English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බෞද්ධාගම තලෙයිබාන්කරණය වෙයිද? - ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු


බෞද්ධාගම තලෙයිබාන්කරණය වෙයිද?

ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
විධායක අධ්‍යක්ෂ
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය
සාමාජික වධහිංසාවට එරෙහි ශී‍්‍ර ලංකා එකමුතුව

වධහිංසාව සම්බන්ධ නීති ගැන අපි නිතර කතා කරමු. දේශපාලඥයින් නිතර ප‍්‍රකාශ කරනවා නව නීති අවශ්‍යය බව. නමුත් අපිට අවශ්‍ය තරම් නීති තිබෙනවා. වධහිංසාව සම්බන්ධයෙන් වුවත් එම නීති වඩාත් ඵලදායී අයුරින් භාවිතා කිරීමට හැකියාවක් ඇත. දැනට පවතින නීති භාවිතා කිරීමෙන් අදාල වැරදි කි‍්‍රයාවන්ට සහ කි‍්‍රයාකරුවන්ට එරෙහිව පියවර ගැනීමට හැකියාවක් තිබේ. ඒ මගින් වධහිංසාව සම්බන්ධයෙන් අපගේ ගැටළු විසඳාගැනීමට හැකියාව ලැබේ.

වසර 25 ක් ගතවෙන විටත් අපිට වධහිංසාව සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබී තිබෙන්නේ නඩු කිහිපයක් සම්බන්ධයෙන් පමණයි. නීතිමය හා අධිකරණ යාන්ත‍්‍රණයේ ගැටළු පවතී නම්, අපි මුළු හදවතින්ම, අවධානයෙන්ම අපට දැනට තිබෙන නීති රීති කි‍්‍රයාත්මක කරවීමට පියවර ගත යුතුයි. වුවත්, නීතිමය වෙනස්කම් කිරීමට ගැටළු පවතී නම්, අපි මුළු හදවතින්ම, අවධානයෙන් අපට දැනට තිබෙන නීති රීති කි‍්‍රයාත්මක කරවීමට පියවර ගත යුතුයි. දේශීය, ජාත්‍යයන්තර වශයෙන් ශී‍්‍ර ලංකා පොලිසිය නිරන්තයෙන් සැකකරුවන්ගේ තොරතුරු දැනගැනීමට හා පාපෝච්ඡුාරණයන් සඳහා වධහිංසාව භාවිතා කරන බව පවසා තිබෙනවා.

අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවීමෙන් අනතුරුව අපගේ සමාජය නව තත්ත්වයකට මුහුණ දෙමින් සිටී. සංහිඳියාව, සහජීවනය, සාමය, ගැන බැලීමේදී ඉතාමත් වැදගත් අස්ගිරිය පාර්ශ්වයේ නායක හිමියන් විසින් දක්වන ලද අදහස් සම්බන්ධයෙන් අදහසක් පැවසීම කළ යුතුයි. ඒ හිමියන් විශාල බලපෑමක් ඇතිවෙන අයුරින් ප‍්‍රකාශ සිදු කරන ලදි. මුස්ලිම් ජනතවට ගල් ගැසීමට නොකියුවත්, එය සිදු කිරීම හරි බව ඒ හිමියන් පවසයි. මෙවැනි අදහස් පැවසීම සිදුවන්නේ ඉස්ලාම් ධර්මය තලෙයිබාන්කරණය වීම නිසා. ඉස්ලාම් ධර්මයේ අන්තවාදය නිසා. අස්ගිරිය මා නාහිමියන් මුස්ලම්වරුන්ට ගල්ගැසීමට පැවසීම, ඉස්ලාම් අන්තවාදය හා සමාන යයි සිතෙන්නේ ඔබට සිතෙන්නේ නැද්ද?

ඒ හිමියන් විසින් පවසන ලද දෙයෙහි ගැබ්ව තිබෙන්නේ, මතුවී පෙනෙන්නේ, රිදුම්දෙන , වෛරයේ සහ කරදරවීමේ, දේශපාලනයයි. රටේ අයි.සී.සී.පී.ආර්. වැනි විශේෂ නීති තිබේ. නමුත් එවැනි නීති දැනට භාවිතා වෙන්නේ දුප්පත් කාන්තාවක් ධර්ම චක‍්‍රය වැනි යමක රුපයක් ඇති ඇඳගෙන ගිය නිසා සහ තමන්ගේ නිර්මාණශිලී හා කලාත්මක හැකියාවන් භාවිතා කරලා කෙටි කතාවක් ලියූ නිසා.



වාර්තාගතව වෛරී ප‍්‍රකාශ කරන ලද ඥාණසාර හිමියන්ට එරෙහිව, විෂ සමාජගත කළ, අධිකරණයට අපහාස කළ . අභියාචනාධිකරණයට, ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයන් ප‍්‍රතික්ෂේප කළ ඥණසාරට එරෙහි භාවිතා කළේ නෑ. එවන් තත්ත්වයක සිටි ඥාණසාරව ජනාධිපති මැදහත්වී නිදහස් කළේය. මෙය විමතිය දනවන්න කරුණකි. සිදුවීමකි.

අස්ගිරිය පාර්ශ්වයේ මහානායක හිමිගේ ප‍්‍රකාශ නිසා දැන් නව තත්ත්වයක් ඇති තියෙනවා. මේ රටේ සිටින බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට මේ තත්ත්වයෙන් ගැලවෙන්න. මුස්ලිම්වරුන්ට ගල් ගහන්න කියන මේ මේ සිදුවීම් ගැන මඳක් හිතන්න. අපේ රටේ ආගම්වලට මොනවද මේ වෙලා තියෙන්නේ? මේවද අපේ ආගමික නායකයන් රට වැසියාට පැවසිය යුත්තේ?



අපේ රටේ සිටින බෞද්ධ ආගමික නායකයන් කිසියම් වෙලාවට ඉදිරියට ඇවිල්ලා කතා කරනවද සංහිඳියාව ගැන. මම නම් ඒ විදියේ ප‍්‍රකාශනයක් දැකලා නෑ. එවැන්නක් තියෙනවා නම් මම මගේ අදහස නිවැරදි කරගන්නම්. ඔවුන් ඇවිත් පවසන්නේ ප‍්‍රචණ්ඩත්වය. මේ තත්ත්වය තිගැස්මක් ඇති කරනවා.

අපිට ඉදිරියට යන්න අවශ්‍යය නම්, කුමන ආකාරයකින් හරි. ඉදිරියේ දී එන ජනාධිපතිවරණයේදී අපි ඇත්ත දේ ඇති සැටියෙන් කිව යුතුයි. අපිට තිබෙන නීති අපි ප‍්‍රයෝජනයට ගැනීමක් සිදුකළ යුතුයි.. බලපෑමක් කළ හැකි පරිදි නීති භාවිතා කළ යුතුයි. ප‍්‍රචණ්ඩත්වය වපුරන මිනිසුන්ගේ කටවල් වැහීම සිදු කළ යුතුයි. වෛරයේ දේශපාලනය පැතිරවීම නිසා නීතිමය කි‍්‍රයාමාර්ගය තුළින් ඔවුන් ඉවත් කිරීම සිදු කළ යුතුයි. එය අපි සිදු නොකළොත් රටට කිසිඳු ඉදිරි ගමනක් ඇති නොවේ. එසේ වුවහොත් අපට බෙදුනු ජනතාවක් සහිත රටක් උරුම වනු ඇත. 

වර්තමානයේ අවධානය යොමු විය යුතුයි නව ඩයස්පෝරාව ගැන. මේ රට තුළින්ම බිහිවුනු මුස්ලිම් ඩයස්පෝරාව. රටේ තිබුණු, කි‍්‍රයාත්මක වුනු සමහර සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන් වසා දාලා තිබේ. තවත් ව්‍යාපාරයන් වෙනත් ස්ථාන වෙත රැුගෙන ගොස් තිබේ. සමහරු මුස්ලිම් ජාතියන් විදේශගත වෙමින් සිටී. පූර්වමත දැරීම්,වෛරී සහ පුද්ගලික මට්ටමේ සිට සිදුවේ. මෙවැන් තත්ත්වයන්ට රජයට මේ සම්බන්ධයෙන් රජයට කළ හැකි දෙයක් නැත. මුස්ලිම් ජාතිකයන් ත‍්‍රස්තවාදීන් ලෙස මතයක් ගොඩ නගා තිබේ. සැකය තුළින් එය කි‍්‍රයාත්මක වේ. මුස්ලිම් වෙළඳසැල වෙත යන්න එපා කියා මතයක්, අදහසක් වර්ධනය වෙමින් තිබේ.

රජය අපි සියළුම දෙනා ශී‍්‍ර ලාංකිකයන් බව ජනතාවට අවධාරණයෙන් පවසා මතයක් ගොඩනැගිය යුතුයි. විවිධත්වය තූල පවතින ඒකත්වය නිසා අපි ආරක්ෂා වුනු බව පැවසිය යුතුයි. අපට ගැටළු තියෙනවා ඒත් අපි ඉදිරියට යා යුතුයි. රජයට අවධාරණය කිරීමට කැමතියි. හැමෝටම කියන්න කැමතියි. දැනට මේ ප‍්‍රකාශිත අන්තවාදී ප‍්‍රකාශනයන් හෙළා දැකිය යුතු බව. මේ වචන වලින් විශාල බලෑපෑමක් සමාජයට  ඇති කරනවා. ඒ නිසා එවැනි ප‍්‍රකාශයන් ප‍්‍රසිද්ධියේ ඒවා හෙළා දැකිය යුතුයි.





2019-06-21
Advertisement

Find us on Facebook