English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හොස්නි මුබාරක් වගේ අයටත් ජනතා විරෝධය නිසා යන්න වෙලා තියෙනවා - ජනාධිපති නිතිඥ විජේදාස රාජපක්‍ෂ
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සහ තෙවන වර ජනාධිපතිධුර වාසනාව උරගා බැලීමට සුදානම්වීම පිළිබඳව ජනාධිපති නිතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා රාවය පුවත්පතෙහි රවිඳු උඩුවරගෙදර සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡවයි.
 

ජනාධිපති ධුරයට තිබෙන බලතල පාවිච්චි කරලා තමාට තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමේ බලයක් මහින්ද රාජපක්ෂට තියෙනවාද?


ඔහුට හැකියාවක් නැහැ. හේතුව මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා තෙවැනිවර ඉදිරිපත්වීම හෝ නොවීම ඔහුගේ පෞද්ගලික තීරණයක්. අධිකරණයේ කාර්යය වෙන්නේ නීතිය අර්ථ නිරූපණය කිරීම. ඔහුගේ තෙවැනි ධුර කාලය පිළිබඳ ගැටලූව පෞද්ගලිකව ආව නීති තර්කයක්. එය ඉදිරිපත් වුණේ අධිකරණයකට නෙවෙයි. අනෙක් අතට කාගෙවත් පුද්ගලික දෙයක් ඔහු විසින්ම පත්කරපු විනිශ්චයකාරයන්ගෙන් විමසීම නීතියේ මූලික සිද්ධාන්ත විනාශ කිරීමක්. අධිකරණයේ අර්ථ නිරූපණ කාර්යය කියන්නේ රටේ ඉදිරි කාලයට වැදගත් වන කරුණු සාකච්ඡුා කිරීම මිසක් පුද්ගලික කාරණා හොයන එකට නෙවෙයි.

මෙය ඔහුගේ පෞද්ගලික කාරණයක් විදියට නැතිව මීට පෙර දෙවැනි වර දිවුරුම් දුන් සියලූ ජනාධිපතිවරුන්ට බලපාන ප‍්‍රශ්නයක් විදියට ගෙනාවොත් එය පොදු කාරණයක් වේවිද?

එහෙම තර්කයක් ගේන්න බැහැ. මූලිකම දේ තමයි එහෙම වෙනත් කෙනෙක් ජනාධිපති වරණයට ඉදිරිපත් වෙලා නැහැ. අනිත් එක එහෙම අයගෙත් දැන් ජීවතුන් අතර ඉන්නේ චන්ද්‍රිකා විතරයි. ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප‍්‍රකාශ කරලා නැහැ. එහෙම වුණත් මෙය පෞද්ගලික කාරණයක් තමයි. ඒ ගැන අර්ථ නිරූපණ විමසන්න ජනාධිපතිට බලය නැහැ.

කොහොම වුණත් මේ වෙනකොට ජනාධිපතිවරයා අධිකරණ මතය විමසලා තියෙනවා. ප‍්‍රසිද්ධ අධිකරණයේ නැතිව සංවෘතව මෙවැනි කාර්යයක් විමසන්න බලයක් තියෙනවාද?

පළවෙනි කාරණය මහින්දට ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න බැහැ. අනෙක් කාරණය ශ්‍රේෂ්ඨාධිකරණ මතයක් විමසන කොට ඉතාමත් කලාතුරකින් හැරුණු කොට එය කළයුත්තේ ප‍්‍රසිද්ධියේ. හොරෙක් ගෙවල් අස්සේ ඉඳගෙන අධිකරණ කටයුතු කරන්නේ නැහැ. ඒ සඳහා පූර්වාදර්ශ නැහැ. මෙය රාජ්‍ය රහස් හෙළිදරව් වන සංවේදී කාරණයක් නෙවෙයි. ආරක්ෂක අමාත්‍යාංශය චන්ද්‍රිකාට තබාගත හැකිද කියන කාරණය විමසුවා වගේ නෙවෙයිනේ. මෙය මීළඟ ජනාධිපතිවරණය පවත් වන්නේ 2005ද 2006ද කියන කාරණය විභාග කළා වගේ කටයුත්තක්. ඒ නඩුව සරත් සිල්වා මහත්මයා ගත්තේ ප‍්‍රසිද්ධියේ. ඕනෑම කෙනෙකුට ඇවිත් කරුණු දක්වන්න පුළුවන් විදියට. මහින්ද ජනාධිපතිවරණයට එනවා නම් එය සර්වජන ඡුන්ද බලයට බලපාන කාරණයක් වෙනවා. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තියෙනවා ඕනෑම කෙනෙක්ට ඒ විමර්ශනයේදී කරුණු දක්වන්න.

ඒ කියන්නේ මේක පොදු කාරණයක්ද?

මූලික වශයෙන්ම මෙය පුද්ගලයෙකුගේ අපේක්ෂකත්වය පිළිබඳ කාරණයක්. අධිකරණ විවරණ බලය ඉදිරියේ එය පෞද්ගලික කාරණයක්. එහෙත් මෙවැනි පුද්ගලයෙක් තෙවැනි වරට ඉදිරිපත්වීම ප‍්‍රජා තන්ත‍්‍රවාදයට මරු පහරක්. සර්වජන ඡුන්ද බලය පැත්තෙන් එය පොදු කාරණයක් වෙනවා. ඒ නිසායි හොරෙන් කාමර ඇතුළේ ඉඳගෙන අධිකරණ මතය විමසන්න බැහැ කියලා කියන්නේ.

සංවෘත අධිකරණයකදී තීන්දුවක් දුන්නොත් එහි වලංගුභාවය මොන වගේද?

අධිකරණය රහසේ දෙන තීන්දුවක් කොහෙත්ම විශ්වාස කළ නොහැකියි. පෞද්ගලික කාරණයකට රහසේ තීන්දු ලබාදීම විසින් තීන්දුවේ වලංගුභාවය ප‍්‍රශ්න කරනවා. අධිකරණය මේ වෙනකොටත් පහත්ම තත්ත්වයකට ඇදවැටිලා තියෙන්නේ. නීතියේ ආධිපත්‍යයේ මූලිකම දේ තමයි පාලකයාටත් පාලිතයාටත් සමාන තත්ත්වයක් යටතේ අධිකරණයේ පිහිට ලබාගැනීමට හැකිවීම. පාලිතයා වගේම පාලකයාත් විවෘත අධිකරණයක් ඉදිරියේ ප‍්‍රසිද්ධ අධිකරණ කටයුත්තකට ගෙන ආ යුතුයි. 1215 මැග්නාකාටා ගිවිසුමෙන් ඒක තහවුරු වුණා. 2015 වෙනකොට ගිවිසුම ඇතිවෙලා අවුරුදු 800ක්. එච්චර කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් රැකගෙන ආ සම්ප‍්‍රදායයක් ආපස්සට හරවන්නයි මේ උත්සාහ කරන්නේ. අධිකරණය වැඩවසම් යුගයට ගෙනයන්න හදන්නේ. එංගලන්තයේ ප‍්‍රසිද්ධියේ ලබා දුන් නඩු තීන්දුවලින් රජවරු පවා බලයෙන් පහ කළා. පළමුවැනි ජේම්ස් රජු කරපු වැරදිවලට මරණ දඬුවම පවා ලබා දුන්නා. මේ අය ඊට වඩා අතීතයට යන්න ලෑස්තියි. ප‍්‍රසිද්ධියේ නඩු ඇසීම අධිකරණ ස්වාධීනත්වයේ මූලිකම හරයක්. ගෙවල් ඇතුළෙ හොරෙන් කරන ගනුදෙනු ජනතාව විශ්වාස කරන්නේ කොහොමද? අධිකරණ තීන්දු ලැබිලා විතරක් මදි, ලැබුණෙ කොහොමද කියල පේන්න තියෙන්න ඕනෑ. ඒ විශ්වාසය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩිතාලම.

මෙය විවෘත අධිකරණයකට ගෙනාවොත් කොහොම සිද්ධ වේවිද?

එහෙම වුණොත් එය මහින්දට අවාසිදායකයි. එක පැත්තකින් නීති තර්කය පැහැදිලියි. විවෘත අධිකරණයකදී සියල්ල පේන්න තියෙනවා. ලබාදෙන තීන්දුව මොකක් වුණත් එයට හේතු දක්වන්න සහ විශ්වසනීය වෙන්න ඕනෑ. මේ නිසා අධිකරණය දෙන තීන්දුව ස්වාධීනද කියලා හොඳට පේනවා. මෙය ඔහුට අවාසිදායකයි.

අධිකරණයෙන් ස්වාධීන තීන්දුවක් ලබාදේවි කියලා ඔබ බලාපොරොත්තු වෙනවාද?

අපේ රටේ නීතියේ ආධිපත්‍යයක් නැහැ. අධිකරණයත් ස්වාධීන නැහැ. එය තහවුරු වෙලා ගොඩක් කල් ගතවෙලා. අධිකරණ ස්වාධීනත්වය තියෙනවා කියලා හිතෙනවා නම් ඒක මිථ්‍යාවක්. එහෙම නම් දෝෂාභියෝගවලින් අගවිනිසුරු ගෙදර යවන්නේ නැහැ. ජනාධි පතිට හිතෙන හිතෙන අය අගවිනිසුරු වෙන්නේ නැහැ. නීතිපති දෙපාර්ත මේන්තුව පක්ෂයක නායකයෙක් යටතට ගන්නේ නැහැ. මේ වගේ පසුබිමක ස්වාධීන අධිකරණයක් බලා පොරොත්තුවෙන්නේ කොහොමද?

මූලික වශයෙන් 18 වැනි සංශෝධනයේ තිබෙන නීති විරෝධී බවත් ජනාධිපතිවරයාට තිබෙන නොසුදුසුකමක්. මේ අවස්ථාවේ එයත් සලකා බැලිය යුතු නේද?

දහඅට කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි ව්‍යවස්ථා සංශෝධනයක්. විරුද්ධ පක්ෂ මන්ත‍්‍රීවරු අල්ලස් දීලා මිලට අරගෙන ගෙනා සංශෝධනයක්. හරි නම් ඒ මන්ත‍්‍රීවරු අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරියේ වැරදිකරුවන් කරලා මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න ඕනෑ. මම ප‍්‍රසිද්ධියේ අභියෝග කරලා තියෙනවා එක්කෙනෙකුට හරි තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න කියලා. 18 නිවැරදියි කියලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු වරිය ලබා දුන්නු තීන්දුව තීන්දුවක් විදියට පිළිගත්තත් නිවැරදියි කියලා අපි හිතන්නේ නැහැ. එය හදිසි පනතක් විදියට ගෙනාවේ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකින් හෝ ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබුණේ නැහැ. අඩුම තරමේ ජනමත විචාරණයකට යන්න තිබුණා. අධිකරණ ස්වාධීනත්වය නැති කරන විදියේ තීන්දු දුන්න ශිරාණි බණ්ඩාරනායක මහත්මියටම එහි ප‍්‍රතිඵල විඳින්න සිද්ධ වුණා. දෝෂාභියෝගයකින් ඇය ඉවත් කළා. මේ කාරණා එක්ක මූලික වශයෙන් 18 වැනි සංශෝධනයේ නීති විරෝධීභාවයන් සලකා බැලිය යුතුයි.

දෝෂාභියෝගයේදී පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුවක් පාර්ලිමේන්තුව උත්තරීතර බව පවසමින් නොසලකා හැරියා. මෙවරත් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන තීන්දුවක් දුන්නොත් පාර්ලිමේන්තුව යොදාගෙන එය නොසලකා හරීවිද?

ඒ වෙලාවෙ සිද්ධ වුණේ පාර්ලිමේන්තුව විසින් ලබා දුන්නු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධි කරණය සලකා බැලීම. එතැනදී අන්තිම තීරණය තිබුණේ ජනාධිපති වරයා අතේ. එහෙත් මෙතැනදී ශ්‍රේෂ්ඨාධි කරණය ලබාදෙන තීන්දුව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මැතිවරණ කොමසාරිස් වරයා. ඔහුට බලය තියෙනවා කලින් තියෙන ජනාධිපතිවරණයක් පිළිනොගෙන ඉන්න. ඒ වගේම මහින්දගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කරන්න. ඒ බව මම කලින් වතාවකදී පෙන්වා දුන්නු නිසා තමයි මේ කලින්ම අධිකරණ තීන්දුව ගන්න ලෑස්ති වෙන්නේ. මැතිවරණ කොමසාරිස්වරයාට ලයිසන් එකක් පෙන්නන්න තමයි මේ ලෑස්තිවෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කලින්ම ලයිසන් එක ගන්නයි සූදානම. මැතිවරණ කොමසාරිස් සහ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව කටයුතු කළොත් ජනාධිපති සහ පාර්ලිමේන්තුවට කරන්න දෙයක් නැහැ. ගැටලූව තියෙන්නෙ අර ආයතන දෙකේ ස්වාධීනත්වය ගැන.

පාර්ලිමේන්තුවට 2/3ක බලය තියෙන හින්දා 18 වැනි සංශෝධනය ගෙනල්ලා මහින්දට තියෙන නොසුදුසුකම ඉවත් කරන්න පුළුවන් නේද?

ඉදිරියේ සංශෝධන සීයක් ගෙනාවත් දැන් නොසුදුසුකම පැනවිලා ඉවරයි. මහින්ද දිවුරුම් දෙන්නේ නොසුදුස්සෙක් වන්නේය කියන කොන්දේසියට එකඟ වෙලා. ඒක ඉවත් කරන්න තිබුණු අවස්ථාව 18 වැනි සංශෝධනය. අධිකරණ යෙන් තීන්දුව එනවා නම් එන්නේ 18 වැනි සංශෝධනයෙන් මහින්දගේ සීමාව ඉවත් වෙලා නැහැ කියලා. ඒ තීන්දුව ව්‍යවස්ථා සංශෝධනවලින් වෙනස් කරන්න බැහැ.

මේ ක‍්‍රියාවලිය අධිකරණ ක‍්‍රියාදාමයකට සීමා කරන්න පුළුවන්ද?

මේ රටේ ජනතාව තම තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් ඉදිරියට එන්න ඕනෑ. අධිකරණ තීන්දුව දිහා විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෑල්ලූ කරන අත්තනෝමතික ක‍්‍රියාවලට විරෝධය පෙන්නන්න ඕනෑ. ඌව ඡුන්දය ඒ සඳහා තියෙන හොඳම අවස්ථාවක්. ඌව ඡන්දයේදී ආණ්ඩුවට විරෝධය පෙන්වන්න පුළුවන්. ඒ හරහා පණිවුඩයක් දෙන්න පුළුවන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ගත්ත උත්සාහයත් පරාජය කරලා මූලික වශයෙන් අයිතීන් දිනාගැනීම ජනතාව සතු වගකීමක්.

ඒ සඳහා ජනතාව දැනුවත් වෙන්න ඕනෑ. දේශපාලන පක්ෂයක් විදිහට මේ සම්බන්ධයෙන් ඔබලා අරගෙන තියෙන පියවර මොනවාද?

මේ වෙනකොට මූලික වශයෙන් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘති සිද්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂය විදියට ඌව ඡුන්දයට සමගාමීව අපි ජනතාව දැනුවත් කරනවා. ඡුන්දය අවසාන වුණාම රට පුරා පුළුල්ව මේ පිළිබඳ දැනුවත් කිරීම් සිද්ධ කරනවා. ඡුන්දය නිසා පක්ෂය ටිකක් විසුරුණු ගතියක් තිබෙනවා. එහෙත් එය ඉවර වුණාම අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගැනත් අපි සලකා බලනවා. වඩාත් වැදගත් දේ ජනතාව දැනුවත් කිරීම. ඒකට මාධ්‍යවල සහයෝගයත් අවශ්‍යයි. එහෙත් මාධ්‍යවල සහය ලැබෙන්නෙ නැහැ.

රටේ අනාගතය තීරණය කරන විදියේ බරපතළ කාරණයක් මතුවෙලාත් මාධ්‍ය ඒ පිළිබඳව යොමු කරලාතියෙන්නේ අඩු අවධානයක්. මෙය ඔබ දකින්නේ කොහොමද?

මාධ්‍ය මේ වෙනකොට ස්වාධීන නැහැ. ඒකට ප‍්‍රධාන හේතුව මාධ්‍ය සියල්ලම වගේ දේශපාලනඥයන් සතුවීම. අද තියෙන්නේ රජයේ මාධ්‍ය සහ රජයට හීලෑ මාධ්‍ය. අද ස්වාධීන මාධ්‍ය ආයතන තියෙන්නේ එකක් පමණයි. ඒ ඔබේ ආයතනය. මේ කාරණය ගැන ස්වාධීනව කටයුතු කරලා මිනිස්සුන්ව දැනුවත් කරන එක මාධ්‍යවල වගකීමක්. ලොකු කාර්යභාරයක් ඔවුන් සතුයි. මුදලාලිකරණය නිසා මේ වෙනකොට මාධ්‍ය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් ඍජුවම බලපානවා.

මහින්ද රාජපක්ෂ වගේ ඒකාධිපති පාලකයෙකුට විරුද්ධව සියලූ බලවේග පෙළ ගැහෙද්දී ඔහු මොන වගේ පියවරක් ගනියිද? ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය නොසලකා හැරියොත්?

ඔහුට එහෙම කරන්න බැහැ. ජනතා බලය පීඩනයට විරුද්ධව ගොඩනැගෙන කොට ඒකාධිපතියන්ට කරන්න දෙයක් නැහැ. මීට වඩා දරුණු ඒකාධිපතියන් වුණු හොස්නි මුබාරක් වගේ අයටත් ජනතා විරෝධය නිසා යන්න වෙලා තියෙනවා. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල තීන්දු නොසලකා හැරියොත් ජනතාව ඒ ගැන බලා ගනීවි.

ජනාධිපති ධුරයට තිබෙන බලතල පාවිච්චි කරලා තමාට තෙවැනි වර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමේ බලයක් මහින්ද රාජපක්ෂට තියෙනවාද?

ඔහුට හැකියාවක් නැහැ. හේතුව මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා තෙවැනිවර ඉදිරිපත්වීම හෝ නොවීම ඔහුගේ පෞද්ගලික තීරණයක්. අධිකරණයේ කාර්යය වෙන්නේ නීතිය අර්ථ නිරූපණය කිරීම. ඔහුගේ තෙවැනි ධුර කාලය පිළිබඳ ගැටලූව පෞද්ගලිකව ආව නීති තර්කයක්. එය ඉදිරිපත් වුණේ අධිකරණයකට නෙවෙයි. අනෙක් අතට කාගෙවත් පුද්ගලික දෙයක් ඔහු විසින්ම පත්කරපු විනිශ්චයකාරයන්ගෙන් විමසීම නීතියේ මූලික සිද්ධාන්ත විනාශ කිරීමක්. අධිකරණයේ අර්ථ නිරූපණ කාර්යය කියන්නේ රටේ ඉදිරි කාලයට වැදගත් වන කරුණු සාකච්ඡුා කිරීම මිසක් පුද්ගලික කාරණා හොයන එකට නෙවෙයි.

මෙය ඔහුගේ පෞද්ගලික කාරණයක් විදියට නැතිව මීට පෙර දෙවැනි වර දිවුරුම් දුන් සියලූ ජනාධිපතිවරුන්ට බලපාන ප‍්‍රශ්නයක් විදියට ගෙනාවොත් එය පොදු කාරණයක් වේවිද?

එහෙම තර්කයක් ගේන්න බැහැ. මූලිකම දේ තමයි එහෙම වෙනත් කෙනෙක් ජනාධිපති වරණයට ඉදිරිපත් වෙලා නැහැ. අනිත් එක එහෙම අයගෙත් දැන් ජීවතුන් අතර ඉන්නේ චන්ද්‍රිකා විතරයි. ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප‍්‍රකාශ කරලා නැහැ. එහෙම වුණත් මෙය පෞද්ගලික කාරණයක් තමයි. ඒ ගැන අර්ථ නිරූපණ විමසන්න ජනාධිපතිට බලය නැහැ.

කොහොම වුණත් මේ වෙනකොට ජනාධිපතිවරයා අධිකරණ මතය විමසලා තියෙනවා. ප‍්‍රසිද්ධ අධිකරණයේ නැතිව සංවෘතව මෙවැනි කාර්යයක් විමසන්න බලයක් තියෙනවාද?

පළවෙනි කාරණය මහින්දට ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න බැහැ. අනෙක් කාරණය ශ්‍රේෂ්ඨාධිකරණ මතයක් විමසන කොට ඉතාමත් කලාතුරකින් හැරුණු කොට එය කළයුත්තේ ප‍්‍රසිද්ධියේ. හොරෙක් ගෙවල් අස්සේ ඉඳගෙන අධිකරණ කටයුතු කරන්නේ නැහැ. ඒ සඳහා පූර්වාදර්ශ නැහැ. මෙය රාජ්‍ය රහස් හෙළිදරව් වන සංවේදී කාරණයක් නෙවෙයි. ආරක්ෂක අමාත්‍යාංශය චන්ද්‍රිකාට තබාගත හැකිද කියන කාරණය විමසුවා වගේ නෙවෙයිනේ. මෙය මීළඟ ජනාධිපතිවරණය පවත් වන්නේ 2005ද 2006ද කියන කාරණය විභාග කළා වගේ කටයුත්තක්. ඒ නඩුව සරත් සිල්වා මහත්මයා ගත්තේ ප‍්‍රසිද්ධියේ. ඕනෑම කෙනෙකුට ඇවිත් කරුණු දක්වන්න පුළුවන් විදියට. මහින්ද ජනාධිපතිවරණයට එනවා නම් එය සර්වජන ඡුන්ද බලයට බලපාන කාරණයක් වෙනවා. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තියෙනවා ඕනෑම කෙනෙක්ට ඒ විමර්ශනයේදී කරුණු දක්වන්න.

ඒ කියන්නේ මේක පොදු කාරණයක්ද?

මූලික වශයෙන්ම මෙය පුද්ගලයෙකුගේ අපේක්ෂකත්වය පිළිබඳ කාරණයක්. අධිකරණ විවරණ බලය ඉදිරියේ එය පෞද්ගලික කාරණයක්. එහෙත් මෙවැනි පුද්ගලයෙක් තෙවැනි වරට ඉදිරිපත්වීම ප‍්‍රජා තන්ත‍්‍රවාදයට මරු පහරක්. සර්වජන ඡුන්ද බලය පැත්තෙන් එය පොදු කාරණයක් වෙනවා. ඒ නිසායි හොරෙන් කාමර ඇතුළේ ඉඳගෙන අධිකරණ මතය විමසන්න බැහැ කියලා කියන්නේ.

සංවෘත අධිකරණයකදී තීන්දුවක් දුන්නොත් එහි වලංගුභාවය මොන වගේද?

අධිකරණය රහසේ දෙන තීන්දුවක් කොහෙත්ම විශ්වාස කළ නොහැකියි. පෞද්ගලික කාරණයකට රහසේ තීන්දු ලබාදීම විසින් තීන්දුවේ වලංගුභාවය ප‍්‍රශ්න කරනවා. අධිකරණය මේ වෙනකොටත් පහත්ම තත්ත්වයකට ඇදවැටිලා තියෙන්නේ. නීතියේ ආධිපත්‍යයේ මූලිකම දේ තමයි පාලකයාටත් පාලිතයාටත් සමාන තත්ත්වයක් යටතේ අධිකරණයේ පිහිට ලබාගැනීමට හැකිවීම. පාලිතයා වගේම පාලකයාත් විවෘත අධිකරණයක් ඉදිරියේ ප‍්‍රසිද්ධ අධිකරණ කටයුත්තකට ගෙන ආ යුතුයි. 1215 මැග්නාකාටා ගිවිසුමෙන් ඒක තහවුරු වුණා. 2015 වෙනකොට ගිවිසුම ඇතිවෙලා අවුරුදු 800ක්. එච්චර කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් රැකගෙන ආ සම්ප‍්‍රදායයක් ආපස්සට හරවන්නයි මේ උත්සාහ කරන්නේ. අධිකරණය වැඩවසම් යුගයට ගෙනයන්න හදන්නේ. එංගලන්තයේ ප‍්‍රසිද්ධියේ ලබා දුන් නඩු තීන්දුවලින් රජවරු පවා බලයෙන් පහ කළා. පළමුවැනි ජේම්ස් රජු කරපු වැරදිවලට මරණ දඬුවම පවා ලබා දුන්නා. මේ අය ඊට වඩා අතීතයට යන්න ලෑස්තියි. ප‍්‍රසිද්ධියේ නඩු ඇසීම අධිකරණ ස්වාධීනත්වයේ මූලිකම හරයක්. ගෙවල් ඇතුළෙ හොරෙන් කරන ගනුදෙනු ජනතාව විශ්වාස කරන්නේ කොහොමද? අධිකරණ තීන්දු ලැබිලා විතරක් මදි, ලැබුණෙ කොහොමද කියල පේන්න තියෙන්න ඕනෑ. ඒ විශ්වාසය තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩිතාලම.

මෙය විවෘත අධිකරණයකට ගෙනාවොත් කොහොම සිද්ධ වේවිද?

එහෙම වුණොත් එය මහින්දට අවාසිදායකයි. එක පැත්තකින් නීති තර්කය පැහැදිලියි. විවෘත අධිකරණයකදී සියල්ල පේන්න තියෙනවා. ලබාදෙන තීන්දුව මොකක් වුණත් එයට හේතු දක්වන්න සහ විශ්වසනීය වෙන්න ඕනෑ. මේ නිසා අධිකරණය දෙන තීන්දුව ස්වාධීනද කියලා හොඳට පේනවා. මෙය ඔහුට අවාසිදායකයි.

අධිකරණයෙන් ස්වාධීන තීන්දුවක් ලබාදේවි කියලා ඔබ බලාපොරොත්තු වෙනවාද?

අපේ රටේ නීතියේ ආධිපත්‍යයක් නැහැ. අධිකරණයත් ස්වාධීන නැහැ. එය තහවුරු වෙලා ගොඩක් කල් ගතවෙලා. අධිකරණ ස්වාධීනත්වය තියෙනවා කියලා හිතෙනවා නම් ඒක මිථ්‍යාවක්. එහෙම නම් දෝෂාභියෝගවලින් අගවිනිසුරු ගෙදර යවන්නේ නැහැ. ජනාධි පතිට හිතෙන හිතෙන අය අගවිනිසුරු වෙන්නේ නැහැ. නීතිපති දෙපාර්ත මේන්තුව පක්ෂයක නායකයෙක් යටතට ගන්නේ නැහැ. මේ වගේ පසුබිමක ස්වාධීන අධිකරණයක් බලා පොරොත්තුවෙන්නේ කොහොමද?

මූලික වශයෙන් 18 වැනි සංශෝධනයේ තිබෙන නීති විරෝධී බවත් ජනාධිපතිවරයාට තිබෙන නොසුදුසුකමක්. මේ අවස්ථාවේ එයත් සලකා බැලිය යුතු නේද?

දහඅට කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි ව්‍යවස්ථා සංශෝධනයක්. විරුද්ධ පක්ෂ මන්ත‍්‍රීවරු අල්ලස් දීලා මිලට අරගෙන ගෙනා සංශෝධනයක්. හරි නම් ඒ මන්ත‍්‍රීවරු අල්ලස් හෝ දූෂණ කොමිසම ඉදිරියේ වැරදිකරුවන් කරලා මන්ත‍්‍රී ධුර අහෝසි කරන්න ඕනෑ. මම ප‍්‍රසිද්ධියේ අභියෝග කරලා තියෙනවා එක්කෙනෙකුට හරි තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න කියලා. 18 නිවැරදියි කියලා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු වරිය ලබා දුන්නු තීන්දුව තීන්දුවක් විදියට පිළිගත්තත් නිවැරදියි කියලා අපි හිතන්නේ නැහැ. එය හදිසි පනතක් විදියට ගෙනාවේ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකින් හෝ ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලැබුණේ නැහැ. අඩුම තරමේ ජනමත විචාරණයකට යන්න තිබුණා. අධිකරණ ස්වාධීනත්වය නැති කරන විදියේ තීන්දු දුන්න ශිරාණි බණ්ඩාරනායක මහත්මියටම එහි ප‍්‍රතිඵල විඳින්න සිද්ධ වුණා. දෝෂාභියෝගයකින් ඇය ඉවත් කළා. මේ කාරණා එක්ක මූලික වශයෙන් 18 වැනි සංශෝධනයේ නීති විරෝධීභාවයන් සලකා බැලිය යුතුයි.

දෝෂාභියෝගයේදී පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු තීන්දුවක් පාර්ලිමේන්තුව උත්තරීතර බව පවසමින් නොසලකා හැරියා. මෙවරත් ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන තීන්දුවක් දුන්නොත් පාර්ලිමේන්තුව යොදාගෙන එය නොසලකා හරීවිද?

ඒ වෙලාවෙ සිද්ධ වුණේ පාර්ලිමේන්තුව විසින් ලබා දුන්නු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධි කරණය සලකා බැලීම. එතැනදී අන්තිම තීරණය තිබුණේ ජනාධිපති වරයා අතේ. එහෙත් මෙතැනදී ශ්‍රේෂ්ඨාධි කරණය ලබාදෙන තීන්දුව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මැතිවරණ කොමසාරිස් වරයා. ඔහුට බලය තියෙනවා කලින් තියෙන ජනාධිපතිවරණයක් පිළිනොගෙන ඉන්න. ඒ වගේම මහින්දගේ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කරන්න. ඒ බව මම කලින් වතාවකදී පෙන්වා දුන්නු නිසා තමයි මේ කලින්ම අධිකරණ තීන්දුව ගන්න ලෑස්ති වෙන්නේ. මැතිවරණ කොමසාරිස්වරයාට ලයිසන් එකක් පෙන්නන්න තමයි මේ ලෑස්තිවෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කලින්ම ලයිසන් එක ගන්නයි සූදානම. මැතිවරණ කොමසාරිස් සහ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීනව කටයුතු කළොත් ජනාධිපති සහ පාර්ලිමේන්තුවට කරන්න දෙයක් නැහැ. ගැටලූව තියෙන්නෙ අර ආයතන දෙකේ ස්වාධීනත්වය ගැන.

පාර්ලිමේන්තුවට 2/3ක බලය තියෙන හින්දා 18 වැනි සංශෝධනය ගෙනල්ලා මහින්දට තියෙන නොසුදුසුකම ඉවත් කරන්න පුළුවන් නේද?

ඉදිරියේ සංශෝධන සීයක් ගෙනාවත් දැන් නොසුදුසුකම පැනවිලා ඉවරයි. මහින්ද දිවුරුම් දෙන්නේ නොසුදුස්සෙක් වන්නේය කියන කොන්දේසියට එකඟ වෙලා. ඒක ඉවත් කරන්න තිබුණු අවස්ථාව 18 වැනි සංශෝධනය. අධිකරණ යෙන් තීන්දුව එනවා නම් එන්නේ 18 වැනි සංශෝධනයෙන් මහින්දගේ සීමාව ඉවත් වෙලා නැහැ කියලා. ඒ තීන්දුව ව්‍යවස්ථා සංශෝධනවලින් වෙනස් කරන්න බැහැ.

මේ ක‍්‍රියාවලිය අධිකරණ ක‍්‍රියාදාමයකට සීමා කරන්න පුළුවන්ද?

මේ රටේ ජනතාව තම තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් ඉදිරියට එන්න ඕනෑ. අධිකරණ තීන්දුව දිහා විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෑල්ලූ කරන අත්තනෝමතික ක‍්‍රියාවලට විරෝධය පෙන්නන්න ඕනෑ. ඌව ඡුන්දය ඒ සඳහා තියෙන හොඳම අවස්ථාවක්. ඌව ඡුන්දයේදී ආණ්ඩුවට විරෝධය පෙන්වන්න පුළුවන්. ඒ හරහා පණිවුඩයක් දෙන්න පුළුවන්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ගත්ත උත්සාහයත් පරාජය කරලා මූලික වශයෙන් අයිතීන් දිනාගැනීම ජනතාව සතු වගකීමක්.

ඒ සඳහා ජනතාව දැනුවත් වෙන්න ඕනෑ. දේශපාලන පක්ෂයක් විදිහට මේ සම්බන්ධයෙන් ඔබලා අරගෙන තියෙන පියවර මොනවාද?

මේ වෙනකොට මූලික වශයෙන් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘති සිද්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂය විදියට ඌව ඡුන්දයට සමගාමීව අපි ජනතාව දැනුවත් කරනවා. ඡුන්දය අවසාන වුණාම රට පුරා පුළුල්ව මේ පිළිබඳ දැනුවත් කිරීම් සිද්ධ කරනවා. ඡුන්දය නිසා පක්ෂය ටිකක් විසුරුණු ගතියක් තිබෙනවා. එහෙත් එය ඉවර වුණාම අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගැනත් අපි සලකා බලනවා. වඩාත් වැදගත් දේ ජනතාව දැනුවත් කිරීම. ඒකට මාධ්‍යවල සහයෝගයත් අවශ්‍යයි. එහෙත් මාධ්‍යවල සහය ලැබෙන්නෙ නැහැ.

රටේ අනාගතය තීරණය කරන විදියේ බරපතළ කාරණයක් මතුවෙලාත් මාධ්‍ය ඒ පිළිබඳව යොමු කරලා තියෙන්නේ අඩු අවධානයක්. මෙය ඔබ දකින්නේ කොහොමද?

මාධ්‍ය මේ වෙනකොට ස්වාධීන නැහැ. ඒකට ප‍්‍රධාන හේතුව මාධ්‍ය සියල්ලම වගේ දේශපාලනඥයන් සතුවීම. අද තියෙන්නේ රජයේ මාධ්‍ය සහ රජයට හීලෑ මාධ්‍ය. අද ස්වාධීන මාධ්‍ය ආයතන තියෙන්නේ එකක් පමණයි. ඒ ඔබේ ආයතනය. මේ කාරණය ගැන ස්වාධීනව කටයුතු කරලා මිනිස්සුන්ව දැනුවත් කරන එක මාධ්‍යවල වගකීමක්. ලොකු කාර්යභාරයක් ඔවුන් සතුයි. මුදලාලිකරණය නිසා මේ වෙනකොට මාධ්‍ය ගැන ජනතා විශ්වාසය අඩුවෙලා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් ඍජුවම බලපානවා.

මහින්ද රාජපක්ෂ වගේ ඒකාධිපති පාලකයෙකුට විරුද්ධව සියලූ බලවේග පෙළ ගැහෙද්දී ඔහු මොන වගේ පියවරක් ගනියිද? ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය නොසලකා හැරියොත්?

ඔහුට එහෙම කරන්න බැහැ. ජනතා බලය පීඩනයට විරුද්ධව ගොඩනැගෙන කොට ඒකාධිපතියන්ට කරන්න දෙයක් නැහැ. මීට වඩා දරුණු ඒකාධිපතියන් වුණු හොස්නි මුබාරක් වගේ අයටත් ජනතා විරෝධය නිසා යන්න වෙලා තියෙනවා. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල තීන්දු නොසලකා හැරියොත් ජනතාව ඒ ගැන බලාගනීවි.

- See more at: http://lankanewsalert.com/?p=21597#sthash.3qaG7OsP.dpuf
උපුටා ගැනීම රාවය පුවත්පත
ඡායාරූප අන්තර්ජාලයෙන්
-MMP  




2014-09-23
Advertisement

Find us on Facebook