English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සියවසකට එහා එංගලන්තය හා අපේ අපරාධ පරීක්ෂණ - නීතිඥ උපුල් කුමාරප්පෙරුම


සියවසකට එහා එංගලන්තය හා අපේ අපරාධ පරීක්ෂණ - නීතිඥ උපුල් කුමාරප්පෙරුම

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත මීට සියවසකට පෙර එංගලන්තයෙන් අපේ රටට පැමිණි දෙයක්. ඊට අමතරව 1990 ගණන්වල පැමිණි සාක්ෂි ආඥා පනත හා දණ්ඩනීති සංග්‍රහය අපරාධ විමර්ශන ක්‍රියාවලීන් සඳහා පාවිච්චි කළා. මෙයින් පොලිසිය විසින් කරන අපරාධ විමර්ශන ක්‍රියාවලියට පළමුවෙන්ම අදාළ කර ගන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයයි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110/4 වගන්තියේ තිබෙනවා “සැකකරුවකු විසින් පොලිසියට කරනු ලබන ප්‍රකාශයක් සාක්ෂියක් වශයෙන් පාවිච්චි කරන්න නොහැක” කියල. නමුත් ඒ සැකකරු සාක්ෂි දෙන මොහොතක ඔහු පොලිසියට කල ප්‍රකාශය හා සාක්ෂිය අතර පරස්පරයක් තිබේනම් එම පරස්පරය පෙන්වීම සඳහා පමණක් එම ප්‍රකාශය පාවිච්චි කිරීමට පුළුවන්.

19 වන සියවසේ අග භාගයේදී එංගලන්තයේ මෙම නීතිය තිබුනත්, දැන් එංගලන්තයේ පවතින නීතිය අනුව, අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියකදී සැකකරුවෙක් පොලිසියට පැමිණෙනම් ඔහුට දැනුම් දීමක් කරනවා ඔහු පොලිසියට ලබාදෙන කටඋත්තරය ඔහුට විරුද්ධව සාක්ෂියක් වශයෙන් පාවිච්චි කිරීමට පුළුවන් බැවින් ඔහුගේ විත්ති වාචිකය පොලිසියට ඉදිරිපත් කිරීමේදී ඔහුට අවශ්‍යනම් නීතිඥ සහාය ලබාගත හැකි බව.

මරණීය දණ්ඩනය අහෝසිකළ ගෞරවණීය ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ අද (10) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එම අදහස් පල කළේය. එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...





2019-07-10
Advertisement

Find us on Facebook