English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇත්ගොව්වන් වෙනස් වෙති !


ඌව පළාත් සභා මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරු වෙනස්වීමකට භාජනය වී ඇත. එය රටේ සිටින ඇතැම් තරුණ කොටස්වල ප‍්‍රසාදයට හේතුවී ඇති අතර තවත් පිරිසක් ”සජිත් පේ‍්‍රමදාස වෙනුවට ඉතිහාසගත මනාප වාර්තාවක් තැබු හරීන් ප‍්‍රනාන්දු” වඩාත්ම සුදුසු යැයි කියති.


එහෙත් ජෝශප් මයිකල් පෙරේරා  හැරිසන් සිල්වා  රවි කරුණානායක  රෝසි සේනානයක රන්ජිත් මද්දුමබණ්ඩාර යනාදි පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්/වරියන් පැවසුවේ මෙය ඉතාමත්ම යහපත් ජයග‍්‍රහණය කරා මෙහෙයවිය හැකි ඉතාම හොඳ වෙනස්වීමක් කියාය. සජිත් පේ‍්‍රමදාසගේ නව පත්වීම එනම් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධූරය පිළිබඳව තමන් මීට වසර දෙකක කාලයක් තිස්සේ යෝජනා කළ දෙයක් යැයි ජෝශප් මයිකල් පෙරේරා උද්දාමයෙන් යුතුව ප‍්‍රකාශ කළේය. 

අලූත් වෙනස්වීම්වලට අනුව සජිත් පේ‍්‍රමදාස නියෝජ්‍ය නායක, රවි කරුණානායක උප නායක , රන්ජිත් මද්දුමබණ්ඩාර ජ්‍යෙෂ්ඨ උප සභාපති , එරාන් වික‍්‍රමරත්න භාණ්ඩාගාරික, අඛිල විරාජ් කාරියවසම් නියෝජ්‍ය මහලේකම්, තලතා අතුකෝරාල මැතිවරණ කටයුතු සම්බන්ධ ලේකම් ලෙසට ද හරින් ප‍්‍රනාන්දු යොවුන් පෙරමුණේ සභාපති ලෙසටද පත් වී ඇත.

- MMP




2014-09-23
Advertisement

Find us on Facebook