English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිරකරැවන් වෙනුවෙන් ඡන්ද අයිතිය ඉල්ලයි!


සිරකරැවන් වෙනුවෙන් ඡන්ද අයිතිය ඉල්ලයි!

බන්ධනාගාරගතව සිටිනා සිරකරුවන් හා සැකකරැවන් සදහා ඡන්ද අයිතිය තහවුරු කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැතිවරණ කොමිෂන් සභාවෙන් ඊයේ (17) ඉල්ලා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (12)5 වගන්තිය අනුව සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගත වන්නන්ට මැතිවරණයකදී ඡන්ද අයිතිය හිමිවන නමුත් මෙතෙක් ඒය ශ්‍රී ලංකාව තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවු බවත් ඒම සංවිධානය පවසයි.
මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වන සිරකරැ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්ති අනුව සුදුසුකම් ලැබූ සිරකරුවන්ට තමන්ගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැයි ද එමගින් සිරකරුවන්ට සැලකීම පිළිබ`ඳ එක්සත් ජාතින්ගේ අවම ප්‍රමිති උල්ලංඝනය වී ඇතැයි ද පවසයි.



2019-07-18
Advertisement

Find us on Facebook