English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කැබිනට් නියෝජිතයන් අගමැති සමග විශේෂ කාරක සභාවට


කැබිනට් නියෝජිතයන් අගමැති සමග
විශේෂ කාරක සභාවට

අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවූ පාස්කු ප‍්‍රහාරයේ දී සිදුව ඇති අක‍්‍රමිකතාවයන්, වගකීම් පැහැර හැරීම් ගැන පරීක්ෂණය කරන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව දැන් රජයේ නිලධාරීන්ගෙන් ඉවත්ව දේශපාලන නායකත්වය දෙසට යොමු වෙමින් තිබේ.
පසුගිය දිනවල ප‍්‍රධාන පුවතක් වූයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීමයි. අගමැතිවරයා  ඕනෑම විශේෂ කාරක සභාවකට කැඳවිය හැකි වුවත්, ජනාධිපතිවරයා කැඳවීම පිලිබඳ ගැටළුවක් පැන නැගී තිබිණි.

නමුත් නීති විශාරදයින්ගේ මතය වූයේ 19 වෙනි සංශෝධයෙන් පසුව ජනාධිපතිවරයාව එවැනි විශේෂ කාරක සභාවක් ඉදිරියට කැඳවිය හැකි බවයි. එමෙන්ම ජනාධිපතිවරයාට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු කිරීමට, තවත් වර්ධනය කිරීමට අවශ්‍ය නම් ඔහු විසින්ම මෙම විශේෂ කාරක සභාවට පැමිණි යුතුයි. එහිදී ඔහුගේ මතය, අදහස්, ඉදිරිපත් කිරීමටත් විවිධ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අපහැදිලි ස්ථානයන් නිවැරදි කිරීමටත් හැකියාවක් ලැබෙනු ඇත. ඒ මගින් ඔහුගේ කීර්තිනාමය ( ඇත්නම් ? ) ආරක්ෂා කිරීමටත්, ඔහු නිවැරදි නම් එම කීර්තිනාමය තවත් වර්ධනය කර ගැනීමටත් ඔහුට අවස්ථාවක් ලැබෙනු ඇත. රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ඔහු මෙම විශේෂ කාරක සභාවට සහභාගි වීම අත්‍යවශ්‍ය වේ.

කෙසේ වුවත් දැනට ලැබෙන ආරංචි අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු ඇමතිවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්ධුම බණ්ඩාර ය න රජයේ නියෝජිතයන් විශේෂ කාරක සභාවේ සාක්ෂි ලබා දීම සඳහා පැමිණෙනු ඇත. එය සිදුවුවහොත් ඉදිරියට එය වැදගත් පූර්වාදර්ශයක් වනු ඇත. එමෙන්ම ඒ මගින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කිරීමට ඉදිරියේ දී භාවිතා කළ හැකි වනු ඇත.



2019-06-23
Advertisement

Find us on Facebook