English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණට පසුත් අපේ මිනිස්සු ඉන්නේ දුකට කවි කියන තැන: ICCPR - නීතිඥ ජානක එදිරිසිංහ


ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණට පසුත් අපේ මිනිස්සු ඉන්නේ දුකට කවි කියන තැන: ICCPR - නීතිඥ ජානක එදිරිසිංහ

හැම නරකක් තුලම හොඳක් තියෙනවා සේ, අත් වැරදීමකින් හෝ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ පනතින් මෙතෙක් කල් නොලැබුණු මානව අයිතිවාසිකම් කඩකිරීම් වලට එරෙහිව පුද්ගලිකව නඩු පැවරීමේ හැකියාවක් තියෙන බව නීතිඥ ජානක එදිරිසිංහ මහතා ICCPR පනතේ ඇති වාසිදායක තත්වයන් පිළිබඳව පැහැදිලි කරමින් පැවසීය.

ඒ “හිංසනය, ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදය පිටු දකිමු!” මැයෙන් වූ මහජන සම්මන්ත්‍රණය අමතමිනි. එය වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

තවද ඔහු මිනිසුන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට උනන්දුවක් නොදැක්වීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වීය.

“දුක දරාගෙන කවි කියපු උරුමයක් තියෙන අපේ ලාංකික මිනිස්සු, ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනට පසුත් ඉන්නේ දුකට කවි කියන තැන. නීති පොත්වල මිනිසුන්ගේ ආරක්ෂාවට නීති නැතුවා නොවේ. එම නීති වලින් මිනිසුන් ආරක්ෂා කරන්න සැදී පැහැදීගත් අධිකරණ පද්ධතියකුත් නැතුවා නොවේ. මොකද්ද එතකොට නැත්තේ? නැත්තේ නීතිය ඉදිරියේ මිනිසුන්ට කෙලින් සිට ගැනීමේ හැකියාවයි.”

අදහස් දැක්වීම පහතින්...





2019-06-25
Advertisement

Find us on Facebook