English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


එල්ලන්න ගොස් රටක් ප‍්‍රපාතයට හෙලීම!
එල්ලන්න ගොස් රටක් ප‍්‍රපාතයට හෙලීම!



මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු කිරීම සදහා මේ රටේ හැට දෙලක්ෂකට වැඩි මහජනතාවගේ ආශිර්වාදයෙන් පැමිණි නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා දැන් දැන් කරන කටයුතු පිළිබදව වගකීම ඔහු මේ තනතුරේ පිහිටුවීමට වෙහෙස වූ කිසිම පුද්ගලයෙකු විසින් නොදරනු ඇති බව නම් ඒකාන්තය.

2015 ජනාධිපතිවරණ සටනින් ඔහු පැරදුනා නම්, අඩි හයක් යට වැලලීමට නියමිතව සිටි බවටත්, මහින්ද රාජපක්ෂ ඇතුලූ රෙජීමය විසින් පුද්ගලික ඔහුට කල කෙනෙහෙලි හා රටට කළ විනාශයන් හා අපරාධයන් සම්බන්ධව කදුලූ සලමින් කළ ප‍්‍රකාශ ඉතා කෙටි කලකින් අමතක කර, නීතිඥාණුකූලව පත් වූ ආණ්ඩුව කුමන්ත‍්‍රණකාරී ලෙස පෙරලා දමා අපරාධ, දුෂණයන්ට හා විනාශයන්ට සම්බන්ධ බවට ඔහු විසින්ම ප‍්‍රකාශ කළ පුද්ගලයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් පත්කිරීමට උත්සාහ ගැනීමෙන් පසුව ඔහු පිලිබදව කිසියම් තැනැත්තෙකුට අංශු මාන්ත‍්‍රයක හෝ විශ්වාසයක් පැවතියේ නම් එයත් 2018 ඔක්තෝබර් 26 වනදායින් පසුව ඔහු විසින්ම වළදා දමනු ලැබීය.

පුද්ගලයෙකු ලෙස කිසියම් තැනැත්තෙකු විසින් කරනු ලබන කි‍්‍රයාවන් පිළිබදව අප එතරම් සැලකිල්ලක් නොදැක්විය යුතු වුවත්, රටක රාජ්‍ය නායකයෙකු, සේනාධිනායකයෙකු රාජ්‍ය ප‍්‍රධානියා ලෙස කරනු ලබන කි‍්‍රයාකාරකම් හේතුවෙන් ඉන් මුලූ රටම ප‍්‍රපාතයට වැටේ නම්, ඒ පිළිබදව සිහිබුද්ධියක් සහිත ජනතාවක් කිසිසේත් නිහඩව නොසිටිය යුතුය.

රාජපක්ෂ රෙජීමය සමයේ දී ගෙන ගිය මානව විරෝධී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාකලාපයන්ට එරෙහිව යහපාලන රජය විසින් ඇති කරනු ලබූ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රථිසංස්කරණයන් පිළිබදව පක්ෂ විපක්ෂ ශී‍්‍ර ලාංකික පුරවැසියන් පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාවගේ නොමද ප‍්‍රසංසාවට ද පත් විය. ඉතා කෙටි කලක් තුළ ඇති කළ එම වෙනස නිසා ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් හි පැවති රාජ්‍ය නායක සමුලූ සදහා නැවතත් අපට ආරාධනා ලැබුනු එම රාජ්‍යයන් හි දී අප රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ලක් විය. එමෙන්ම, ඒම කෙටි කලාය තුල ඇති කරනු ලැබූ වෙනස්කම් සම්බන්ධව ඇගයීමටද භාජනය විය.

මේ හේතුවෙන් යුරෝපීය රටවල් සදහා භාන්ඩ 7200ක් අපනයනය කිරීමේ දී ශී‍්‍ර ලංකාවට ලබා දී තිබු GSP+ බදු සහන නැවත ලබා ගැනීමට ද රට තුළ ඇති කරනු ලැබූ එම 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුලූ දේශපාලණ හා මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ කරනු ලැබූ ප‍්‍රථිසංස්කරණයන් හේතු විය. එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව ඇතුලූ ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීමත්, එහි කි‍්‍රයාකාරීත්වය ශක්තිමත් කිරීමත් මෙම සහන ලැබීමට පිටුවහලක් විය.

විශේෂයෙන් මෙම GSP+ බදු සහනය ලබාගන්නා රටවල් යුරෝපය වෙත අපනයනය කරනු ලබන භාණ්ඩයේ තත්ත්වය හා ගුණයට අමතරව එරට කි‍්‍රයාත්මක කම්කරු, පාරිසරික, යහපාලනය සම්බන්ධ නීති හා අනෙකුත් මානව හිමිකම් නීති එම රට තුළ කි‍්‍රයාත්මක වන ආකාරය ද නිරීක්ෂණය කරනු ලැබේ. 2005 වසරේ අපට ලැබුන මෙම බදු සහනය 2010 වසරේ දී නොලැබී යාමට ප‍්‍රධාන හේතුවක් වුයේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලණ අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) වධ හිංසාවෙන් හා අනෙකුත් කෲර හා අමානුෂික කි‍්‍රයාවන්ට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය (CAT) හා ළමා අයිතිවාසිකම් පිළිබදව සම්මුතිය (CRC)  නිසි ආකාරයෙන් රට තුළ කි‍්‍රයාත්මක නොවීම පදනම් කර ගනිමිනි.

2015 දී පත් වූ රජය විසින් යහපාලන ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැන්වීම හා මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ඇති කරනු ප‍්‍රථිසංස්කරණයන් හේතුවෙන් මෙම GSP+ බදු සහනය නැවත කෙටි කලකට ලබා දුන් අතර, එම කි‍්‍රයාවලිය අධීක්ෂණයකට යටත්ව සිදු වේ. මෙම සහනය නැවත ලංකාවට ලැබීමෙන් පසුව විශේෂයෙන් මත්‍යස, මුතු මැනික්, කුලූබඩු අපනයනෙහි විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධවත්, ස්වාධීන කොමිෂන් සභා විශේෂයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන විවේචන, අධිකරණයට අපහස කිරීම නිසා දඩුවම් ලැබූ පුද්ගලයන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමත්, වසර 43ක් තිස්සේ කි‍්‍රයාත්මක නොවූ මරණ දඩුවම නැවත ශී‍්‍ර ලංකාව වේ කි‍්‍රයාත්මක කිරීමට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කිරීම වැනි කරණා මත ශී‍්‍ර ලංකාව වෙත ලබා දී තිබූ GSP+ බදු සහනය ඇතුලූ බොහෝ සහනයන් අපට අහිමි වීමට නැවතත් ඉඩ තිබේ.

තිස් අවුරුදු යුද්ධයත්, කලක සිට ගොඩනැගී ඇති දුෂණ හා වංචාවන්, නිරන්තරයෙන් නිර්මාණය වන දේශපාලණ අස්ථාවරත්වයන්, පසුගිය දා ඇති වූ පාස්කු ප‍්‍රහාරයෙන් හේතුවෙන් රට ආර්ථික වශයෙන් විශාල කඩා වැටීමකට මුහුණ දී ඉන් ක‍්‍රමයෙන් ගොඩ එමින් සිටි මොහොතක, දුර දිග නොබලා ගනු ලබන මෙවැනි අමනෝන්‍ය තීරණයන් හේතුවෙන් GSP+ බදු සහනය වැනි සහන නැවත අප රටට අහිමි වීමට බොහෝ ඉඩ ඇති අතර, ඉන් පීඩාවට පත්වනු ලබන්නේ මේ රටේ අපනයන කරැවන් පමණක් නොව සමස්ථ ශී‍්‍ර ලංකික ජනතාවම බව වටහා ගත යුතුව ඇත.     

 
           
   
 

 




2019-07-05
Advertisement

Find us on Facebook