English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හිංසනය, ප‍්‍රචණ්ඩත්වය හා අන්තවාදයට එරෙහි සම්මන්ත‍්‍රණය ජුනි 22

හිංසනය, ප‍්‍රචණ්ඩත්වය හා අන්තවාදයට
එරෙහි සම්මන්ත‍්‍රණය ජුනි 22

හිංසාව, ප‍්‍රචණ්ඩත්වය හා අන්තවාදය වෙනුවට, සාකච්ඡාව, සංවාදය හා මනුෂ්‍යත්වය මත පදනම් වූ සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කරගැනීම සඳහා සිවිල් සමාජ කථිකාවක් නිර්මාණය කිරීමේ අරමුණෙන් පැවැත්වෙන සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු සම්මන්ත‍්‍රණය ජුනි 22 උදේ 9.30ට ජා ඇල රසාංග රගහලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සංවිධාන 27 කින් සමන්විත වදහිංසාවට එරෙහි ශී‍්‍ර ලංකික එකමුතුව මගින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත‍්‍රණය සදහා ජේෂ්ඨ නීතිඥ ජානක එදිරිසිංහ, ජේෂ්ඨ නීතිඥ ලක්ෂාන් ඩයස්, කථිකාචාර්ය පි‍්‍රයංකර රත්නායක, පිලිප් දිසානායක හා චමිලා තුෂාරි යන අය අදහස් දැක්වීමට නියමිතය.  
 
අපේ‍්‍රල් 21, පාස්කු ඉරුදින එල්ල කළ අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමගම මුළු ශී‍්‍ර ලාංකික සමාජයම නැවතත් විශාල කම්පනයකට පත් විය. රටේ ආරක්ෂාව, විශේෂයෙන් එරට සිටින පුරවැසියන්ගේ ආරක්ෂාව සැපයීමට මහජනයා විසින්ම පත්කරගන්නා වූ රජයකට නොහැකිවීම පිළිබඳවත්, මහජන ආරක්ෂාව සඳහාම ස්ථාපිත අධිකාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම පිිළිිබඳව තොරතුරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා පසුගියදා රටට හෙළිවිය.

එමෙන්ම, මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී සුමාන 3කට පමණ පසු යම් සංවිධානාත්මක අන්තවාදී පිරිසක් විසින් සිදු කළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් හේතුවෙන් මෙම තත්ත්වය තවත් සංකීර්ණ වූ අතර, එහිදී සමහර මාධ්‍ය ආයතන හා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින සමහර නිලධාරීන් වගකීම් විරහිතව සිදු කළ යම් යම් කි‍්‍රයාවන් නිසා, පැවති තත්ත්වය තවත් බරපතල විය.

කෙසේ හෝ ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් රාජ්‍ය නිලධාරීනුත්, බහුතරයක් වන පුරවැසියන්ගේ බුද්ධිමත් කි‍්‍රයාකලාපයන් හේතුවෙන් මේ වනවිට පැවති තත්ත්වය පාලනය කර තිබුනත්, අන්තවාදී හා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවත සිදු නොවේ යැයි විශ්වාසයක්, විශේෂයෙන් සුළුජන සමාජය තුළ ස්ථාපිත කරගැනීමට මෙතෙක් නොහැකි වී ඇත.

හිංසාව, ප‍්‍රචණ්ඩත්වය හා අන්තවාදය වෙනුවට, සාකච්ඡාව, සංවාදය හා මනුෂ්‍යත්වය මත පදනම් වූ සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කරගැනීම සඳහා මෙම සිවිල් සමාජ කථිකාවක් නිර්මාණය කිරීමට වහිංසාවට එරෙහි ශී‍්‍ර ලාංකික එකමුතුව සැලසුම් කර තිබේ.




2019-06-17
Advertisement

Find us on Facebook