English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ICCPR පනත ශී‍්‍ර ලංකාවේ දී අවභාවිතා වීද?


ICCPR පනත ශී‍්‍ර ලංකාවේ දී අවභාවිතා වීද?


 ICCPR පණත නොහොත් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබ`දව ජාත්‍යන්තර සම්මුති පනත ශී‍්‍ර ලංකාව තුළ අවභාවිතා වන බවට කතාබහක් නිර්මාණය වී තිබේ. මෙයට හේතුව වී ඇත්තේ වෙනස් කොට සැලකීම, ජාතික, වාර්ගික හෝ ආගමික එදිරිවාදිත්වයට හෝ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව තම මත ප‍්‍රකාශකරන, ඒ සම්බන්ධව ප‍්‍රකාශනයේ යෙදෙන නිර්මාණකරුවන් ඉලක්ක කරමින් මෙම පනත යටතේ නඩු දැමීම දිගින් දිගටම සිදුවීම නිසාය.

කිසියම් හෝ ආගමික කණ්ඩායමක් යම් ප‍්‍රකාශනයක් හෝ නිර්මාණයක් සම්බන්ධව පොලීසියට පැමිණිලි කළ සැනින් පොලීසිය විසින් මෙම පනත යටතේ නඩු පවරනු ලබන අතර, ඇප ලබා ගැනීම මහාධිකරණය හරහා සිදු කළ යුතු බැවින් ඒ සදහා මාස කිහිපයක් රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටීමට සිදුව ඇත.

මෙම පනත ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වීම සම්බන්දව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර, එම සම්පුර්ණ නිවේදයන පහතින් දැක්වේ. (ඡායා අජිත් සෙනෙවිරත්න)

ප‍්‍රවෘත්ති නිවේදනය

ICCPR පනත ශී‍්‍ර ලංකාවේ දී අවභාවිතා වීද

පසුගිය දිනවල අප සමාජය තුළ විශේෂයෙන් කතා බහට ලක් වූයේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නොහොත් PTA යටතේ නඩු පැවරීම් පිළිබදව විය. එම පනත යටතේ නඩු පවරනු ලැබුවහොත් ඇප ලබා ගැනීමට අවම වශයෙන් මාස කිහිපයක් ගත වන අතර, අධිකරණයට දන්වා අදාළ තැනැත්තා මාස කිහිපයක් වුවද පොලිස් අත්අඩංගුවේ රදවා තබා ගත හැක. එමෙන්ම තමුන් ලබා දෙන කට උත්තරයක් තමුන්ට විරුද්ධව අදාළ නඩුවේ දී ඉදිරිපත් කිරීමේ හැකියාව ද මෙම පනත යටතේ පැවතීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන මානව හිමිකම් කි‍්‍රයාධරයන්ගේ විශේෂ විවේචනයට ලක් විය. එම නිසාම මෙම පනත අහෝසිකරන ලෙස බොහෝ ඉල්ලීම් ඉදිරිපත් විම නිසා, PTA පනත අහෝසි කිරීම 2015 බලයට පත්වූ යහපාලන රජයේ එක් ප‍්‍රධාන පොරොන්දුවක් ද විය.  

අද වන විට එවැනිම පනතක් පිළිබදව සමාජයේ විශේෂ කතාබහට ලක් වී තිබේ. ඒ ICCPR පණත නොහොත් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතයි. මෙම පනත මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ඇති සම්මුති පනතේ සදහන් වෙනස් කොට සැලකීම, ජාතික, වාර්ගික හෝ ආගමික එදිරිවාදිත්වයට හෝ ප‍්‍රචණ්ඩත්වයට පොළඹවන්නා වූ කි‍්‍රයාවන් හෝ ප‍්‍රකාශනයන් නීති විරෝධී ලෙස සලකනු ලැබේ.

මෙම පනතත් ඉහත දැක් වූ ඡුඔ් වැනිම ඉතා බලවත් පනතක් වන අතර, මේ පනත යටතේ යම් තැනැත්තකුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අතර, යම් තැනැත්තෙකුට මේ පනත යටතේ නඩු පවරනු ලැබුව හොත් ඔහු හෝ ඇය රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලබන අතර, ඇප ඉල්ලා සිටිය හැක්කේ මහාධිකරණය වෙත කරනු ලබන පෙත්සමක් මගින් සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවය. එමෙන්ම මෙම පනත උල්ලංඝනය කර ඇති බවට ඔප්පු වුවහොත් බරපතල වැඩ ඇතිව අවුරුදු 10කට නොවැඩි සිරදඩුවමකට ඔහු හෝ ඇය යටත් විය යුතුය.

මෙම ICCPR පනත පිළිබදව සමාජයේ වැඩි අවධානයක් යොමු වූයේ පසුගියදා කුරුණෑගල ප‍්‍රදේශයේ විසූ තරුණ සාහිත්‍යකරුවෙකු වූ ශක්තික සත්කුමාර මහතා විසින් ලියූ කෙටි කතාවක් තමුන්ගේ මුහුණු පොතේ පළකිරීමත්, එම කෙටි කතාව මගින් බුද්ධාගමට අගෞරවයක් හා හානියක් සිදුවන බවට යම් කිසි බෞද්ධ ස්වාමීන්වහන්සේ ලා පිරිසක් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමත්, ඉන් පසුව ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මෙම ICCPR පනත යටතේ නඩු පැවරීමත් නිසාය.

එමෙන්ම, මුස්ලිම් ජාතික කාන්තවක් නැවක සුක්කානමක් සහිත ඇදුමක් ඇද සිටීම නිසා, එය ධර්මචක‍්‍රයක් ලෙස වරදවා වටහාගෙන ඉන් බුදු දහමට අගෞරවයක් වූ යැයි පවසමින් හසල පොලීසිය විසින් මෙම පනත යටතේ නැවත නඩු පැවරීමත් සමගම ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශංසාවට හා ගෞරවයට පාත‍්‍ර වූ  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධව අන්තර් ජාතික සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ මෙසේ අවභාවිතා වීම පිළිබ`දව විශාල සාකච්ඡුාවක් නිර්මාණය වී තිබේ.

ජාතිවාදයට හා අන්තවාදයට එරෙහිව කවදත් තම අදහස් නොබියව ප‍්‍රකාශ කළ දේශපාලන විචාරකයෙකු, නිදහස් මතධාරියෙකු මෙන්ම, මාධ්‍යවේදියෙකු වන කුසල් පෙරේරා මහතාට එරෙහිව ද ඔහු ලියු තීරු ලිපියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් මෙම පනත යටතේ නඩු පැවරීමට යන බවට මේ දිනවල කතා බහක් නිර්මාණය වී තිබේ. ජාතිවාදී හා අන්තවාදී මත සමාජගත කරන පිරිස් පසෙක ලා ඊට එරෙහිව ඉතිහාසය පුරාම කටයුතු කරනු ලබන කුසල් පෙරේරා වැනි අය ඉලක්ක කරමින් මෙසේ අත්නෝමතික ලෙස මෙම පනත යටතේ පොලීසිය විසින් නඩු පැවරීමත්, මෙම පනත යටතේ පවරන නඩු කිසියම් වූ සොයා බැලීමකින් තොරව අදාල මහෙස්ත‍්‍රාත්වරු විසින් භාර ගැනීමත් නිසා, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්මයක් වන භාශනයේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මෙම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත නිසා උල්ලංඝණය වී තිබේ.

මෙම පනත පිළිබදව පුලූල් සාකච්ඡුාවක් වහා අරම්භ කළ යුතු අතර, දැනට මෙම පනත යටතේ නඩු පැවරීම බලය විශේෂ ඒකකයක් වෙත ලබා දී මෙම පනතේ දැනට පවතින දුර්වලතා හදුනාගෙන ඒවා වහාම සංශෝධනයකට ලක්කිරීම හෝ මෙම පනත අහෝසි කිරීම සදහා හෝ වහා කටයුතු කළ යුතුව ඇත.

මෙම පනතේ පූර්විකාවේ දැක්වෙන්නේ මෙම පනත එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය ශ‍්‍රී ලංකාවේ නීති රාමුවට ඇතුල් කිරීම සදහා පනවන්නේ යැයි දක්වා ඇතත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට මෙම පනත ශ‍්‍රී ලංකාවේ භාවිතා කිරීම ආරම්භ වී ඇත.

පිලිප්දිසානායක                                                                                                                                               විධායක අධ්‍යක්ෂ                                                                                                      
17/06/2019




 Download PDF

2019-06-18
Advertisement

Find us on Facebook