English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අනිවාර්යෙන්ම නඩු දානවා !

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ලබන නොවැම්බර් 19 වෙනිදායින් පසුවත් ජනාධිපතිවරණය කැඳවා තෙවන වරටත් ඔහු ජනාධිපතිධුරය සඳහා තරගවදින්නට ඉදිරිපත් වන බව පැවසුවහොත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා නීති විරෝධීව කටයුතුකර ඇති බව පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරනයේ නඩු පවරන බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා ප‍්‍රකාශ කරයි.

"18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නට ඉස්සරින් මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනි ධුර කාලය සඳහා මහජන ඡන්දයෙන් තේරි පත් වු නිසා ඔහු නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට සුදුස්සෙක් නෙවෙයි. ඒ නිසා ඊට එරෙහිව මම මේ නඩුව ගොණුකරනවා."

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරන තුරු බලා සිටින සරත් එන් ද සිල්වා මහතා එසේ ප‍්‍රකාශ කළේ මෙය තීරණාත්මක නඩුවක් වනු ඇතැයි යනුවෙන් ද අවධාරණය කරමිනි.


මෙම නඩුව ගොණු කිරීම සඳහා අවශ්‍ය ලිපි ගොණු දැනටමත් සුදානම්කර ඇතැයි යනුවෙන්ද ඔහු ප‍්‍රකාශ කළේය.  

-MMP



2014-09-21
Advertisement

Find us on Facebook