English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආගමික අන්තවාදය මඩින්න තිබෙන නීති රීති ප්‍රමාණවත්. අවශ්‍ය පුරවැසි වගකීමයි. - නීතිඥ ලක්ෂාන් ඩයස්


ආගමික අන්තවාදය මඩින්න තිබෙන නීති රීති ප්‍රමාණවත්. අවශ්‍ය පුරවැසි වගකීමයි. - නීතිඥ ලක්ෂාන් ඩයස්

“යම් සමාජයක අන්තවාදීන් බිහිවීම වලක්වන්න බෑ නමුත් අන්තවාදය සමාජයට හිරිහැරයක් නොවන අයුරින් පරිපාලනය කරන්න පුළුවන්. ඒ සඳහා ලංකාවේ මුලික නීති වර්ග තුනක් තියෙනවා. දණ්ඩනීති සංග්‍රහයේ 290,291,292 යන වගන්ති තුන හොඳටම ප්‍රමාණවත්, නමුත් ක්‍රියාත්මක කරන්නේ නෑ. පොලිසිය මේක කරන්නේ නෑ. එකට අවශ්‍ය වන්නේ පුරවැසි වගකීමයි.

අන්තවාදයට එරෙහිව සමාජ මාධ්‍ය තුල පමණක් යුද වැදීම ප්‍රමාණවත් නෑ එයින් එලියට ඇවිත් සටන් කලයුතුයි. අවශ්‍ය නීති ක්‍රියාත්මක කලයුත්තේ රටේ පුරවැසියන්. පුරවැසියන් සුදානම් නම් එලියට ඇවිල්ල අන්තවාදය මඩින්න, ඔවුන් වෙනුවෙන් ආයතන ඕන තරම් තියෙනවා. එවැනි පුද්ගලයින්ට එරෙහිව පුද්ගලික අපරාධ නඩුවක් දාන තත්වයකට පුරවැසියන් පත් වුවොත් අන්තවාදයට විශාල බලපෑමක් කරන්න පුළුවන්.”

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මේ අදහස් පලකලේ ඊයේ (22) “හිංසනය, ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදය පිටු දකිමු!” මැයෙන් වූ මහජන සම්මන්ත්‍රණය අමතමිනි. එය වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

වීඩියෝව පහතින් දැක්වේ...





2019-06-23
Advertisement

Find us on Facebook