English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බුදු දහම තුළ වධහිංසාවට ඉඩක් නෑ - වන්දනීය ගල්කන්දේ ධම්මානන්ද හිමි


මානව හිමිකම් ජනගත කරමු ! (6)
බුදු දහම තුළ වධහිංසාවට ඉඩක් නෑ.
වන්දනීය ගල්කන්දේ ධම්මානන්ද හිමි

බුද්ධ දර්ශනය අවිහිංසාවාදය මූලික කොටගත් දර්ශනයක්. ඒ තුළින් කිසිඳු ජීවියෙකුට හිංසාවක් නොකරන ලෙස තිබෙන ඉගැන්වීම් විශිෂ්ඨයි. ඒ ගැන නොකරන ලෙස තිබෙන ඉගැන්වීම් සම්බන්ධයෙන් සර්ව ආගමික කි‍්‍රයාකාරකම් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන උගත් භික්ෂූ නමක් අදහස් දැක්වීය.

වල්පොල රාහුල ආයතනයේ විධායක අධ්‍යක්ෂ, කැළණි  විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය වන්දනීය ගල්කන්දේ ධම්මානන්ද හිමි

”හිංසාව, වධයට ලක්කිරීම, පොදුවේ මිනිස්සු විශ්වාස කරන විදිය තමයි යමක් වුනාම ගහන්න  ඕනා. මරන්න  ඕනා. එහෙම නැත්නම් ඒ කරපු හානියට සමාන හානියක්, අනෙකාට කරන්න  ඕනා කියන එක. ඒක ලෝක ශිෂ්ඨාචාරයේ ඈත ඉඳන් එන ක‍්‍රමයක්. ඒක තමයි හරි විදිය කියලා පිළිගන්න එක.

බෞද්ධ ධර්මයට අනුව ඒ දිහා බැලූවොත්  ඕක, ඔය කියන අදහස හරිය කියලා කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. බුදු දහමේ වධහිංසාව සම්බන්ධයෙන් එන අදහස සම්පූර්ණයෙන් අනෙක් පැත්ත කියන්නේ. එහි බොහෝම පැහැදිලිව කියනවා හැම කෙනෙක්ම වධයට ලක්වීමට අකමැතියි, හැම කෙනෙක්ම මරණයට බියයි. තමන්ව උපමාවට අරගෙන, කිසිම කෙනෙක්, කිසිම විදියකට, වධයට, හිංසනයට ලක් කරන්න එපා කියනවා. බොහෝම පැහැදිලිව පාලි ගාථාවකින්ම තියෙනවා. ”සම්බේ තසන්ති දණ්ඩස්ති, සබ්බේ භයන්ති මච්ජුතෝ, අන්තානං උපමං කත්වා, නහනෙයිය නඝාතයේ” කියලා. බොහෝම පැහැදිලි මේ පද හතර අතරේ තියෙන්නේ කලින් සඳහන් කළ අදහස.

ඊට අමතරව බුදු දහමේ එන ඉගැන්වීම් අතර, නිතරම කතාවෙන වචනයක් තමයි මෛති‍්‍රය කියන එක. මෛති‍්‍රය කියන එකේදී මෛති‍්‍රය කියන්නේ මොකක්ද කියලා ගත්තොත්, මෛති‍්‍රය කියන අදහස තමයි, අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා, අනතුරකට ලක්වෙන්න යද්දී, තමන් ගැන නොසිතා, තමන්ගේ දරුවා බේරගන්න යම් සේ මැදහත් වෙනවද? අන්න ඒ හැගීමයි මෛති‍්‍රය කියන්නේ කියලා. ඊළගට කියවෙන දේ තමයි ඔන්න ඔය අදහසම තමයි සියළු ලෝක සත්වයා වෙත තමන්ගේ හිත තුළ වර්ධනය කරගන්න හා පතුරවන්න කියන එක. එතනදී වැදගත්ම දේ තමයි, තමන් කෙරෙහි, තමන්ට හිතවත් අය කෙරෙහි, තුන්වෙනි වටයේදී තමන්ට හිතවත් අහිතවත් නැති අය කෙරෙහිත්, හතරවෙනි වටයේදී තමන්ට හතුරු යයි කියන අය කෙරෙහිත් පතුරුවන්න කියලා කියනවා. හතුරු ලෙස කටයුතු කරපු කෙනා කෙරෙහිත්, කිසි වෙනසක් නැතුව, අපි ඉස්සෙල්ලා කියපු, අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවා රැුක ගැනීමට මැදිහත් වෙන, ඒ හැගීම වර්ධනය කරගන්න කියන එක.

කපචූපම කියලා සූත‍්‍රයක් තියෙනවා. ඉතාම වැදගත් සූත‍්‍රයක්. මේක භික්ෂූන් වහන්සේ කෙනෙක්ටයි දේශනා කරන්නේ. එතනදී බුදුහාමුදුරුවෝ ටිකක් රළු විදියට කතා කරන, ප‍්‍රතිචාර දක්වන භික්ෂුවක් එක්ක කරන කතා බහකදි අවසානයේදී කියන දේ තමයි, යම් විදියකට හිතන්න, ඔබව අල්ලලා ඔබගේ අතපය ගැටගහලා කියතකින් ඒ අතපය කෑලි කෑලි වලට කපනවා කියලා. මේ විදියට අතපය කියතකින් කෑලි කෑලි වලට කපද්දීවත්, මෛති‍්‍රයෙන් බැහැරවෙලා වෛරී සහගත මනසකින් වචනයක් හරි පිට කළෝතින්, ඔබ තවදුරටත් මගේ පණිවිඩය දරන්නෙක් නෙමෙයි කියලා. මේකේ හරිම වැදගත් ඔබේ අතපය කඩුවකින් කපද්දි නෙමෙයි, පිහියකින් කපද්දිවත් නෙමෙයි, කියතකින් කපද්දි කියලා කියන්නේ කියතකින් කපද්දි සෑහෙන වෙලාවක්, වේදනාව දරාගෙන ඉන්න වෙනවා.ගොඩාක් වෙලා වදයට ලක්වෙනවා. එතකොට අමාරුයි. බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නෙත් එතනදිත්, වෛරයෙන් බැහැර වෙලා, වෛරී සහගත, කේන්තිගත්ත සිතකින් වචනයක් හරි ප‍්‍රකාශ කළොත්, ඔබ තවදුරටත් මගේ පණිවිඩය දරන්නෙක් නෙමෙයි කියලා. බොහෝම පැහැදිලියි බෞද්ධ ඉගැන්වීම මොනම තත්ත්වයකදීවත්, තම ජීවිත ආරක්ෂාව සඳහාවත් ආපහු පෙරළා පහරදීම වධයට ලක් කිරීම බුදු දහම පිළිගන්නේ නැහැ. අතපය කෑලි වලට කැපීමේදීවත් කියන තුළ තියෙනවා ජීවිත ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නේ.

ඒ වගේම තව එක අවස්ථාවක් තියෙනවා. එක භික්ෂූන් වහන්සේ කෙනෙක්, බුදු හාමුදුරුවෝ ළග ධර්මය හදාරලා, ඊට පස්සේ මුල් ගම් ප‍්‍රදේශයට යන්න හදනවා. ඒ හිමියන්ගේ නම පුන්න. සුනාපරන්ත කියන ජනපදය. බුදුහාමුදුරුවන් අහනවා පුන්න, සුනාපරන්ත කියන ජනපදය, ඉන්න මිනිස්සු හරි දරුණු, සැහැසි පිරිසක් කියලා තමයි ප‍්‍රසිද්ධ කියලා. එතකොට ඔබට එතන ගිහින් වැඩ කරන්න පුළුවන්ද? එතකොට පුන්න කියනවා ඒ වුනාම බුදුහාමුදුරුවනේ ඒ ගොල්ලෝ මට බැන්නේ, නරක විදියට හැසිරුනේ නෑනේ තාම. ඒ නිසා මට තාමත් ඒ අයත් එක්ක වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට බුදු හාමුදුරුවෝ අහනවා එතකොට ඒ අය නපුරු විදියට හැසිරුනොත් ඔබ මොකද කරන්නේ? කියලා. එතකොට පුන්න හාමුදුරුවෝ කියනවා, ඒත් ඒ අ යමට ගැහැව්වේ නෑනේ කියලා. එතකොට ඒ අය ගැහැව්වොත් කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එතකොට පුන්න කියනවා, ඒ අය මගේ අතපය කැඩුවේ නෑනේ කියලා. අවසානයේදී බුදුහාමුදුරුවන් අහනවා ඔවුන් ඔබව ඝාතනය කළොත් ඔබ මොකද කරන්නේ කියලා. පුන්න කියනවා, ඒත් බුදු හාමුදුරුවනේ මගේ කිසිම වෙනසක් නෑ මම ඔවුන් අතරට ගිහිල්ලා මේ පණිවිඩය අරගෙන යනවා කියලා.

වැදගත් දේ තමයි, බුදු හාමුදුරුවෝ කියන්න  ඕනනේ මෝඩ වැඩ කරන්න එපා පුන්න. මෙහෙට වෙලා ඉන්න කියලා. නමුත් ඒක නෙමෙයි කියන්නේ, මට හරිම සන්තෝෂයි පුන්න. බොහෝම සතුටුයි ඔබ ගැන. යන්න ඒ ජනපදයට කියලා. එතකොට එහෙම ගත්තහම මේ පණිවිඩයේ කොතනකවත්, මොනම විදියකටවත් හිංසාව යුක්ති යුක්ත කරන, මොනම ඉගැන්වීමක්වත් නෑ. බොහෝම පැහැදිලිව කියන්න පුළුවන්, කිසිවක් නෑ. වදය, හිංසාව හරිය කියලා කියන්න පුළුවන්.

ඒ වගේම, ඉතාම වැදගත් අංගුලිමාල කතාව, අංගුලිමාල මිනිස්සු නම ඇහැව්වහම බියවෙන විදියේ ඉතාම දරුණු ඝාතකයෙක්. එක් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අපි මේ දවස්වල කියන ඝාතකයෝ එක් කෙනෙක් දෙන්නෙක් මරලා තියෙන්න පුළුවන්. නමුත් අංගුලිමාල පිළිබඳ කතාවේ, අංගුලිමාල බොහෝ පිරිසක් ඝාතනය කරපු කෙනෙක්. නම ඇහැව්වහම මිනිස්සු බිය වෙනවා. එතකොට මේ ඝාතකයෙක් බවට පත් වුනු අංගුලිමාල සම්බන්ධයෙන් රජ්ජුරුවෝ මැදිහත් වෙන්න හදන්නේ, අංගුලිමාල වධයට ලක් කරලා, අංගුලිමාල මරා දමලා විසඳන්න. රජ්ජුරුවන්ගේ ප‍්‍රවේශය තියෙන්නේ වධය තමයි උත්තරය කියන එක. බුදුහාමුදුරුවෝ ඊට කලින් මැදිහත් වෙලා, අංගුලිමාල ඝාතකයෙක්වීමට බලපාපු, හේතු සාධක වෙනස් කරනවා. ඒ වෙනස් කිරීමෙන් අංගුලිමාල විපරිවර්තනය වෙනවා. කොයි තරම් දුරට විපරිවර්තනය වෙනවද කියනවා නම්, අන්තිමට බුදුහාමුදුරුවෝ අංගුලිමාලගේ වෙනස්වීම, ලොකුම ආදර්ශය හැටියට ගේනවා. ඒ විතරක් නෙමෙයි, අදටත් ගැබිනි මවකට ආශිර්වාද කරනකොට, අලූතෙන් බිහිවෙන්න යන දරුවා සම්බන්ධයෙන් ආශිර්වාද කරනකොට භික්ෂූන් වහන්සේලාට අවවාද කරලා තියෙනවා, ඒ අංගුලිමාලගේ වෙනස්වීමයි. වෙනස් වුනාට පසු ඔහු ගත කරපු ජීවිතයේ තියෙන නිවැරදි බව හා සත්‍යයක් කි‍්‍රයා කරලා, ඒ බලයෙන් මේ ගැබිනියට, දරුවාට ආරක්ෂාව ලැබෙන්න කියන එක.

මෙතනදි වැදගත්. අසූමහා ශ‍්‍රාවකයෝ හිටියා. සැරියුත්, මුගලන්, ආනන්ද වගේ ලොකුම ලොකු හාමුදුරුවරු හිටියා. ඒ කිසිම කෙනෙක් ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ, අංගුලිමාල ගැන. එතකොට අංගුලිමාල කරුණාවන්ත, ඉවසිලිවන්ත, යහපත්, භික්ෂූන් අතර, තුන, හතර, පහ වගේ අවශේෂ තැනක නෙමෙයි ඉන්නේ. අංගුලිමාල ගේනවා පළමුවෙනි තැනට. එයින් පෙන්නා දෙනවා. හේතු වෙනස් කරලා මිනිස්සු පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම බුදු දහමේ ප‍්‍රවේශය වෙන්නේ, පරිවර්තනයට මැදිහත්වීම, විපරිවර්තනයට මැදිහත් වෙන එක. කවදාවත් දරුවෙක් උපදින්නේ නැහැ ඝාතකයෙක් හැටියට. දරුවෙක් උපදින්නේ නැහැ ස්තී‍්‍ර ¥ෂකයෙක් හැටියට. අංගුලිමාල ඉපදුනෙත් අහිංසකයෙක් හැටියට. එයා ඝාතකයෙක් වුනේ බොහෝ කාරණාවල ප‍්‍රථිඵලයක් හැටියට.

බුදුහාමුදුරුවෝ කියන්නේ ඔන්න ඔය හේතු වෙනස් කරන්න. හේතු වෙනස් කළොත් අර අහිංසකව උපදින දරුවා ප‍්‍රයෝජනවත් දරුවෙක් වෙයි. ඒ වගේම අහිංසකව උපදින දරුවෙක් ඝාතකයෙක් වුනොත්, අපරාධකාරයෙක් වුනොත් ඒකේ වගකීම සාමූහිකයි. ඒ වැරැුද්ද ඒ පුද්ගලයගේ නෙමෙයි. ඒකට අපි ඔක්කෝමලගේ මැදිහත්වීම් ඵලයක් හැටියටයි එවැනි කෙනෙක් බිහිවෙන්නේ. එතකොට ඔය අංගුලිමාල කතාවේ එන, උත්තරය තියෙන්නේ, සාමූහිකව අපි වගකීම අරගෙන, හේතු වෙනස් කරලා, පුද්ගලයන් විපරිවර්තනයට මැදිහත්වෙන්න කියන එක විනා, වධහිංසාව උත්තරයක් හැටියට භාවිතා කරන්න කියන එක නෙමෙයි.”






2019-06-18
Advertisement

Find us on Facebook