English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"සුදු කොඩි" වැරදිකරුවන් වෙනුවෙන් නෙමෙයි වැරැද්ද වෙනුවෙන් එසවිය යුතුයි!


"සුදු කොඩි" වැරදිකරුවන් වෙනුවෙන් නෙමෙයි වැරැද්ද වෙනුවෙන් එසවිය යුතුයි!

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට   ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප‍්‍රකාශ කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජූලි මස 14 ඇඹිලිපිටියේ දී පැවසීය.

මහවැලි විශේෂ බලප‍්‍රදේශයේ පදිංචි මහවැලි ඉඩම් හිමියන්ට ඔප්පු ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. ජනාධිපතිවරයා පසුගිය කාලය පුරාම තමන්ගේ ජනපි‍්‍රයතාවය රැක ගැනීම සඳහා විවිධ ප‍්‍රයත්න දරමින් සිටින අතර, දැන් අලූත්ම තේමා පාඨය වන්නේ මරණ දඬුවමයි. ඒ සඳහා ඔහු රාජ්‍ය උත්සවයක්ම, අවස්ථාවක්ම භාවිතා කරමින් සිටියි. මූලිකවම ඔහු යහපාලනය ලෙස රටට ගෙන ආ නව නීතිමය දැක්ම තවදුරටත් පසුපසට අඳිමින් සිටියි.

ඔහුගේ මේ නවතම ප‍්‍රකාශයට පිළිතුරු ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් පිළිතුරු ලබා දී තිබිණි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලකයකින් සිදුකළ යුත්තේ පුද්ගලයන් වැරැුදි සිදුකරන තුරු බලාසිට දඬුවම් දීම නොව වැරදි කිරීමෙන් පුද්ගලයන් මුදා ගැනීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ පවසයි.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කර ඇති අතර එහිදී ”මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ශෝක දිනයක් වෙනවා නම් ශෝක දිනයක් හැටියට සුදු කොඩි එසවිය යුතුතේ වැරදිකරුවන් වෙනුවෙන් නෙමෙයි වැරැද්ද වෙනුවෙන්.” යනුවෙන්ද මන්ත‍්‍රීවරයා සදහන් කර තිබේ.

මරණ දඬුවම කි‍්‍රයාත්මක කළහොත් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් හිමිවන සහය ද අහිමි වනු ඇති බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් කරයි.



2019-07-17
Advertisement

Find us on Facebook