English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දණ්ඩනය කියන්නේ පලිගැනීමක්! - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්


මරණ දණ්ඩනය කියන්නේ පලිගැනීමක්! - ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්

“ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතා කරන විට ඔහු විසින් එම තීරණය කරනු ලබන්නේ කුමන පදනමකින්ද, එහි විනිවිදභාවය කුමක්ද.? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3,4 ව්‍යවස්තාවන්ට අනුව ජනාධිපතිවරයාද, පාර්ලිමේන්තුව හා අධිකරණය භාවිතා කරන්නේ මහජනයාගේ ස්වාධිපත්‍ය බලයයි. මහජනයාගේ අනුමැතියකින් තොරව මහජනතාවගේ නාමයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවානම් එක පලි ගැනීමක් විදියටයි මා දකින්නේ.

රජයක් විසින් ජනතාව වෙනුවෙන් කියා යම් වරදක් වෙනුවෙන් පුරවසියෙකුගෙන්ම පලි ගැනීම කිසිසේත්ම අනුමත නොකළ යුතු දෙයක්. එයින් ලැබෙන ප්‍රථිපලය කුමක්ද? මරණ දණ්ඩනයක් හරහා අපරාධ මර්ධනය වනවාද? මේ වන විට ලෝකයේ සිටින අපරාධ විද්‍යාඥයින් හා නීතිවේදීන් පර්යේෂණ වලින් සොයාගෙන ඇති දේ තමයි මරණ දණ්ඩනය හා අපරාධ මර්ධනය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව.

දඬුවම් කල යුතුයි. අපි තවමත් දඬුවම කියන සංකල්පයට ඉතාමත් පැරණි අර්ථනිරුපනයක් තමයි ලබා දෙන්නේ. නමුත් අපි දැන් දඬුවම කියන සංකල්පයට වෙනත් ප්‍රවේශයක් ලබාගත යුතුයි.”

කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිපීඨ කතිකාචාර්ය, චිත්‍රපට අධ්‍යක්ෂ, සමාජ ක්‍රියාධර ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා සමඟ අයිතිය විසින් "මරණ දණ්ඩනය" සම්බන්ධයෙන් කල සම්මුඛ සාකච්ඡාවකදී කල අදහස් දැක්වීමකි. එම වීඩියෝව පහතින්...





2019-07-03
Advertisement

Find us on Facebook