English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණය තවදුරටත් දඬුවමක් නොවන බව සහරාන් සහ පිරිස ඔප්පු කළා - විමුක්ති ජයසුන්දර


මරණය තවදුරටත් දඬුවමක් නොවන බව සහරාන් සහ පිරිස ඔප්පු කළා
ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර

මරණ දණ්ඩනය වගේ එකක් නැති කළ යුතුයි, මරණ දඩුවම අවශ්‍ය නෑ කියන එක ගැන ලෝකයේ රටවල් අතර, මුලින්ම 1970 ගණන් වල එකඟවුනු රටක් ලංකාව. එතකොට ඒ රටවල් නැවත වතාවක් වෙනස්කම් රැසක් කරගත්තා මරණ දඬුවමත් නැති කළා. අපි ආපහු කියනවා මරණ දඬුවම  ඕනා කියලා. කොහොමද එහෙම වුනේ කියලත් හිතාගන්න අමාරුයි. නොතේරෙන දේ තමයි, මරණය දඩුවමක් විදියට දීපු යුගයක් තිබුණා ලෝකේ. ඒ මරණය පිළිබඳව තිබුණු දැඩි බිය, කුතුහලය, තිබුණු යුගයක් තිබුණා. අද වෙනකොට මරණය කියන්නේ ඒතරම් පීඩාකාරී, අදහසක් නෙමෙයි මරණය කියන්නේ.

මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් අපේ‍්‍රල් 21 වෙනි දින ප‍්‍රහාරයට ආපු සියළුම දෙනා මරණය දේශපාලන අරමුණකින් තොරව තම ආත්මය නිදහස් කරගැනීම හෝ වෙනත් අදහසකින්, මරණය සිදුකරගත්ත පිරිසක්. මරණය කියන්නේ ඒගොල්ලන්ට අනුව දිව්‍යලෝකේ යන වැඩක්. ඔවුන්ට අනුව මරණය කියන්නේ ඔවුන්ට අනුව දුකක් නෙමෙයි. ඒ වගේම අපි දන්නවා මේ රට සියදිවිනසා ගැනීමේ ඉදිරියෙන්ම සිටින රටක්. ඒ ය මැරෙන්නේ කොහොමද? ඒ අය මැරෙන්නේ දඩුවමක් විදියටද තමන්ට ? ඔවුන් ඒ දඬුවම දෙන්නේ සමාජයට ඔවුන්ගේ මානසික තත්ත්වය අනුව.

ඒ දඬුවමම අපි සමාජයට දඬුවමක් විදියට දෙන්නේ කොහොමද? පුද්ගලයෙකුව මරණ දඩුවමකට යටත් කරනවා කියලා කියන්නේ එහෙමනම් මරණය නෙමෙයි. ඒක මරණයට මෙහායින් තියෙන්නේ  ඕන දෙයක් දඬුවම ඇත්ත දඬුවමක් නම්. ඒ දඬුවම හිරගෙයක් අස්සේ මිසක, ¥ෂණය කරන, අපරාධ කරන මේ සමාජයේ දී හැසිරීමනේ ප‍්‍රශ්නේ තියෙන්නේ. ඒ පුද්ගලයට දෙන්න පුළුවන් දඬුවම තමයි සමාජයෙන් වෙන් කිරීම. සමාජයෙන් වෙන් කළාම අපරාධකරුවන්ට අපරාධ කිරීමට හැකියාවක් නැහැ. වෙන් කරන පුද්ගලයා සම්පූර්ණයෙන් හුදෙකලා පුද්ගලයෙක් බවට පත්වෙනවා. එතන තමයි දඬුවම තියෙන්නේ. ඒ අදහස තුළ ඉඳගෙන ලෝකය අද විවිධ ක‍්‍රම රැුසක් තියෙනා දඬුවම් සම්බන්ධයෙන්. යම් කෙනෙක්ට අතීතය අමතක කරවන්න පුළුවන් ක‍්‍රම තියෙනවා. විද්‍යාත්මතව ඔප්පු කළ ඒවා, පර්යේෂණයන් මගින් සොයාගත්ත දේවල් තියෙනවා. මනුෂ්‍යයාට වෙනත් ආකාරයකින් පරිවර්තනයක් කරන්න පුළුවන් කියලා. එවැනි පුනරුත්තාපන ක‍්‍රම තියෙනවා. ඔහු නැවත සමාජයට මුදාහරිනවද කියන ප‍්‍රශ්නෙත් නෙමෙයි. සම්පූර්ණයෙන් කළුවර කාමරයක දාලා තියෙනවා කියලා දඬුවමක් විදියට. ඔහුව මැරුවා හෝ ඒ පුද්ගලයා ඒ කාමරේ හිටියා හෝ නැතා හෝ මට තියෙන ප‍්‍රශ්නේ මොකක්ද? කළුවර කාමරයක ඉන්න මිනිසෙක් හිටියත්, නැතත් මට කොහොමද බලපෑමක් වෙන්නේ ඔහු මැරුණා කියලා ? සියදිවිනසාගත්තොත් ඒත් මට කොහොමද බලපෑමක් වෙන්නේ? කවදාවත්ම කරන අපරාධයකක්, දෙන මරණ දඩුවමක් අතර කිසිම සම්බන්ධයක් අපිට හොයාගන්න බෑ.

මරණ දඩුවමකට නියම වෙන අපරාධකරුවා අඩුම ගානේ අවුරුදු 10,15ක් නඩුවක් අහලා තමයි ඒ තත්ත්වයට පත්වෙන්නේ. ඒවන විට සමාජයේ ඒ අපරාධ සම්බන්ධයෙන් අදහස් වෙනස් වෙලා. අපේ රටේ නීති පද්ධතිය තුළ අපි විශාල කාලයක් නඩු අහනවා. එතකොට මේකට සෘජු බලපෑමක් ඇතිි කරවන්නේ කොහොමද? මත්ද්‍රව්‍ය වලට සම්බන්ධව පිරිස් පැමිණෙන්නේ පතාලයෙන්. පාතාලය කියලා කියන්නෙම පාතාලයේ ජීවත්වෙන මිනිහා, ඒ කියන්නේ හිරේ යන්න ඉතුරු වෙන මිනිහා, මරණයට මුහුණ දීපු, ඊට කලින් නොමැරී මැරුණු, ඊටත් වඩා ප‍්‍රචණ්ඩත්වය සූදානම් මරණය  ඕනම වෙලාවක බාරගන්න පුළුවන් මනුස්සයෙක්. ඉතින් එයාගේ දඬුවම වෙන්න වුනොත් එහෙම ඒකෙන් වැඩක් වෙන්නෙත් නැහැනේ. එතකොට ඒක කොහොමද දඩුවමක් වෙන්නේ. පාතාලේ මිනිස්සු හිරේ යන ගානට බේරිලා ඉන්නවා කියන්නෙම අඩුම ගානේ වෙඩි 10 කින්, 15 කින් බේරිච්ච මිනිස්සු, මරණයත් එක්ක සෙල්ලම් කරපු මිනිස්සු. එවැනි කෙනෙකුට මරණය කියන එක දඩුවමක් නෙමෙයි. ජීවිතය මගහැර යාමක්. ඊට කලින් සිද්ධියක් වුනා වගේ.

මේ ප‍්‍රශ්නය පිළිබඳ අපේ තියෙන නෙැහිකියාව පේනවා. මෙවැනි තත්ත්වයක් වලක්වා ගන්න අපිට දියුණු නීති පද්ධතියක්. දියුණු අධිකරණ පද්ධතියක්. දියුණු සිරමැදිරි. ඔවුන්ව නිසි පරිදි තියාගන්න. පුනරුත්තපනය කිිරීම. දඬුවම දෙන ක‍්‍රමවේදයන් වඩාත් සමාජයට දැනෙන ආකාරයට දඩුවම් කිරීමේ හැකියාවන්. මේවා ගැන සොයා බලනවා මිසක, මරණ දඬුවම කියන කිසිම වැදගත්කමක් නැති, මේ මොහොතේ කොහොමවමත්ව එකඟ වෙන්න බැරි. තර්කානුකූල නොවන අදහසක්. ඒක ම්ලේචඡුත්වය කරා යන ගමනක් මිසක, අපරාධකරයන්ට දඩුවමකුත් නෙමෙයි. ඒක ආපහු පැමිණෙන ගෝති‍්‍රක අදහසක්. කාලානුරූපව ලැබුවොත්, රජකාලේ කරපු දඬුවම් අපිට වැඩක් නෑ අද. ඒවයින් මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. ඒක අද මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා. අද වෙනස් කරන්න පුලූවන් ක‍්‍රමවේද තියෙනවා. ඒවට යොමුවෙනවා මිසක, විකල්පයක් රහිත වුනා කියලා තමන් යටතේ හිරබත් කන, තමන් විසින් යටත් කරගෙන සිටින මිනිහෙක්ව මරලාදාලා කොහොමද අපි මනුෂ්‍යයත්වය ගැන කතා කරන්නේ? මැරුණට පස්සේ ඒ පුද්ගලයාගෙන් අපිට අහන්න බෑනේ මැරෙනකොට බය හිතුනද කියලා? එහෙම දෙයක් නැහැ.

මරණය පිළිබඳ අත්දැකීම දඬුවමක් නෙමෙයි කියන එක අද වෙනකොට සහරාන් ඇතුළු පිරිස අපිට පෙන්නලා දීලා තියෙනවා. තවදුරටත් රජයක් මැදහත් වෙලා සිරබත් කාල ඉන්න, පුද්ගලයන්ව මරණයට පත් කරවනවා කියන එක, ප‍්‍රයෝගික නොවන, සමාජයට කිසිඳු බලපෑමක් ඇති නොවන දෙයක්.






2019-07-07
Advertisement

Find us on Facebook