English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පුරවැසි ගෞරවය සුරකින, වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්...



පුරවැසි ගෞරවය සුරකින, වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්...

2019 වධහිංසාවන්ට පාත්‍රවූ වින්දිතයන් වෙනුවෙන් සහය දැක්වීමේ ජාත්‍යයන්තර දින සැමරුම වෙනුවෙන් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කරන සංවාද මණ්පය. “පුරවැසි ගෞරවය සුරකින, හිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්...” යන තේමාවෙන් වූ වැඩසටහන ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යයන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයේදී 2019 ජූනි 26 වෙනි දින පස්වරු 3.00 පැවැත්විනි.

එහිදී වධහිංසාවට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ විශාල කැපවීමක් කරමින් නඩු විශාල සංඛ්‍යාවවකට පෙනී සිටි ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පිරිනමණු ලබන සංකේතාත්මක සිහිවටනයක් පිළිගන්වන ලදි.

මානව හිමිකම් සංවිධාන, තානාපති කාර්යාල, වින්දිතයන්, දිස්ත්‍රික් මට්ටමේ මානව හිමිකම් ක්‍රියාදරයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.  


එහිදී විද්වත් පිරිස මෙලෙස අදහස් දැක්වීය.

ජීවිත ආරක්ෂාව සඳහාවත්, හිංසාව භාවිතා කිරීම නොකළ යුතු බව සහ එවන් අවස්ථාවකදී මරණය තෝරා ගැනීම වැදගත් හිංසාව සිදුකරනවට කපචූකප සූත්‍රයේ. මේ සූත්‍රයට අනුව හිංසාව මොනම විදියකටවත්, තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමටවත්, හිංසාව භාවිතා කිරීම පිළිගන්නේ නැහැ.“ - අති පූජ්‍ය ගල්කන්දේ ධම්මාලෝක හිමි

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් වෙන්නේ විධායකය හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින්, කරනු ලබන හෝ කරපු ක්‍රියාවක් මගින් සිදුවන මානව හිමිකම් කඩවීමක් මගින්. එසේ නම් අනෙක් වධහිංසා සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර කුමක්ද? ඒ අයට සාමාන්‍ය නීතිය යටතේ පුළුවන්. කලින් අපරාධ නීතිය යටතේ අනන්තවත් පොලිස් නිලධාරීන්ට දඩුවම් ලැබිලා තියෙනවා.” - ජනාධිපති නිතිඥ ජේ.සී.වැලිඅමුණ

අපි මේ මාධ්‍යකරුවන් විදියට. මේවයේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. මාධ්‍ය වධහිංසාවන් රොමෑන්තීකරණය කරනවා. අතිසංවේදීකරණවා. අතිශයෝක්තියෙන් විස්තර කරනවා. ඒ ඔස්සේ බොහෝ දේවල් අපිට මඟ ඇරෙනවා.”  - ජනමාධ්‍යවේදී අජිත් පැරකුම්


ඉතාමත් කණගාටුයි කියන්න අපි කියන දේ තාමත් මේ ආයතනවල මූලිකයින්ට ඇහෙන්නේ නැහැ. අර ගහපු නිලධාරියා නිතර ඇවිල්ලා කියනවා මට කණගාටුයි මම ඒක කලා. මට සමාව දෙන්න කියලා. නමුත් ආයතන වශයෙන් කියන්නේ, මේවා කරන්න අපිට බෑ. සාක්ෂි මදි. අපිට තොරතුරු මදි කියලා.” - නීතිඥ රමණි මුත්තෙට්ටුවගම


ඉහත සඳහන් විද්වතුන්ට අමතරව මෙම වැඩ සටහන නීතිඥ උපුල් කුමරප්පෙරුම විසින් මෙහෙයවන ලදි.




2019-06-26
Advertisement

Find us on Facebook