English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගෝටාගේ ජෙෆ්රි බාවාට වැඩ වරදියි.


ගෝටාගේ ජෙෆ්රි බාවාට වැඩ වරදියි.
මුදිත ජයකොඩි සමාගම මිලියන 32 ක් ආපසු ගෙවිය යුතු බව තීරණය වේ!


රටේ අන්ධකාරම යුගයකදී සිදුවූ අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව සඳහාිනිල උපදේශන සේවාව‘  සැපයූ මුදිත ජයකොඩි සමාගම විසින් අයථා ලෙස ලබාගත් වැඩිපුර මුදල් ආපසු ගෙවිය යුතු බව මේ වන විට රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

‘කන්ට‍්‍රැක්ට් එක ටෙන්ඩර් කෝල් කරන්නැතුව මුදිත ජයකොඩිගෙ ෆර්ම් එකට දෙන්න කියල ගෝඨාභය මගෙන් ඉල්ලූ‍වා‘ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මෙසේ පවසන්නේ 2016 වසරේ මූල්‍ය අපරාධ අංශය
(FCID) හමුවේ ය. ඔහු ඒ කීවේ මතභේදයට තුඩු දුන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ගැන පවා නොවේ. මූල්‍ය අපරාධ අංශය පිහිටා තිබෙන ගොඩනැගිල්ල ගැන ය. මුදිත ජයකොඩි අතිශය උද්ධච්ඡු ආකාරයටි‘මේකත් මම හැදුවේ‘ යැයි ප‍්‍රශ්නකිරීම්වලදී පවසා තිබූ අතර, ඒකත් ඔහු ගත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව බව හිටපු මහබැංකු අධිපතිවරයාට හෙළිදරව් කිරීමට සිදුව තිබුණේ ඒ අන්දමිනි.

මුදිත ජයකොඩිලා ඒ කාලයේ කොයි කොන්ත‍්‍රාත්තුවත් ගත්තේ පිළිගත් නීතියට පිටිනි. ඔහු හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂගේ ගජ මිතුරෙකි. මේ මිත‍්‍රකම කෙතෙක්ද යත් ගෝඨාභය හා බැසිල්ගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉදිකර ඇති නිවෙස් සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා ඔවුන් විසින් මුදිත ජයකොඩි ව දෙවතාවක් ලොස් ඇන්ජලීස් වෙත පිටත් කර යවා තිබිණි.



ලංකා නිව්ස් වෙබ්, බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය සහ කොම්පඤ්ඤ වීදියේ යුධ හමුදා පාසල සැලසුම් කිරීමේ හා ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තු පිළිබඳ 2016 මැයි 24 වැනිදා අනාවරණය කරන්නේ මෙසේ ය.

‘‘මුදිත ජයකොඩි මෙම මහා පරිමාණ ව්‍යාපෘති දෙකම අත යටින් ලබාගෙන ඇත්තේ තම ආයතනය පිළිබඳව යුධ හමුදාවට අමූලික බොරු පවසමිනි. ඔහු යුද හමුදාවට පවසා ඇත්තේ තමා යටතේ ගෘහ නිර්මාණ ශිල්පීන් විසි දෙනෙකු හා ඉංජිනේරුවන් තිස් දෙනෙකු පූර්ණ කාලීනව සේවය කරන බවයි. නව රජය බලයට පත්වීමෙන් පසු කැබිනට් අනු කමිටුවක් මගින් මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙළි වූ කරුණු මත පිහිටා මෙකී කොන්ත‍්‍රාත්තුව අවලංගු කර ඇත.‘‘  

අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවාව මුදිත ජයකොඩි ඇසෝසියේට් පුද්ගලික සමාගම
(MJAPL) වෙත ලබා දෙන්නේ 2006 අපේ‍්‍රල් 20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය සහ 2011 පෙබරවාරි 03 වැනිදා සිදුකළ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ය. මේ අතර 2014 ජූලි 18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ දැක්වෙන්නේ මුළු ව්‍යාපෘති පිරිවැයෙන් 1.5% ගෘහ නිර්මාණ උපදේශන සේවා ගාස්තු‘ ලෙස මුදිත ජයකොඩි සමාගම වෙත ලබාදිය යුතු බව ය.

වැඩ නොකළත්ිමිනිස් මාස‘

ආරක්ෂක හමුදා මූලස්ථානය ඉදිකිරීමේ මුළු පිරිවැය රු. මිලියන 400,402 කි. එයින් 1.5%ක් යනු රුපියල් මිලියන 606.3 කි. නමුත්  ව්‍යාපෘතියේ  පළමු අදියරේ මුළු පිරිවැය රු. 55,672,788,535.00 ක් වන අතර, ඒ අනුව මුදිත ජයකොඩි සම්පූර්ණ පළමු අදියර සඳහාම උපදේශන සේවා නිසි පරිදි සැපයූයේ නම් ඔහුගේ සමාගමට ගෙවිය යුතු මුළු මුදල රු. 835,091,828.03 ක් යැයි පසුව ගණන් බලනු ලැබේ. එය සිදු කර තිබුණේ 2014 ජූලි 18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුවි‘ඉටු කර ඇති වැඩ ප‍්‍රමාණය අනුව ප‍්‍රමානුකූලව ගණනය කළ උපදේශන ගාස්තු, ඉහත සඳහන් මිල ගණන් හි උපරිම ප‍්‍රමාණය හෝ ව්‍යාපෘතියේ සමස්ත වියදමෙන් 5.5% ක් යන දෙකෙන් අඩු අගය මත ගෙවීම් කිරීමට යටත්ව අනුමැතිය ලබාදීම‘ සිදු කරමිනි. ඒ අනුව උදා වී තිබුණේ මුදිත ජයකොඩි සමාගම ලබාදෙන බිලට ගෙවීම් සිදුකරන තත්වයකි.ි..යන දෙකෙන් අඩු අගය මත‘ යන වචන එහිදී බලධාරීන්ට අමතක වේ.

මුදිත ජයකොඩි දිගටම උපදේශන සේවා සැපයුවේය. 2011 ඔක්තෝබර් 1 වැනිදා පටන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා උපදේශන සේවා සපයා ඇති බව ඔහු කියා සිටියේය. මේ සියල්ල සිදුවන්නේ  කිසිදු ගිවිසුමකින් තොරව ය. එය තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශයේ පළමුවැනියටම සඳහන් වන වාක්‍යයයි. විධිමත් ගිවිසුමකින් තොරව ලංකාවේ ආණ්ඩුව සමග කොන්ත‍්‍රාත්තු කිරීමට තරම් අසාමාන්‍ය සිවිල් බලයක් රට කරවන අය විසින් ම මුදිත ජයකොඩි ට ප‍්‍රදානය කර තිබිණි. මුදිත ජයකොඩි සිය බිල යැව්වේිමිනිස් මාස ක‍්‍රමය‘ට ය.  2014 ජූලි 18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ඔහුගේ සමාගමට ගෙවීම් සිදුකිරීම අත්හිටවූ පසුවත් නැවත නොවැම්බර් මාසයේ සිට 2016 සැප්තැම්බර් 30 දක්වාම ඔහුගේිමිනිස්සු, මාස ගණන් වැඩ කරමින්‘ මිනිස් මාස ගණන ඉහළ දමමින් මේ මුළු කාලය වෙනුවෙන් ගෙවිය යුතු මුළු උපදේශන සේවා ගාස්තුව රුපියල් 901,942,058.03 ක් බව කියා සිටියේය.



තොරතුරු කොමිසමේ මැදිහත් වීම

අනතුරුව සිදුවූ රටේ දැවැන්ත දේශපාලන පෙරළිය හේතුවෙන් රාජපක්ෂවරුන්ට නොසිතූ ලෙස බලයෙන් ඉවත්වන්නට සිදුවූ විට, නව රජය 2015 අගෝස්තු මස 5 වැනිදින කමිටුවක් පත් කළේය. ජී.එස්. විතානගේ ගේ ප‍්‍රධානත්වයෙන් යුතුව පත් කළ එම කමිටුවේ වාර්තාවිවිතානගේ කමිටු වාර්තාව‘ යනුවෙන් හැඳින්වේ. මෙම කමිටු වාර්තාව අදාළ උනන්දුසහගත පාර්ශවයන්ට ලබාගන්නට විශාල පරිශ‍්‍රමයක් දරන්නට සිදුවූ බව දන්නෝ දනිති. කමිටු වාර්තාිප‍්‍රසිද්ධ ලේඛන‘ බව 2017 පෙබරවාරි 4 වැනිදා පටන් රට තුළ ක‍්‍රියාත්මක නව තොරතුරු නීතිය (2016 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත* අතිශය පැහැදිලිව සඳහන්කර තිබියදීත් 2018 වසරේදී පවා ආණ්ඩුවේ බලධාරීහු එයිරහස්‍ය ලේඛනයක්‘ සේ පවත්වාගැනීමට උත්සාහ කළහ. එහිදී ඔවුන් අමතක කළ කරුණු 2 ක් විය. එකක් නම්, ලංකා නිව්ස් වෙබ් වැනි මාධ්‍ය විසින් ඒ වන විටත් සම්පූර්ණ විතානගේ වාර්තාව ප‍්‍රකාශයට පත් කර එය විවෘත සහ ප‍්‍රසිද්ධ ලේඛනයක් බවට පත් කර තිබූ බව ය. දෙවැනි කරුණ නම්, තොරතුරු කොමිෂන් සභාව නමැති ප‍්‍රබල ව්‍යූහය රට තුළ ක‍්‍රියාත්මක වන බව ය. අවසානයේ විතානගේ කමිටු වාර්තාව ඒ වන විටත් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධියට පත් කර තිබීම යනිප‍්‍රබල කරුණ‘ සැලකිල්ලට ගනිමින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව මෙයට මාස කිහිපයකට පෙර එය මුදා හැරීමට නියෝග කළේය. වසර 2 ක් තිස්සේ තොරතුරු කොමිසම ඉදිරියේ, එම වාර්තාව ලබාදිය නොහැකි බව පවසමින් නීතිපති දෙපාර්තමේන්තුව නැටූ නාඩගම, ලංකාවේ පරිපාලන ඒකාධිකාරය ගැන වෙනම ලිවිය යුතු කතාවකි.

පිටු 9 කින් යුත් විතානගේ කමිටු වාර්තාව පුරාම තිබෙන්නේ මුදිත ජයකොඩි සමාගම විසින් මහජන මුදල් කාබාසිනියා කර ඇති අන්දම ගැන ය. මිනිස් මාස ගණන වවාගත් ආකාරය පිළිබඳව ය.

රාජපක්ෂ අවතාර තවමත්..?

නමුත් මේ අවස්ථාව දක්වා ද අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානයේ වැඩ නිම කර තිබුණේ 54.8% කි. එනම් දළ වශයෙන් බාගෙට ය. මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් සමාගම නොකළ වැඩ සඳහා ද උපදේශන සේවා ලබාදෙමින් වැඩිපුර රුපියල් මිලියන 32 ක ජනතා මුදලක් කිසිදු අපහසුවකින් තොරව ලබාගෙන තිබුණේ එසේ ය.ි‘විධිමත් ගිවිසුමක් තිබුණේ නම් මේ තත්වය වළක්වා ගත හැකිව තිබූ බව‘‘ 2019 මැයි 23 අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවේ පැහැදිලිව සඳහන් වන්නේ මේ පසුබිම තුළ ය.  

දැන් සියල්ල පැහැදිලි වෙමින් තිබේ. එම් ඕඞී/සීපී/එෆ්ඞී/42/2019 දරණ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවේ 2019 මැයි 23 දිනැති අමාත්‍ය මණ්ඩල සටහනේ අවසන් පිටුවේ දැක්වෙන කමිටු නිර්දේශ 3 මෙසේ ය.

‘‘(අ ) පහත කරුණු පැහැදිලි කරමින් අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරන ලෙස.

1. උපදේශන ගාස්තු සඳහා මුළු ව්‍යාපෘති පිරිවැයෙන් 1.5% ක් ලෙස නැවත සකස් කරන ලද ඉංජිනේරු ඇස්තමේන්තුව වන රුපියල් 835,091,828.03 මත දනම් වූයේ නම් සම්පූර්ණ කරන ලද වැඩ ප‍්‍රමාණය වූ 54.8% සඳහා සත්‍ය වශයෙන් සිදුකරන ලද වැඩිපුර ගෙවීම් රුපියල් 32,948,764.58 ක් බව.

11. උපදේශක විසින් කාලය දීර්ඝ කිරීම මත හිමිකම්
(EOT) ඉල්ලූ‍ම් නොකිරීම හේතුවෙන් සත්‍ය වශයෙන් සිදුකරන ලද වැඩිපුර ගෙවීම් රුපියල් 32,948,764.58 ලෙස සැලකිය යුතු බව.

(ආ) මුදිග ජයකොඩි ඇසෝසියේට් පුද්ගලික සමාගම වෙත වැඩිපුර ගෙවන ලද මුදල් නැවත අයකර ගැනීමට නීති උපදෙස් විමසා කටයුතු කල යුතු බව.‘‘

මේ වන විට ආරක්ෂක අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉහත නිරේදේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය අපේක්ෂා කර තිබේ.

මුදිත ජයකොඩි සමාගමෙන් මේ සා දැවැන්ත මුදලක් නැවත අයකරගන්නේද නැත්ද යන්න ගැන දැන් මුළු රටම බලා සිටියි. නව රජය බලයට පත්වූ පසුවත් මුදිත ජයකොඩි ඇසෝසියේට්ස් සමාගම විසින් තවදුරටත් සේවා සැපයීම, විතානගේ කමිටු වාර්තාව නිදහස් කිරීමට 2019 වසරේ මුල භාගයේ පවා බලධාරීන් විරුද්ධ වූ හැටි යනාදී පරස්පර කරුණු අපට ඉඟි කර සිටින්නේ තවමත් පාලන තන්ත‍්‍රය තුළ පවතින රාජපක්ෂ අවතාර ගැන ය. මුදිත ජයකොඩි ඇසෝසියේට්ස්, මේ සා මහජන මුදල් වංචාවක් සිදුකර තිබියදීත් මුදිත ජයකොඩි මේ සා ආත්ම විශ්වාසයකින් යුතුව නිදහස් සමාජයේ හැසිරෙමින් සිටින්නේ ඒ නිසා ය. නමුත් මැතිවරණ අත ළඟ ය. සිදුවන්නේ කුමක්ද යන්න ගැන විමසිල්ලෙන් බලා සිටින අය බොහෝ ය.

www.lankanewsweb.net/sinhala


2019-07-06
Advertisement

Find us on Facebook