English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දිනෙන් දින අර්බුදයට යන පොලිස් කොමිසම!


දිනෙන් දින අර්බුදයට යන පොලිස් කොමිසම!

ස්වාධීන කොමිසම් 19 වෙනි සංශෝධනයන් මගින් ආරම්භ කරනු ලැබුවේ එහි ස්වාධීනත්වය තුළින් ජනතාවගේ ගැටළුවලට ඉක්මන් ස්වාධීන විසඳුම් ලබාදීමේ අරමුණිනි. මානව හිමිකම් කොමිසම විවිධ අභියෝගයන් මැද, සාපේක්ෂව ප‍්‍රගතියක් පෙන්නුම් කළ ද පොලිස් කොමිසම සම්බන්ධයෙන් ඔවුන්ගේ කි‍්‍රයා කලාපයන් සම්බන්ධයෙන් සමාජයේ විවිධ චෝදනා එල්ල විය.

එමෙන්ම පොලිස්පති පූජිත ජයසුන්දර විසින් කොමිසම විසින් දෙනු ලබන නිර්දේශයන් පිළිනොපදින තත්ත්වයක් යටතේ එම නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමට ඔවුන්ට දැඩි වෙහෙසයක් ගැනීමට සිදුවිය. එසේම නිසි වේගයකින් කි‍්‍රයාත්මකවීමට නොහැකිවීම ද, පවතින රාමුවෙන් ඔබ්බට ගොස් අලූත් යමක් කිරීමට නොහැකිවීම ද එහි ඉදිරි ගමන සීමා කිරීමට හේතුවක් විය. කාර්යක්ෂමතාවය ද ගැටළුවක් විය.

දැන් තත්ත්වය තවත් අර්බුදයකි. යටගැසුණු ඇවන්ගාඞ් නඩුව නැවතත් ඉදිරියට පැමිණීමත් සමග පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායකට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහු පසුගිය දා අපේක්ෂිත ඇප අයඳුම් පතක් ඉදිරිපත් කළ අතර අද දින ( ජූලි 17 ) එය ඇප අයදුම්පත කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

සමන් දිසානායකට තවමත් නිවැරදිකරුවෙකු වුවත් ස්වාධීන කොමිසමක් වැනි ආයතනයක නිලධාරියෙකු වශයෙන් කටයුතු නිසා එහි මේ අවස්ථාව වන විට එහි කටයුතු වලටත්, පැවැත්මටත්, ස්වාධීනත්වයටත් අභියෝගයක් එල්ල වී ඇත. මේ නිසා ඉක්මනින් කොමිසම විසින් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව සිදුකළ හැකි දේ සිදු කළ යුතුය. නොමැති නම් කාලයක් යනතුරු කොමිසමේ කි‍්‍රයාකාරිත්වයට ගැටළුවක් මතු වනු ඇත.

ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක ඇතුළු 5 දෙනෙකු  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපේක්ෂිත ඇප අයැදුමක් ගොනු කළ අතර එය විභාගයට ගත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ගිනි අවි ආඥා පනත යටතේ සිදුකරන වැරදි සම්බන්ධයෙන් ඇප දීමේ බලයක් මහේස්ත‍්‍රාත් අධිකරණයට නොමැති බවයි.

එම නිසා අපේක්ෂිත ඇප අයැදුම ප‍්‍රතික්ෂේප කරන බව මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේය.




2019-07-17
Advertisement

Find us on Facebook