English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දංකොටුවෙන් හෙළිවන සත්‍යය - ජාතිවාදී බලවේගය හඳුනාගන්න!


දංකොටුවෙන් හෙළිවන සත්‍යය - ජාතිවාදී බලවේගය හඳුනාගන්න!

දංකොටුව සතිපොළ පවත්වාගැනීමේ වගකීම දරනු ලබන්නේ වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාව විසිනි. 2019 ජූනි 24 වෙනි දිනින් යුතුව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත, වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර කේ.වී සුසන්ත පෙරේරාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියකින් ප‍්‍රදේශයේ සාමකාමී වාතාවරණය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා මුස්ලිම් වෙළඳ ප‍්‍රජාවට තාවකාලිකව දංකොටුව සතිපොළ භූමියෙහි වෙළඳාම් කටයුතු තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

ඔහු මෙම තීරණයට හේතු වශයෙන් දක්වන කරුණට රට තුළ පැන නැගුණු අන්තවාදී කි‍්‍රයාවන් නිසා ප‍්‍රදේශයේ විවිධ ගැටළු පැන නැගුනු බවත්, සති පොළ පවත්වන ස්ථානයට පැමිණෙන වෙළඳ ප‍්‍රජාව අතර මුස්ලිම් ප‍්‍රජාවද ඉන්නා බැවින්, ඊට ප‍්‍රදේශවාසීන්ගේ හා වෙළඳ ප‍්‍රජාවගේ දැඩි විරෝධයක් ඇති බැවින්, ඒ බව සභාපතිවරයාව ඔවුන් විසින් දැනුවත් කර ඇති නිසා මෙම තත්ත්වය ප‍්‍රදේශයේ සාමකාමී වාතාවරණයට ගැටළුවක් විය හැකි නිසා මෙම තීරණය ගත් බවයි.

වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාව ජයග‍්‍රහණය කරන ලද්දේ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණයි. ඔවුන් මුළු ඡුන්ද 36,819 ලබා ගන්නා ලදි. ඉන් ඔවුන්ට ආසන 24 ක් හිමිවිය. දෙවන ස්ථානයට එක්සත් ජාතික පක්ෂයත්, තෙවෙනි ස්ථානයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් පත්විය. ඒ අනුව වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාවේ නායකත්වය, සභාපතීත්ත්වය දරන්නේ පොදු ජන පෙරමුණයි. ලංකාවේ මෑත කාලයේ සිදුවු ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් පිටුපස සිටියේ පොදු ජන පෙරමුණයි. මිනුවන්ගොඩ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් සඳහා අවශ්‍යව සිටි එහි දේශපාලන නායත්වය රටින් පලා ගියායයි පසුගිය දා ප‍්‍රවෘත්තියක් පළ විය. එමෙන්ම දිවයින පුවත්පත මගින් පළ කරන ලද ලංකාවේ ප‍්‍රධාන රෝහල් කීපයක් අසළ නොමිලේ ආහාර දුන් ස්ථානයන් තහනම් කලාප බවට පත් කළේද, ඊට විශාල ප‍්‍රචාරයක් ලබා දුන්නේ ද පොදු ජන පෙරමුණේ දේශපාලන නියෝජිතයන් විසිනි. 

අනෙක් සියළු පක්ෂ අභිබවා ඔවුන් මෙය සිදුකරමින් සිටියි.වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාපතිවරයාට කිරීමට තිබුණේ විරුද්ධත්වය පළ කළ පුද්ගලයන්ට කරුණු පහදා දී, සාකච්ඡුාවන් කිහිපයක් ඇති කර , තත්ත්වය සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගැනීමයි. බොහෝ ස්ථානයන්හී ගැටුම් ඇති නොවුනේ එවැනි කි‍්‍රයා මාර්ග නිසයි.

මේ තත්ත්වය වෙනස් කිරීමට පොදු ජන පෙරමුණේ දේශපාලන නායකත්වය දේශපාලන කී‍්‍රඩාවෙන් මඳක් හෝ මිදී ජාතින් අතර සංහිඳියාව ඇති කිරිමට පියවර ගත යුතුය.

මේ අතර ජූනි 25 වෙනි දින මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දෙමින් ජූනි 28 වෙනි දින, අධිකරණයේ පෙනී සිටින ලෙෂ දන්වා සිටින ලදි. එහිදී වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාවේ සභාපති එච්.ඒ.සුසන්ත පෙරේරා ඇතුළු හය දෙනෙකුට සිතාසි නිකුත් කළේය. ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් එවන ලද ලිපිය පොලිසිය විසින් අධිකරණයට ජූනි 25 වෙනි දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.





2019-06-26
Advertisement

Find us on Facebook