English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ සිරගෙදර ඝාතන වෙනුවෙන් ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් !


වැලිකඩ සිරගෙදර ඝාතන වෙනුවෙන්
ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් !

සත් වසරකට ඉහත දී වැලිකඩ බන්ධනාගාරයේ විසි හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවරෙන නඩු විභාගයට ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුගෙන් ඉල්ලා තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කටයුතු කළ නියෝමාල් රංගජීව, වැලිකඩ බන්ධනාගාරයේ හිටපු අධිකාරී එමිල් රංජන් ළමාහේවා සහ වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළ ඉම¥වගේ ඉන්දික සම්පත් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

චෝදනා 33 ක් යටතේ නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2012 වසරේ නොවැම්බර් මස 09 දා රජයේ ආරක්ෂක අංශ වැලිකඩ සිරගෙදර කඩා වැදී සහ සිරකරුවන් අතර ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර හතළිහකට නොඅඩු පිරිසකට තුවාල සිදුවිය.

එම ඝාතන පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ විමර්ශන වාර්තාව විශ‍්‍රාමලත් විනිසුරු නිමල් නම්බුවසම් අගමැති රනිල් වික‍්‍රමසිංහ හමුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාර දෙන ලද්දේ 2015 ජූනි මසදීය. සිව් වසරක් ගතවී ඇතත් මේ තාක් එම වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කර නැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කිරීම් සිදුකරන ගවේශනශිලී මාධ්‍යවේදීන් යම් යම් තර්ජනයන් ලක්වීමක් ද සිදුවිය. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම වැනි ස්වාධීන කොමිසම් සභාවන් සඳහා පැමිණිලි කිරීමක් ද සිදු කර ඇත. මෙම නීතිමය කි‍්‍රයාවලියේ දී මේ චූදිතයන් යම් කිසි පාලනයක් ඇති වුවහොත් එය සමාජයට ද, එම ජනමාධ්‍යවේදීන්ට ද ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමක් වනු ඇත.  

දීර්ඝ කාලීන නිහැඩියාවකින් පසුව හෝ මෙම සිද්ධිය නීතියේ යම් කි‍්‍රයාශිලීවීම යහපත් ප‍්‍රවණතාවයකි. මෙම සිදුවීම තවත් සිදුවීම් කිහිපයක් නැවත කරළියට පැමිණ පැමිණෙන්නේ යම් දේශපාලන හේතූන් මත යැයි හැඟී ගිය ද, මෙය ඉතා වැදගත් පියවරයකි. එමෙන්ම නීතිිිමය කි‍්‍රයාවලිය අවසානයක් දක්වා ගමන් කරනු ඇතැයි ද විශ්වාස කරමුු.



2019-06-22
Advertisement

Find us on Facebook