English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඬුවම දීම නවත්වන්නැයි ක්ෂමා සංවිධානය කියයි


මරණ දඬුවම දීම නවත්වන්නැයි ක්ෂමා සංවිධානය කියයි

මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධවලට සම්බන්ධ සිරකරුවන් 13 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති ක්‍රියාමාර්ග කඩිනමින් නැවැත්විය විය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජූනි 21  සිට ජූලි 1 දින දක්වා ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ දී මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තාවලින් දැනගන්නට ලැබුණු බව ද එම සංවිධානය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනකුට මරණ දඬුවම ලබාදීමට තමා මේ වනවිට අත්සන් තබා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පැවැසීය. කොළඹ පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව එය බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇති සැලසුම් නවතා දමන්නැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය.

මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධවලින් මුදා ගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ බිරාජ් පට්නයික් මහතාපැවැසීය.




2019-06-27
Advertisement

Find us on Facebook