English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වනාතමුල්ලේ අනාථ වු මිනිසුන් !

අද උදැසන එනම් සැප්තැම්බර් 20 වෙනිදා වනාතමුල්ල පාර දිගේ මම ඇවිදිමින් යන විට මට හමුවු මිනිසුන් හා ගැහැණුන් සමග කතාබහේ යෙදුනෙමි. ඒ, පසුගිය දින මා පුවත්වලින් දුටු යමක් ගැන තවත් දැනගැනීමේ මා තුළ හටගත් උවමනාව නිසාය.

වසර ගණනාවක් තිස්සේ තමන් පදිංචිව සිටි ස්ථිර නිවාසවලින් ඔවුන් පළවා හැර දමා ඔවුන්ගේ සථිර නිවාස බැකෝ යන්ත‍්‍රවලින් සමතලාකර තිබුණි. ඒ දර්ශනය සිහිගැන්වුයේ උතුරේ යුද්ධයේ දි දමිළ සහෝදර ජනතාවගේ ආදරණියවුවන් මිහිදන් කළ සොහොන් බිම් බුල්ඩෝසකර  විනාශ  කර තිබු අයුරුනි.

වනාතමුල්ලේ ගැහැණුන් මිනිසුන් තමන්ට සිදුවී ඇති අසාධාරණය ගැන  අදහසක් ප‍්‍රකාශ කිරිමට බියේ තැති ගැනිමකින් සිටීවී යැයි මා සිතුවෙමි. එහෙත්, ඔවුන් තමන්ගේ වේදනාව කියන්නට කෙනෙක් සොයමින් සිටියවුන් සේ මා සමඟ සිය හදවත් හි වේදනාව හා පීඩාව බෙදාගනිමින් සුසුම් හෙළුවෝය.  

"අපි දුක් මහන්සිවෙලා හදාගත්තු  ගේ දොර මේ! මේ ගේ හදන්න ගත්ත ණය තව ලක්ෂ 07 විතර මට ගෙවන්න තියනවා. දැන් මගේ ගේ කඩන්න දාලා තියෙන්නේ. ආයේත් ණය වුනා අලූතින් දෙන ප්ලැට් එකට ගෙවන්න. අපිට ජිවිතේ ගොඩ ඒමක් නම් නැහැ. අපව දුකට පත් කරලයි තියෙන්නේ. හරියට නිකං ගෙවල් හදලා නිකං දෙනවා වගෙයි කියන්නේ..... ප‍්‍රසිද්ධ කරන්නේ..... නමුත් රු 50,000 ගෙව්වා මුලින්ම. ආයේත් මාස 3 කින්  තව 50,000ක් ගෙවන්න  ඕනා. ඊට පස්සේ අවුරුදු 30ක් යනතුරු රු 2900 ගෙවන්න  ඕනා. වතුර බිල්, ලයිට් බිල් ගෙවන්න  ඕනා. කොහොමහරි රු 6000 - 7000 ක මුදලක් අවශ්‍යකරනවා මාසෙට ගෙවන්න තිබෙන සියලූ ගෙවීම්වලට. මහත්තයට ඔපරේෂන් 2 කරලා ඉන්නේ, දැනුත් ඇවිදින්න බැහැ. අපි හැම පැත්තෙන්ම අසරණ වෙලා. ඇත්ත කතා කලොත් කොයි මොහොතේ හරි ඇවිත් අපිව කුදලාගෙන යයි. අපිට උන් එක්ක පැහෙන්න ශක්තියක් නැහැ. මොකද, ගෝඨාභය මහත්තයානේ මේ රටේ  මිනිස්සු ජිවත්වෙනව ද මැරෙනව ද කියලා තින්දු කරන්නේ." යැයි සිය දුක්බර වේදනාවේ හඩ මගේ සිත්තුල පැලපදියම් කළේ එක් නිවෙසක හිමිකාරිය වු සිංහල අම්මා කෙනෙකි.


ඒ කාන්තාවගේ දුක්බර වේදනාව තවත් පීඩාවක් බවට පත්කළ සිදුවීමකි.... ! ඇගේ නිවස  අඩක් විනාශකර තිබුණි. එහි සිටින ගිලන් වු තම ආදරණීය සැමියාව ගෙනයන්නට ක‍්‍රමයක් නොමැති කම සහා අවසාන තත්පරය දක්වා තමන් දහඩිය මහන්සියෙන් ගොඩනැගු නිවාසය අත්හරින්නට බැරි නොහැකියාවයි අතර ඇය අතරමංවී සිටියහ. ලතවෙමින් ද කදුළු සලමින් ද ඇය සිටියහ.

ඒ සිංහල මවගෙන් මිදි තවත් ස්ථානයක නටඹුන් දෙස බලා සිටි මා හට හමුවුනේ රාජ්‍ය බලහත්කාරයට නතුවුණු තවත් පීඩිතයෙකි. ඔහු බොහෝ දැන නුවනින් යුත් විමසිලිමත් අයෙක් බැව් ඔහුගේ කථා බහෙන් මා හට දැනුනා.

"ලොජ් ක‍්‍රමයට  ඒවා හදලා තියෙන්නේ. ඉන්දියන් කාරයින්ගේ අදහස වුනේ එක ගෙයක් ලක්ෂ 15 කින් අවසන් කරන්නයි. නමුත් වියදම් වුනේ ලක්ෂ 7යි, ප‍්‍රමිතියකට නම් නෙමෙයි මේ ගෙවල් හැදුෙවි. හේතුව කොන්ක‍්‍රිටි බෙිස් එක විතරයි දැම්මේ. ඒක උඩ නමය, නමය කනු, තහඩු බොක්ස් එක උඩ තමයි තියන්නේ නට් ඇන්ඞ් බෝල්ඞ් දැමිමා කොන්ක‍්‍රීට් කනු කියන්නේ  එච්චරයි. දැල් බැදලා ප‍්‍රමිතියකට අනුව නේ අපි  අපේ මේ ගෙවල්  හැදුවේ. නමුත් ඉංදියන් කාරයෝ කරන්නේ දහයයි දෙකේ කැළි. තනි අතට උස්සලා විසිකරන්න  පුලූුවන් රෙජිපොම් සහ සිමෙන්ති මිශ‍්‍රකරලා තමයි හැදුවේ. තමිල්නාඩුවේ තියෙන්නේ ෙමි වගේ මහල් නිවාස, හිටපු ගමන් කඩා වැටෙන්නේ, මේ වගේ ව්‍යාපෘති ලංකාවට ගැලපෙන්නේ නැහැ, වැඩකාරයෝ සියලූදෙනාව ගෙනාවේ ඉංදියාවෙන්. මමත් මාස 6 විතර අත් උදව්වට වැඩට ගියා, උන්ගේ වැඩවල කිසිම ප‍්‍රමිතියක් නැහැ. බි‍්‍රගේඩියර් මහත්තයෙක් තමයි ෙමි ගෙවල් විනාශ කිරිෙමි සාපරාධි ක‍්‍රියාවේ ප‍්‍රබල කි‍්‍රයාකාරි පුද්ගලයෙක් විධියට කටයුතු සිදුකරමින් ඉන්නේ." ඒ ඔහුගේ මනසේ, හදේ රැඳී තිබෙන පිඩනයයි.

අපි අසා තිබුණත්, වනාතමුල්ල ගමේ අය නපුරු නැහැ කියලා තමයි මේ මිනිස්සු කීවේ. නමුත් පිට තැන්වලින් හුගක් අය ඇවිත් ඉන්න නිසා හුඟක් අකටයුතුකම් මේ ඇතුලේ සිදුවෙනවා කියාත් ගෝඨාභය රාජපක්‍ෂගේ අය ඉන්නවා කියාත් උන්ට  ඕන දේ කරනවා මිනිස්සු විරුද්ධ වුනාට පලක් නැහැ, කියා මට හමුුවුණු තවත් පිරිසක් කීවේ ඔවුන්ගේ අපේක්‍ෂා භංගත්වයේ ලක්‍ෂණ පෙන්නුම් කරමිනි.

"අපි මුලදි එකතුවෙලා අපේ විරෝධය පෙන්නුවා, එත් අවසානය දක්වා අපට ශක්තියට කවුරුත් හිටියේ නැහැ. දැන් මිනිස්සුන්ව බය කරලා තියෙන්නේ. ඒ ගෙවල් ඇතුලට ගියාම ඉස්පිරිතාලයක් ඇතුළට ගියාවගේ තමයි දැනෙන්නේ. ජිවත්වෙන්න සුදුසු පරිසරයක් නෙමෙයි ඒවල තියෙන්නේ. මරණයක් වුනාම ඒ ගෙවල්වල, මිනි පෙට්ටියේ  එක පියනයි අරින්න ඉඩ තියෙන්නේ." යැයි කීහ.

"අපෙන් සමහර අයට මිට අවඅරුදු 60 විතර පෙර නිවාස අධිකාරියෙන් ලබා දුන්නු ඔප්පු තියෙනවා. ඒත් මේ කිසිම දෙයක් සැළකිල්ලට ගන්නේ නැති, අරාජික රාජ්‍යයක අනාතවුවන් වගේ ජිවත්වෙනවා නෙමෙයි මොහොතින් මොහොත මැරෙනවා." යනුවෙන් ප‍්‍රකාශ කළේ මොහොතින් එතැනට රොක් වු තර්ජනයට මුහුණ දී සිටින නිවැසියන්ය.

මා ඒ මහල් නිවාස සංකිර්ණය දුටිමි. සුනාමියක් හෝ හදිසි ආපදා තත්ත්වයක දි තාවකාලික ස්ථානයක මිනිසුන් ගාල් කරන්නා සේ ඒ මිනිසුන්ව කොටුකර ඇත. තට්ටු 11 සහිත මා දුටු ඒ මහල් නිවාසයේ විදුලි සෝපාව වරින්වර නවති. ඒ නිසාම අකටයුතුකම් සිදුවන බව ද මේ නිවැසියෝ පැවසිය. ඒ තුළ ලිංගික අපචාර සිදුවන බවත් ගැහැණු දරුවකු තබාගන්නට නුසුදුසු බවත් ඔවුන් සංවේගයෙන් යුතු හඩින් කිවේය.


කි‍්‍රඩාපිටියකට ඉඩගන්නට නිවාස කඩාබිඳ දමනවා යැයි මුසාබස් දොඩන රටේ බලවතුන්ගේ මේ නිහින ක‍්‍රියාව පිටුපස ඇති සත්‍ය නම්, කොලඹ නගරයේ සුවිශාල වටිනාකමකින් යුතු මි රත්තරන් වටිනා භුමිය විදේශ සමාගම්වලට විකුණා ඇති බවයි.

ඒ මිනිසුන් දන්නා සහ පැවසු ඇත්තම ඇත්තට අනුව, විනාශකාරි සංවර්ධනය කිරිම මහින්ද චින්තනයේ නරුම ප‍්‍රතිපත්තියක් බව කවුරුත් නොදන්නවා ම නොවුනත්, යුද්ධය කෙසේ හෝ අවසන් කලා යැයි යන මිත්‍යාවේ කඩ තුරුව එතරම් ම දැඩි නිසා දෝ මිනිසුන් දැස් විවර කර ඇත්ත දකින දවසක් එන්නට තවත් කොතරම් කාලයක් බලා සිටින්නට වේ දැයි දන්නෙත් ඒ පවුල් කුටුම්භයම පමණි.

කෙතරම් අසාධාරණද මොවුන් මුහුණ දී තිබෙන යතාර්ථය ? මෙතෙක් අප හට කම්පා වීමට සිදුවුණේ ස්වභාවධර්මයා විසින් සුණුවිසුණු කර දමන දේපල වස්තුව මිනිස් ජීවිත  පිළිබඳව පමණි. එහෙත් වර්ථමානයේදි අප හට සුසුම් හෙළන්නට වී ඇත්තේ මේ රටේ පැවැත්මට අත්‍යවශ්‍යයැයි රටකරවන බලධාරීන් විසින් බලහත්කාරයෙන් අප හට පෙන්වීමට සළස්වන "රටේ සංවර්ධනය හා ආශ්චර්යය" නිසා සිදුවන දේපල, වස්තුව හා මිනිස් ජීවිතවල විනාශයන්ය. මිනිසාගේ ජීවත්වීමේ අයිතිය සම්පුර්ණයෙන්ම උල්ලංඝණය කරමින් පවතින එය සැබෑම වු ඝාතනයකි.

-    දීපා ප‍්‍රනාන්දු ශුද්ධවු පවුලේ පැවිදි සොයුරිය
       පිංතූර  -  අන්තර්ජාලයෙන්
                          -MMP



2014-09-23
Advertisement

Find us on Facebook