English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඥාණසාර හිමිගේ නිදහසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක්


ඥාණසාර හිමිගේ නිදහසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවණමුත්තු විසින් ජනාධිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් අභියාචනාධිකණයේදී 2018 අගෝස්තු 8 වෙනි දින දඩුවම් ලැබූ ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ව ජනාධිපති සමාව යටනේ නිදහස් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් : ීක්‍ ත්‍ඍ 256/2019 * ඉදිරිපත් කර ඇත. ජනාධිපතිවරයාගේ කි‍්‍රයාවට එරෙහිව ඉදිරිපත් වී ඇති මෙම පෙත්සම සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා ඉදිරිපත් වනු ඇත.

ඉදිරිපත් තිබේ. ඒ වන විට ඒ හිමියන්ට තමන්ට නියම වූ අවුරුදු 19 ක සිරදඩුවම වසර 06 ක් තුළ ගෙවෙන සේ කි‍්‍රයාත්මකවීමට නියමිතව තිබිණි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අංක 34 වගන්තිය අනුව තම බලය කි‍්‍රයාත්මක කළ ජනාධිපතිවරයා විසින් අධිකරණයට අපහාස කළ ගලබොඩඅත්තේ ඥණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට අභියෝගයක් එල්ල වන බවත් එහි මූලික චෝදනාව වේ. 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ඔහුගේ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් විශාල වගවීමක් ( යුද්ධය හා සාමය නියෝග කිරීමේ ජනාධිපතිවරයාට ඇති බලය අනුව) තිබේ. මේ කරුණු මත තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී යයි ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු කර ඇත. 

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය තවදුරටත් සඳහන් කරන්නේ්, ඥාණසාර හිමියන් විසින් අධිකරණයට අපහාස කිරීම නිසා අධිකරණයේ බලය, අධිකරණයේ අධිකාරී බලය හා අධිකරණය සතු අභිමානය, නීතියේ ආධිපත්‍යය සැහැල්ලූවටත්, අභියෝගයටත් ලක් කළ බවත් සඳහන් කර ඇති බවය. ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපය නිසා සියළුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන යයි කීමද, නීතියෙන් සියළුම පුරවැසියන් ආරක්ෂා සහිත යයි කීම ද උල්ලංඝනය වී ඇති බවත් අවධාරණය කරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාතික අර්බුදකාරී අවස්ථාවන් වලදී විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මෙවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත. එයින් සුවිශේෂීම ඉදිරිපත් වීම වන්නේ 2018 ව්‍යවස්ථා අර්බුදය අවස්ථාවේ දී ඉදිරිපත් කරන ලද පෙත්සමයි.



2019-06-23
Advertisement

Find us on Facebook