English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අළුත්ගම විනාශකළ ඔහු එළියේ, සාමය ගැන කථාකල මම ඇතුලේ !
යම්කිසි පිරිසක් විසින් තමන්වහන්සේව පැහැරගෙන ගොස් පහරදී, අතපය බැඳ දමා, මහමඟ දමාගිය බවට බොරු චෝදනාවක් ගොණු කළේ යැයි, පසුගිය සතියේදි ආන්දෝලනාත්මක පුවතක් ගෙනා බෞද්ධ භික්‍ෂුන්වහන්සේ නමකට ඊයේ එනම් ජුනි 25 වෙනිදා පොලිස් අත්අඩංගුවට යටත්වන්නට සිදු විය. පානදුර අධිකරණය ඉදිරියේ පෙනී සිටි උන්වහන්සේට එළඹෙන ජුලි මස 02 වන දා තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත වන්නට ගරු අධිකරණය විසින් නියෝග කළේය.

උන්මත්තක ජාතිවාදින් මගේ ලේ හොල්ලනකොට 'අරමුණ' වෙනුවෙන් මම ඉදිරියටම යනවා, යැයි උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

මෙසේ ආන්දෝලනයට ලක්වු , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිධුරයක් හොඹවන එමෙන් ජාතික බල සේනාවේ නායක පුජ්‍ය වටරැුක විජිත හිමියන් ඊයේ එනම් ජුනි 25 වෙනිදා තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය අමතා ප‍්‍රකාශයක් කළේය.  

'මේක මේ විදුලි කාන්දුවක් , කරන්ට් ෂෝර්ට් එකක් නෙවෙයි. එදා ඉන්දියාවේ බමුණෝ අර ගෝ පූජාව අජ පූජාව තිබ්බා වගේ මටත් මේ ලේ පූජාවක් කරගන්න උවමනාවක් වුණේ නැහැ. මේ වෙලාවෙත් මට මෙහෙම කථා කරන්න බොහොම අපහසුයි. මේ වචන ටික හරි ඔබතුමාලා ගොඩාක් වෙලා රැදිලා හිටපු නිසා මම මෙහෙම කථා කරන්නේ. කථාකරන්න කැමතිත් නැහැ, ඊයේ (24 ජුනි) මම කිසිම මාධ්‍යයකට කිසිම ප‍්‍රකාශයක් කළෙත් නැහැ, ඒ වුනත් අද (25 ජුනි) පත්තරවල පට්ට බොරු ලියලා තියෙනවා, මම ඊයේ කරපු ප‍්‍රකාශ කියලා.” යනුවෙන් විජිත හිමි සිය අදහස් ප‍්‍රකාශ කළහ.

උන්වහන්සේ් තවදුරටත් කථා කරමින් 'එකක් කියන්න තිබෙනවා මට, තේලපත්ත ජාතකය වගේ අරමුණ ඉටුවෙනකම්, සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සාමය සංහිඳියාව, ඒ අරමුණ ඉටුකරනකං මම මගේ ගමන ඉදිරියටම යනවා. උම්මත්තක ජාතිවාදීන් මගේ ලේ හොල්ලද්දි මාධ්‍යයයි තවත් අයයි මාව මේ වෙනකොට සම්පුර්ණයෙන්ම ඝාතනය කරල ඉවරයි. ඒ ගැන මම හරි කණගාටු වෙනවා. මුළු රටේම මාව ඝාතනය කරලා විනාශ කරලා ඉවරයි. හැබැයි එකක් කියන්න  ඕනේ අළුත්ගම විනාශකරපු ඥාණසාර හාමුදුරුවෝ අද එළියේ, සාමය සංහිඳියාව ගැන කථාකරපු මම තව මොහොතකින් ඇතුලට යනවා. බොහොම ස්තුතියි.” යනුවෙන් විජිත හිමියෝ පැවසූහ.  

පුජ්‍ය විජිත හිමියන් වෙනුවෙන් අධිකරණයේ පෙනිසිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට අනුව, ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත්කළ බවට, බරපතල චෝදනාවක් කරමින් විජිත හිමියන් අත්අඩංගුවට ගත් පොලීසිය, ඒ හිමියන්ට ඇප ලබාදීමට කිසිඳු විරෝධතාවයක් නොදැක්වු බවත් පොලීසියේ එම ප‍්‍රතිචාරය පිළිබඳව මහේස්ත‍්‍රාත්වරයාගේ දෝෂ දර්ශනයට ලක්වු බවත් පැවසීය.




2014-06-26
Advertisement

Find us on Facebook