English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආරක්ෂක අංශ දුර්වල වුවා යැයි පොලිස් නිලධාරීන් දංගෙඩියට


ආරක්ෂක අංශ දුර්වල වුවා යැයි පොලිස් නිලධාරීන් දංගෙඩියට
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එහි බලපෑම් අවම කර ගැනීමට කි‍්‍රයා නොකිරීමට කි‍්‍රයා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුට එරෙහිව අපරාධ විමර්ශන ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා විසින් ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

වැඩ බලන පොලිස්පතිවරයා මෙවැනි නියෝගයක් ලබා දී තිබෙන්නේ පාස්කු ඉරු දින ප‍්‍රහාරය සම්බන්ධයෙන්, පත්වී තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තුළින් මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් වෙනත් තොරතුරු රැුසක් අනාවරණය වෙමින් තිබියදීය. මාස දෙකක් ගත වූ පසු මෙවැනි කි‍්‍රයාමාර්ගය නිකුත් වීම වෙනස් දේශපාලන අරමුණක් එහි තිබෙන බව පැහැදිලිය.

පොලිස් නිලධාරීන් වෙනුවෙන් පමණක් නීතිමය කි‍්‍රයා මාර්ග ගැනීම ගැන අවධානය යොමුවීම ගැන අවධානය යොමු විය යුතුයි. මන්ද මෙවැනි කි‍්‍රයාමාර්ග තුළින් නියම විදියට වගකිව යුතු පුද්ගලයන් මගහැරී ජනතාවගේ අවධානය යොමුවනු ඇත. මේ නිසා නිසි අරමුණක් නොමැතිව මෙලෙස නිලධාරීන් දංගොඩියට යැවීම කිසිසේත් අනුමත කළ නොහැක.

ඉහළින් නියෝගයක් ලැබූ පසු ජනතාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් කළ කැපවීම සිදුවීම සිදුවීමෙන් අනතුරුව මුළු මහත් ජනතාව දුටුවෝය. තමන්ට ඉහළින් නියෝගයක් පැමිණියේ නම්, ති‍්‍රවිධ හමුදාවත්, පොලිිසියත්, බුද්ධි අංශත් ජනතාව ආරක්ෂා කිරීමට ඉදිරියට පැමිණෙන බව සාමාන්‍ය සරළ සත්‍යයකි. සෙවිය යුත්තේ එවැනි නියෝගයක් නොපැමිණියේ මන්ද යන්නයි. එසේ නොමැතිව දෙවෙනි පෙළ, තුන්වෙනි පෙළ නිලධාරීන් පෙළීම, දංගෙඩියට යෑම නොවේ.

ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව හා උපදෙස් මත මෙවැනි කි‍්‍රයාවලියකට වැඩබලන පොලිස්පතිවරයා විසින් නියෝගයක් නිකුත් කළයැයි සැක කළ හැක.

මෙම නියෝගය අනුව කොළඹ සහ වයඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, විශේෂ ආරක්ෂක දිසාව ආරක්ෂාක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මීගමුව ජේෂඨ පොලිස්පතිවරයා, කොළඹ උතුර පොලිස් අධිකාරිවරයා, මීගමුව කොට්ඨාස 3 හා 4 සහකාර පොලිස් අධිකාරීවරුන සහ කටාන හා ජම්පටා වීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් යන අයට එරෙහිව විමර්ශන සිදු කෙරුණු ඇත.

අපරාධ පරීක්ෂණයට අමතරව මොවුන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ද නීතිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වේ.





2019-06-22
Advertisement

Find us on Facebook