English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගෝති‍්‍රක තීන්දුව තීරණාත්මක ලෙස පරාජය කළ යුතුයි - සිරකරු සුරැකුම් කමිටුව

ගෝති‍්‍රක තීන්දුව තීරණාත්මක ලෙස පරාජය කළ යුතුයි  සිරකරු සුරැකුම් කමිටුව

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණීය දඩුවම නියමව සිටින සිරකරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත්තේ ඔහුගේ බිඳවැටුණු දේශපාලන ප‍්‍රතිරූපය යළි ගොඩනඟා ගැනීමට හා ඡුන්ද පදනම ඉහළ දමාගැනීමට බවත්, ඊට එරෙහිව තම කමිටුව ඉතා කඩිනමින් ඉහළ අධිකරණයක නඩුවක් ගොනු කර එකී ගෝති‍්‍රක කි‍්‍රයාව නතර කරවීමට කටයුතු කරන බවත්, සිරකරු සුරැකුම් කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි.

පුද්ගලයන් වැරදිකරුවන් බවට පත්වන්නේ සමාජයේ තිබෙන විෂමතාවන් නිසා බවත්, එකී පුද්ගලයන් එල්ලා මැරූ පමණින් එකී අපරාධවල අඩුවක් සිදුවන්නේ නැති බවත්, එවැනි එල්ලා මැරීමක් සිදුකළහොත් එය ශිෂ්ට ලෝකයේ මහා ගෝති‍්‍රක කි‍්‍රයාවක් බවත් ඔහු පවසයි.

මෙරට තුළ මරණ දඬුවම කි‍්‍රයාත්මක නොකරන බවට අප රට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග වසර දෙකකට වරක් අත්සන් තබන බවත්, ජාත්‍යයන්තර වශයෙන් එවැනි ගිවිසුමකට එළඹ තිබෙද්දී ජනාධිපතිවරයා ගෙන තිබෙන තීරණය එකී ගිවිසුමට එකග නොවන බවද ඒ නීතිඥවරයා පවසයි.

මෙවැනි කි‍්‍රයාවක් සිදු කිරිම බෞද්ධ ධර්මයට කිසිසේත්ම ගැළපෙන්නේ නැති බවද පෙන්වා දෙන සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම කි‍්‍රයාවට එරෙහිව ජාත්‍යයන්තර වශයෙන් ද උපරිම සහය ලබාගැනීමට කටයුතු කරන බවත්, ඊට අමතරව මෙම ගෝති‍්‍රක කි‍්‍රයාවට එරෙහි මෙරට සියලූ සංවිධාන හා ජනතාව ඒකරාශී කරගෙන ඉදිරියේ දී රට තුළ දැවැන්ත උද්ඝෝෂණයක් කිරීමට කටයුතු කරන බවත්ය.

මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනෙකුට මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීමට තමා අත්සන් තැබූ බව ජනාධිපතිවරයා පසුගිය 26 වෙනි දින මාධ්‍ය ප‍්‍රධානීන් හමුවේ පැවැති සාකච්ඡුාවේදී පැවසීමෙන් අනතුරුව බන්ධනාගාර රැුඳවූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ද පසුව මරදාන සී.එස්.ආර්. හී පැවති මාධ්‍ය හමුවේදී එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසීය.



2019-06-30
Advertisement

Find us on Facebook