English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරයා 19 ට එකඟ වුණේ අවබෝධයක් ඇතුවද?


ජනාධිපතිවරයා 19 ට එකඟ වුණේ අවබෝධයක් ඇතුවද?

පසුගිය දා සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී 19 වන සංශෝධනය අහෝසි කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය පිළිබඳව මධ්‍ය වෙත අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා,

" අපි 2015 අගෝස්තු 08 ජනතාවත් එක්ක සම්මුතියක් ඇති කර ගත්තා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව. එය අහෝසි කිරීමට ජනමත විචාරණයක් හා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍ය වන මොහොතක ඊට මෙහා පවතින  හොඳම විසදුම ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට අපි ක්‍රියා කළා. ඒකෙන් විධායක බලය යම් ප්‍රමාණයකට අඩු කරල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම තමයි අරමුණ වුනේ. ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා එකග වුනා. ඔහු සංවිධාන 149ක් සමග ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ඔහු හා අපි ජනතාවට පොරොන්දු වුනා. ඒ පොරොන්දුව උඩ තමයි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස 2015 ජනවාරි 08 වෙනිදා පත්වෙන්නේ.

එසේ පත්වූ ජනාධිපතිවරයා හා අපි එකතු වෙලා තමයි 19 වන සංශෝධනය කරලියට ගෙන ආවේ. ඒ සඳහා මූලික වූ පදනම හැදුවේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බව කිව යුතුයි. මේ 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දි විපක්ෂය ඊට බරපතල ලෙස විරුද්ධ වුනා. විශේෂයෙන් වාමාංශික ව්‍යාපාර වල පතාක යෝධයෝ ලෙස සිටි වාසුදේව නානායක්කාර වැනි අය මීට බරපතල ලෙස විරුද්ධ වුනා. අනෙක් පැත්තෙන් දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල වැනි අය පාර්ලිමේන්තුවේ රැයක් ගත කරමින් මීට විරෝධය දැක්වූවා. නමුත් මෛත්‍රිපාල සිරිසේන මැති තුමා එදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  ළගට ගොස් ඔවුන්ගෙන් සහයෝගය පතමින් මෙය සම්මත කර ගැනීමට ලොකු වෙහෙසක් ගත්තා. ඔහු විශ්වාස කළා එදා පාර්ලිමේන්තු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැදගත් බව සහ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බව. ඉතිං එසේ ක්‍රියාකාරි ලෙස 19 වන සංශෝධනය ගෙන ඒමට වැඩ කළ ජනාධිපතිවරයා අද කියා සිටිනවා 19 අහෝසි කළ යුතුයි කියා. එතකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා එදා 19 ගෙන ඒමට පක්ෂව ක්‍රියා කරලා අද 19 අහෝසි කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින්ද කියල. කොහොම උනත් මේ රටේ යහපාලනය ආරක්ෂා කරන පුරවැසියන් ලෙස 19 වන සංශෝධනය අහෝසි කිරීමේ යෝජනාවට අපට එකග විය නොහැකියි. ස්වාධීන කොමිෂන් සභා නිසි ආකාරයට ක්‍රියා කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්මාණය වී තිබෙන්නේ වගේම පසු ගිය ආණ්ඩු පෙරලියත් සමග ගත වූ දින 52 දී ජනාධිපතිවරයාට හිතුමතේ ක්‍රියා කළ නොහැකි වුනේ සහ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වුනේ 19 වන සංශෝධනය නිසයි. මේ නිසා 19 අහෝසි කිරීමේ යෝජනාවට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.





2019-07-11
Advertisement

Find us on Facebook