English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බන්දුල ගුණවර්ධන පෙන්දෙක්, වලත්තයෙක් නොවන බව ඔප්පු කලොත් මම විවාදයට සුදානම්! - දඹර අමිල හිමි.


බන්දුල ගුණවර්ධන පෙන්දෙක්, වලත්තයෙක් නොවන බව ඔප්පු කලොත් මම විවාදයට සුදානම්! - දඹර අමිල හිමි.

කරුණු 5ක් සම්පුර්ණ කර තමන් සමඟ වාදයකට පැමිණෙන ලෙස පුජ්‍ය දඹර අමිල හිමියන් හට පසුගියදා බන්දුල ගුණවර්ධන විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අභියෝග කර තිබුණි. ඒ සඳහා ප්‍රධාන මාධ්‍ය දෙකක් පමණ පුළුල් ප්‍රචාරයක්ද ලබා දී තිබුනු අතර, ඒ අනුව අද (04) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතර තුර අමිල හිමියන්ද තමන්ට ලැබූ අභියෝගය බාර ගනිමින් ඉදිරිපත් වූ කරුණු පහට පිළිතුරු ලබා දෙමින් හා තමනුත් ප්‍රතිවාදියාට පිළිතුරු ලබාදීමට කරුණු 5ක් ඉදිරිපත් කලේ බන්දුල ගුණවර්ධනගේ පතුරු ගලවමින්ය.

එහිදී අදහස් දැකවූ අමිල හිමියන්...

“ වැදගත්, ශීලාචාර, තුප්පහි ගණයේ පෙන්දෙක් නොවන අය සමඟ පමණයි එකට වාඩි වී සංවාද කරන්නේ එක මගේ පුරුද්දක් හා ප්‍රතිපත්තියක්. එම නිසා බන්දුල ගුණවර්ධන පෙන්දෙක් හා වලත්තයෙක් නොවන බව පෙන්වීමට අදාලව කරුණු කීපයක් මමත් ඉදිරිපත් කරනවා. ඒ කරුණු වලට ඔහු දෙන පිළිතුරු සාධාරණය යැයි මට හැඟුනොත් පමණයි මම බන්දුල ගුණවර්ධන සමඟ සංවාදයකට වාඩි වන්නේ”

ස්ත්‍රී දුෂණයක්, බැංකොක් වල සුද්දියක්, 7 වසරේ සිට 10 වසර දක්වා අධ්‍යාපනය ලැබුවේ කොහෙද?, දේවාලයක අංජනම් බැලීම හා එම දේවාලයට මුත්‍රා කිරීම වැනි කාරණා බන්දුල ගුණවර්ධනගේ ශීලාචාරත්වය මැන බැලීමට උන් වහන්සේ ඉදිරිපත් කල කරුණු වලට ඇතුලත්ය.

බන්දුල ගුණවර්ධනගේ කරුණු වලට පිළිතුරු ලබාදීම හා අමිල හිමියන් ඉදිරිපත්කල කරුණු පහත වීඩියෝවෙන්......





2019-07-04
Advertisement

Find us on Facebook