, අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙි නිලධාරින් කණ්ඩායමි දෙකක් විසින් ඔවුන් දෙදෙනාව රෝහල් වලදි අත්අඩංගුවට ගත්හ. පසුව පාස්කු ඉරුදින ප්‍රහාරය සමිබන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති හයක් යටතේ චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන්ව ඉකුත් 02 දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදි ගොනු කර තිබු එක් චෝදනාවක් වුයේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අයත් චේතනාත්මකව මිනි මැරිමෙි චෝදනාවය.

රටේ ප්‍රබල වගකිමක් දරන පුද්ගලයන් වන පොලිස්පතිවරයාත් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් කිසිදු අවස්ථාවක මිනි මැරිමේ චේතනාවකින් පසු නොවන පුද්ගලයන් බවත්, ඔවුන්ට එරෙහිව එලෙස චෝදනාවක් නගා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරිම තුලින් ඔවුන්ගේ මුලික අයිතිවාසිකමි කඩ වි ඇති බවද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම දණ්ඩ නිති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ ගැනෙන නොසැලකිලිමත් ලෙස සිදු වු මිනිස් ඝාතන චෝදනාවද පොලිස්පතිවරයාට අදාල වන්නේ නැති බවද ඔහු පවසයි. පාස්කු ප්‍රහාරයට පෙර ලැබුනේ තොරතුරක් පමණක් බවත් එය වාර්තාවක් නොවන බවත් අවධාරණය කරන හිටපු පොලිස්පතිවරයා එය වාර්තාවක් ලෙස දක්වමින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුයේ මාස 03 ක් රිමාන්ඩි භාරයේ තැබීමට සැලසුමි කර විය හැකි බවද ඔහු පවසයි.

නමුත් මෙි බව වටහා ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මොවුන්ට ඇප ලබා දිමට කටයුතු කර තිබෙන බවත්, 13 වෙනි ව්‍යවස්ථාවට අනුව  වරදක් සිදු කර තිබේනම් ඒවා සැකයෙන් තොරව ඔප්පු කරන තුරු ඔවුන් වරදකරුවන් ලෙස සැලකිය නොහැකි බවද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියි.

-ශානිකා මාධවී පීරිස්-





2019-07-18
Advertisement

Find us on Facebook