English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දැන් මානව හිමිකම් නැතුව බිස්නස් කරන්න බෑ! - පිලිප් දිසානායක


දැන් මානව හිමිකම් නැතුව බිස්නස් කරන්න බෑ! - පිලිප් දිසානායක

“GSP+කියන සහනය අපේ රටට ලැබෙන්නේ මානව හිමිකම් සඳහා වූ නිර්නායකයන් සලකා බැලීමෙන් පසුවයි. ඒ නිසා දැන් බිස්නස් කරනකොට කම්කරු නීතිය පමණක් නොව. මානව හිමිකම් නීතිත් ක්‍රියාත්මක වෙනවද කියල බලනවා. ඒ නිසා නැවත එම සහනය නොලැබී ගියොත් මේ රටට විශාල ආර්ථික වාසි රැසක් නොලැබී යනවා. අපි රටක් විදියට අපේ අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කිරීම ඉතාම වැදගත්.

නිදහස ලබා ගැනීමට පෙර සෑම අතින්ම ජපානයට පමණක් ආසියාවේ දෙවැනි වූ ශ්‍රී ලංකාව මේ වනවිට සෑම අතින්ම අන්තිමයා වෙලා තියෙනවා. දැන් ඉන්න තරුණ තරුණියෝ කල්පනා කරන්නේ කොහොමද මේ රටින් ඉක්මනින්ම පිට වෙන්නේ කියලා. කාටවත් ඉන්න පුළුවන් විදියක් වැඩිහිටියෝ විදියට හදල තිබ්බනම් මෙහෙම වෙන්නේ නෑ. ආර්ථික වශයෙන් ශක්තිමත්ව නිදහසේ, සාධාරණව,  යුක්ති සහගතව ඉන්න බෑ කියන අදහසක් මේ රටේ සමාජ ගත කරලා තියෙනවා.”

“වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව” විසින් පවත්වමින් යනු ලබන “හිංසනය , ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය” මැයෙන් වූ සම්මන්ත්‍රණ මාලාවේ එක් සම්මන්ත්‍රණයක් පසුගිය 13 වැනි දා මාතර, දෙණියාය, කොටපොල ප්‍රාදේශීය සභා ශාලාවේදී පැවැත් විය.

එහිදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා දැක්වූ තවත් අදහස් පහත වීඩියෝවෙන්......





2019-07-15
Advertisement

Find us on Facebook