English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මිනිහෙක්ව නිකම්ම මරලා දාන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ - කමල් අද්දරආරච්චි

මානව හිමිකම් ජනගත කරමු ( 6 )



මිනිහෙක්ව නිකම්ම මරලා දාන්න
කිසිම කෙනෙක්ට අයිතියක් නෑ.

කමල් අද්දරආරච්චි

නීතිය සකස් කරන්නේ ජනතාව පත් කරන්නන්ය. එසේ වුවත් පත්වූවන් ඒ සඳහා සුදුසු ද? ඔවුන් නීතිය හා කරන විවිධ විවිධ අකටයුතුකම් සඳහා ජනතාවටත් වගකීමක් තිබේද?

ඒ සම්බන්ධයෙන් ප‍්‍රවීන රංගධර කමල් අද්දආරච්චි කළ අදහස් දැක්වීමකි මේ.

නීතිය හා සාමය කතා කරද්දී ප‍්‍රවේසම් විය යුතු සංවේදී මාතෘකාවක්. නීතිය හා සාමය ගැන කතා කරද්දි මඳක් ප‍්‍රවේසම් විය යුතුයි. අපි හිතන්නේ නීතිය හා සාමය අදාල වෙන්නේ උසාවිය, පොලිසිය වගේ ආයතනත් එක්ක සම්බන්ධතාවයක් තියාගන්න, තැන්වල කියලා. මම හිතනවා නීතිය හා සාමය කියන එකේ, අවශ්‍යතාවය පවතින්නේ රටක යහපැවැත්ම පවත්වාගෙන යන්න. මේ යහපැවැත්ම පවත්වාගෙන යන්නේ පොලිසිය ද, උසාවිය ද, කව්ද? මේ ගැන සාකච්ඡා කරන කොට, අපිට තවත් පැති තියෙනවා කතා කරන්න. නීතිය හා සාමය පවත්වා ගන්නේ කව්ද? ජනතාව තමයි එය කරන්න  ඕන. එහෙමනම් ජනතාවගේ පැත්තෙන් සෑහෙන වගකීමක් හා අයිතියක් තියෙනවා නීතිය හා සාමය පවත්වා ගැනීමට. එතකොට මේ නීතිය හා සාමය කියන දේ තුළ, බොහෝ විට අපි දකිිනවා මිනිසුන්ගේ නොදැනුවත්කම. නොදැනුවත්කම තුළ ඔවුන් හිතනවා තමන්ට ඇති කරන බලපෑම, තමන්ට සිදුවන යම් යම් දේවල් නීත්‍යානුකූලයි, නැත්නම් ඔවුන්ට අයිතියක් තියෙනවා ඔවුන්ට බලපෑමක් කරන්න. එහෙම නැත්නම් මේ ක‍්‍රමවේදය තුළ මෙහෙම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. අපේ වගකීමක් තමයි පාසැල් යන කාලේ ඉඳලම, ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළ ගෙනියන්න. නීතිය හා සාමය,මොකක්ද නීති රීති, මිනිස් ආකල්ප හා එය පවත්වා ගැනීම, නීති රීති රැුකගත යුත්තේ ඇයි?

මූලික වශයෙන් අපි දන්නවා නීතිය කි‍්‍රයාත්මක වෙන්නේ කාට හරි අගතියක් සිදුවුනාම. ඒ නිසා පළමුවෙනි කාරණය තමයි තමන් කරන දේවල් වලින් තවත් කාටවත්, කිසිම වරදක් නොවෙන එක.ඒ දේ අපි ඉගෙන ගන්නේ නීතියහ ා සාමයෙන් පමණක්ම නෙමෙයි. ඒක අපි ඉගෙන ගන්නේ අපේ ආගම,දර්ශනය හා අපේ සංස්කෘතිකමය වශයෙන් තියෙන අගයන් එක්ක. මේ දේවල් උගන්වන මාධ්‍ය තමයි ලංකාවේ පන්සලෙන්, පල්ලියෙන්,කෝවිලෙන්,  දෙමව්පියන්ගෙන්, පාසැලෙන්, ගුරුවරුන්ගෙන්. නායකයින්ගෙන්. වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න අපි පසුබිම දැන සිටිය යුතුයි. පාසැලට යන්න කලින් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට දෙන ආදර්ශ මොනවද? නීතිය ගරු කරන සමාජයක් බිහි කරන්න නම්, හොඳ දරුවන් නීතිගරුක විදියට හදන්න  ඕනා. තමනුත් එම නීතිය රැකගෙන, ඉතාමත් හොඳ ගුණදහම් එක්ක, ඒ දරුවන් සමාජය තුළට යවන්න  ඕනා.

නීතිය හා සාමය ගැන අවබෝධය මිනිසුන්ට ඉතාමත් පහළ මට්ටමක තියෙන්නේ. මේ වගේ ජනතාවක් අතරින් තමයි අපි තෝරගන්නේ නීතිය හා සාමය රකින්න. නීතිය හරියට නොදන්න පිරිසක් තමයි නීතිය රකින්න ඉන්නේ. නීතිය හා සාමය රකින්න ඉන්නේ පොලිසිය. පොලිසියට යන්නෙත් නීතිය හා සාමය හරියට දන්නේ නැති පිරිසක් නම් අපිට ගැටළුවක් ඇති වෙනවා පොලිසියක් හරහා පාලනය වන සමාජය, කොයිතරම් දුරට යහපත් විදියට අවබෝධයක් ඇතිව, නීතිය හා සාමය රැකීමේ අදහසින් කි‍්‍රයාත්මක වෙනවද, ඒ වගේම ජනතාවගේ පැත්තෙනුත් එසේ ව්‍යාකූල වුනු මනසකින් නීතිය හා සාමය නොකරන ජනතාවක් ඉන්න රටක, ඔවුන්ටත් මේ සිදුවන දේවල් ගැන හැගීමක් තියෙනවද? මේ කරුණු ඉතාමත් වැදගත් නීතිය හා සාමය ගැන බලන කොට.

අපේ රටේ නීතිය හා සාමය ගැන බැලූවොත් අපිට පේන දෙයක් තමයි. නීතිය නැතුව අපි සාමය ගැන කතා කළොත්, මේ මිනිස්සුන්ට සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් තියෙනවද? මේ සාමකාමීව ජීවත්වෙන්න බැරි පරිසරය ඇතිවෙලා තියෙන්නේ මිනිස්සුන්ම කරන වැරදි නිසාද? ජනතාව වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දේ ලබාදෙන, ඔවුන් තුළ යම් පාලනයක් ඇති කරන, ආර්ථික සංවර්ධන, අධ්‍යාපන, සෞඛ්‍ය, හැම දේකටම මැදහත්වෙන ආයතනය තමයි පාර්ලිමේන්තුව. එතන සිටින නියෝජිතයන් තමයි මේ හැම දෙයක් වෙනුවෙන්ම පෙනී සිටින්නේ. පාර්ලිමේන්තුවය යන පුද්ගලයෝ කොයි තරම් දුරට ඒ පිළිබඳව දැනුවත් ද? ඒ පිළිබඳව හැගීමක් තියෙනවද? ඒක ඊළග ප‍්‍රශ්නය. ඔවුන් බලයට එන්න දඟළන  කි‍්‍රයාකාරකම් පවත්වා ගන්න මොනතරම් අරගලයක් කරනවද? බලයේ සිටින දේශපාලන පක්ෂය, තමන්ට තියෙන සම්පත්, නීතිය සාමය රකින්න තියෙන පොලිසිය තමන්ගේ අනසකට නතු කරගන්නවා. පොලිසිය ඔවුන්ගේ අනියම් අතකොළු බවට පත් කරගන්නවා. ඒ තුළින් තමන්ට අවශ්‍ය දේ කරගන්නවා. තමන්ට අවශ්‍ය මර්ධනය කරගන්න. තමන්ට අවශ්‍ය විදියට ඒ පරිසරය තනාගන්න. දේශපාලනඥයන්ට කොතරම් පොලිස් රැකවරණය දෙනවද? මේ දේවල් වලට සම්බන්ධ වන නිලධාරීන්ටත් කිසියම් හැඟීමක් ඇතිවෙනවා මම ඉන්නේ බලවත් තැනක. බොහෝ දේශපාලඥයින්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, ඇමතිවරුන්, පළාත් සභා ඇමතිවරුන්, පාරේ යන්නේ තමන්ගේම කණ්ඩායමක් හදාගෙන, මාර්ග නීති කිසිම දෙයක් අනුගමනය නොකර. ඔවුන් මාර්ග නීති පවා උල්ලංඝනය කරනවා. පාර්ලිමේන්තුවට යන්න  ඕනා කියලා හදිස්සියක් තියෙනවද? නැත්නම් මළගෙදරක යන්න  ඕනා කියලා හදිස්සියක් තියෙනවද? මෙතන ප‍්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. 

අපි දකිනවා දෙගොල්ලකට නීතිය හරියට කි‍්‍රයාත්මක වෙන්නේ නෑ. සාමාන්‍ය ජනතාවට එක විදියක්, බලවත් අයට දේශපාලන ශක්තිය තියෙන අයට, දේශපාලනයේ නියැලෙන අයට, විරුද්ධ පක්ෂය හෝ වේවා නීතිය තවත් විදියකට කි‍්‍රයාත්මක වෙනවා. තමන්ට තියෙන බලය තුළ පොලිස් බලය තියාගන්නවා. පොලිස් නිලධාරියෙක් වුනත් අගතියකට පත්වුවහොත්. ඊට සම්බන්ධ පොලිස් නිලධාරියෙක් නම් එතනදී පොලිස් නිලධාරියාට වඩා දේශපාලඥයා බලවත් වෙනවා. මේ බලවත් වෙන දේශපාලඥයාගෙන්, මේ පොලිසිය ගලවාගෙන ඒක ස්වාධීන මට්ටමකින් තියා ගැනීම, මුලින්ම අවශයයි. මොකද පොලිසියට නීතිය හා සාමය කි‍්‍රයාත්මක කරවන්න නම් පොලිසිය තමන් කාගේ හරි වහලෙක් එහෙම නැත්නම් අතකොළුවක්, වෙනත් සේවකයෙක් බවට පොදු සේවයක් කරන පුද්ගලයාව රඳවාගැනීම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න  ඕනා. ඔවුන් දැන ගන්න  ඕන දේ තමයි අපි සියල්ලන්ම නීතියට යටත් බව. මේ නිසා මූලික වශයෙන්ම මේ දේශපාලනීකරණය වෙලා තියෙන පොලිසිය, සම්පූර්ණයෙන්ම ස්වාධීන මට්ටමකට ගේන්න අවශ්‍යයි.

අපි වැඩිය කතා කරන්න අකමැති දෙයක් තමයි මේ අතුරුදහන්වීම්. පසුගිය අවුරුදු ගානක් තිස්සේ අපිට ඒවා අහන්න ලැබුණා. නමුත් දැන් අපිට එක්තරා විදියකට අහන්න ලැබෙන්නේ නැහැ. මොකද දැනට තියෙන රජය පක්ෂ දෙකක් එකතුවෙලා ගොඩනගපු රජයක් තියෙන නිසා වෙන්න පුළුවන්. මොකද පක්ෂ දෙකක් එකතු වුනාම රජය බොහෝම බලවත් වෙන නිසා, මොකද දෙකේම ඉන්නේ එකම කට්ටිය නිසා. එතකොට ඒක සමබර වෙලා යනවා. මේක විශේෂ අවස්ථාවක්,බලයක් මාරුවුනා කියලා සිදුවෙච්ච දෙයක් නෙමෙයි. විරුද්ධ මතධාරීන් එකතුවීම නිසා, හැමෝම හැමෝම දන්නවා. හැමෝටම බලය තියෙනවා. එක පැත්තකට මේක හොඳයි. දේශපාලනයේදී අපි විරුද්ධ මතයක් තිබ්බත්, රටේ පාලනය සඳහා එකමුතුවක් තියා ගන්න එක හොඳයි.

ඒ වුනත් නිතිවිරෝධී ඝාතන, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම්, නිති විරෝධීව වධහිංසාවන්, දඩුවම් පැමිණවීම්. නිතියෙන් දඬුවම් ලැබීමට ප‍්‍රථමයෙන් දඬුවම් කරනවා. මේක ම්ලේච්ඡ දෙයක්. මිනිහෙක්ව කිසිම නීතියක් නැතුව මරලා දාන්න හරි, කිසිම කෙනෙක්ට අයිතියක් නෑ, වෙනත් කෙනෙක්ගේ ජීවිතයක් තමන්ගේ අතට අරගෙන මරලා දාන්න. කිසිම නීතියක යටත් නොවන ආකාරයකින් අත්අඩංගුවට පත් කරලා, වධහිංසනයට ලක් කරන එක මානුෂික වෙන්නේ නැහැ කොහොමත්. මොකද ඊට වඩා ක‍්‍රමවේද අනුගමනය කරන්න පුළුවන් කෙනෙකුගෙන් සත්‍ය එළිදරව් කරගන්න. යම් යම් ප‍්‍රශ්න වලදී ඒවා නිරාකරණය කරගන්න අවශ්‍ය ක‍්‍රමවේදයක් හදාගන්න එක. අපිට තියෙන දෙයක් තමයි අපි හිතන්නේ නැති දෙයක් තමයි නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසියට බඳවා ගන්නෙත් ඉතාමත් අවම අධ්‍යාපන සුදුසුකම් එක්ක. මෙය නොකළ යුතු දෙයක්. නීතිය හා සාමය කි‍්‍රයාත්මක කරන තැනට, අවම සුදුසුකම් ලබා යන පුද්ගලයට කොපමණ දේවල් තියෙනවද ඉගෙන ගන්න. ඔහුට මුළ ඉඳළම ඉගෙන ගන්න වෙනවා නීතිය ගැන. ඔවුන්ට ඉගෙන ගන්න අවශ්‍යයි මනෝවිද්‍යාව වැනි විශයයන්. මිනිසුන් සමග සුහද සම්බන්ධතාවයක් පවත්වාගන්න අවශ්‍යයි පොලිසියට. දුක අහන්නෙත්, පැමිණිලි අහන්නෙත්, මිනිස්සුන්ගේ දුක දන්නෙත්, හැම දේකටම යන්නෙත් පොලිසියයි. එක පැත්තකට වැඩියෙන් පක්ෂග‍්‍රාහී වෙලා වැඩ කරනවට වඩා හොඳ අවබෝධයකින්, බුද්ධිමත්ව කරන්න හැකියාව තියෙන පිරිසක් සිටිය යුතුයි පොලිසියේ. කාටවත් අගතියක් ඇති නොවන ආකාරයෙන් තමන්ගේ කාර්යය කරන්න  ඕනා. එතකොට තමයි පොලිසිය ගැන ජනතාවට විශ්වාසයක් ඇති වෙන්නේ. ජනතාවගේ විශ්වාසය දිනාගෙන සේවය කරන පොලිසිය තුළ තිබිය යුතුයි හොඳ සන්නිවේදනයක්. හොඳ මහත්මා ස්වභාවකයින් ආමන්ත‍්‍රණය කරන්න පුළුවන්, මිනිසුන් සමග එක්ව වැඩ කරන්න පුළුවන් බුද්ධිමත් පිරිසක් සිටිය යුතුයි. පොලිසිය ඇතුළට ගන්න හැම නිලධාරියෙක්ටම යම් කිසි අධ්‍යාපන වටිනාකමක් ලබාදීම අවශ්‍යයි, අධ්‍යාපනයක්, හැදෑරීමක්, ශික්ෂණයක් තුළ තමයි පොලිස් නිල ඇඳුම පැළඳිය යුත්තේ. පොලිස් නිලධාරියෙක් ඉහළ යද්දි, උසස්වීම් ලබද්දි තව තවත් ඉගෙන ගැනීමක් අවශ්‍යයි. දේශපාලන හස්තයන්ගේ අනුග‍්‍රහයෙන් නිලතල ලබාගන්නවාට වඩා, තමන්ගේ පරිනත බුද්ධියෙන් හා අධ්‍යපනයෙන් ලබන දේ තුළ ඔවුන්ට ලබා දිය යුතුයි ඔවුන්ගේ උසස්වීම්.

මේ වගේ ක‍්‍රමවේදයන් අනුගමනය කළහොත් ශී‍්‍ර ලංකා පොලිසිය වුනත් ඉතා හොඳ, විනීත, කාරුණික, මහජන සබඳතාවයන් හොඳින් තියාගන්න පුළුවන් පොලිසියක් ගොඩනගා ගන්න ඉතාම අවශයයි.

පොලිසියකට අත්‍යාවශ්‍යයයි සත්‍ය එළිදරව් කරගැනීමට පොලිසියකට. හැම පොලිසියකටම බුද්ධි අංශයක් අවශයයි. පැමිණිවල ගැටළුකාරී තත්ත්වයන් තිබේ නම්, ඒවා සොයා බලා ඒ ගැන හරියට තීරණ ගන්න පුළුවන් විදියේ වාර්තා සපයන්න අවශ්‍යයි. විත්තිකරුවෙක් හෝ සාක්ෂිකරුවෙක් හෝ වේවා ඒ පුද්ගලයා හිතනවට වඩා දෙයක් පොලිසිය විසින් කරලා තියෙන්න  ඕනා, සත්‍ය එළිදරව් කරගන්න නම්. වරදට දඩුවමක් දෙන කොට අපි හැමවෙලාවෙම හිතන්නේ වුනු වැරැුද්ද ගැන විතරයි. වරද කරන්න පසුබිම් වෙච්ච හේතුව ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. අඹ ගෙඩියක්, කොස් ගෙඩියක් කැඩුවයි කියලත් මිනිස්සු දඬුවම් කරලා තියෙනවා. මේ වගේ සිදුවීමකදී දඬුවමක් ලබාදෙන්න ඉස්සර වෙලා හිතන්න  ඕනා මේ වරදට හේතු වුනේ මොකක්ද කියලා? වරද කරේ ඇයි? එතන හිතන්න බැරි තරම් වූ මනුෂ්‍යයෙක් ඉන්නවා නම්, ඒ වෙච්ච වරදට දඩුවම් කිරීම තුළ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න බෑ. නීතිය හා සාමය පවත්වාගෙන යෑමට පුළුවන් වෙන්නේ නිවැරදි පසුබිමක් අවබෝධ කරගෙන, හැම පැත්තෙන්ම සොයා බලලා, වරද කරන්න වුනු හේතුවක්, පසුබිම හොයලා බළලා,තමයි තීරණය කරන්න වෙන්නේ මේ වරද කරන්න වුනේ ඇයි කියලා. අනියම් හේතුවක් නිසා සිදුවුනු සිදුවීමක් නම් දඩුවම වෙනස් වෙනවා.

අද සමාජයේ තියෙන අපරාධ සංකීර්ණයි. අද රටේ සයිබර් අපරාධත් සිදුවෙනවා. පොලිස් නිලධාරීන්ට විද්‍යාත්මකව හිතන්න, මේ අපරාධවල ඇති සංකීර්ණත්වය ග‍්‍රහණය කරගන්න පුළුවන් හොඳ බුද්ධියක් ලබා දෙන්න, අන්තර්ඡුාල දැනුම, පරිගනක පිළිබඳ දැනුම මේ හැම එකක්ම දීලා අවශ්‍ය බුද්ධිමය හිතීමකට ඉඩදීමේ සම්භාවිතාවය වැඩි කළ යුතුයි. පොලිසිය දියුණු පොලිසියක් කිරීමෙන් වධහිංසාව වැනි දේවල් සිදුනොවන තැනකට පොලිසිය පත් කළ හැකියි.

රයිට් ටු ලයිෆ් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි







2019-06-24
Advertisement

Find us on Facebook