English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ජනාධිපතිගේ දෝෂදර්ෂණයට !


69 වැනි එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් ශ‍්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට දෝෂාරෝපණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයිි.

රටෙහි පැවති සිවිල් යුද්ධය මූලික කරගනිමින් ආරම්භකර ඇති පරීක්‍ෂණය දේශපාලනමය වශයෙන් පොළොඹවන ලද සහ ප‍්‍රමාණය ඉක්මවා යන්නක් බවට ප‍්‍රකාශකරමින් සමුළුව අමතා ඇති ජනාධිපති රාජපක්‍ෂ මහතා, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය දෝෂදර්ෂණයට ලක් කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

සිවිල් යුද්ධයෙන් බැට කැ ශ‍්‍රි ලංකාව මේ වන විට මානව හිමිකම් කවුන්සිලයේ දුෂ්ට අරමුණු වලින් යුතු න්‍යාය පත‍්‍රවල අවාසනාවන්ත ගොදුරක් බවට පත්ව ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා, 2009 වසරේ සිවිල් යුද්ධය අවසන් විමෙන් අනතුරුව සිට ශ‍්‍රි ලංකාව අත්කරගෙන සිටින සැලකිය යුතු ප‍්‍රගතිය මානව හිමිකම් කවුන්සිලය විසින් අමතක කර දමා ඇතැයි 193 ගෙන් යුතුවු සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත.
 
"මගේ රට ඉලක්ක කරගනිමින් කටයුතුකරන ආකාරය දෙස බලන විට, එහි සාධාරණීකරණය කළ නොහැකි ආකාරයේ දැඩි මැදිහත්වීම් සහා අපක්‍ෂපාති බවක් දක්නට ලැබෙනවා" යනුවෙන් ප‍්‍රකාශකර ඇති ජනාධිපතිවරයා, ශ‍්‍රි ලංකාවට වඩා මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානය යොමුකළ යුතු බලගතු ප‍්‍රශ්න ලෝකයේ තිබෙන බව ප‍්‍රකාශකර ඇත.

එහෙත්, පුද්ගලයින් 100,000 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ විමර්ශන කටයුතු සඳහා සහය දැක්විමට, එය දැනුම් දුන් මාර්තු මාසයේ සිටම එක්සත් ජාතින්ගේ විමර්ශකයින් හට වීසා ලබා නොදෙමින් ශ‍්‍රි ලංකාව එම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කළේය.

එක්සත් ජාතින්ගේ 2011 වාර්තාවට අනුව, යුද්ධය පැවති අවසන් සති කිහිපයේදි දමිළ වැසියන් 40,000 ක් පමණ ඝාතනය වි ඇති බවත් ඉන් බහුතරය ශ‍්‍රි ලංකා යුධ හමුදාව විසින් සිදුකර ඇති බවත් එම රොයිටර් පුවත සඳහන් කරයි. එහෙත් එම චෝදනා ප‍්‍රතික්‍ෂේප කළ ශ‍්‍රි ලංකාව කියා සිටියේ තමන්ගේම විමර්ශනයක් සිදුකරන බවයි. 

ඡයාරූපය - රොයිටර් පුවත්

-MMP






2014-09-25
Advertisement

Find us on Facebook