English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නව නීතිපති වැඩ අරඹයි


නව නීතිපති වැඩ අරඹයි

මානව හිමිකම් කි‍්‍රයාදරයිින් සහ වින්දිතයන් මහත් බලාපොරොත්තුවකින් සිට පසුව බලාපොරොත්තු කඩ වූ සිද්ධීන් කිහිපයක් පිළිබඳව නැවතත් කතා බහක් මේ දිනවල ඇති වී තිබේ. ඒ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අපරාධ සිද්ධීන් 4 ක් සම්බන්ධයෙන් පරීක්ෂණ වහාම අවසන් කර වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට නියම කර තිබීම නිසාය.

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය, කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සහ මුතූර් ්ජඑසදබ ත්‍්රප රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයන් 17 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම යනාදි සිද්ධීන්ට අදාළ පරීක්ෂණවල අනිසි ප‍්‍රමාදයක් පවතින බවට නීතිපතිවරයා විසින් නිරීක්ෂණය කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය ප‍්‍රකාශකර තිබුනි.

එබැවින් ඒම අපරාධ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා මෙන් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව ද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර යහපාලන අණ්ඩුව සමයේ සිදු වූ බරපතලම මුල්‍ය වංචාව ලෙසට මහත් අන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධ නඩුව ද පසුගිය දා නීතිපති විසින් චූදිතයින් 10 දෙනෙකු වෙත අධිචෝදනා ඉදිරිපත් කිරීම ද විශේෂ කතාබහට යොමු විය.

එමෙන්ම, තවත් වාර්තාවකින් කියවුනේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට අදාළව විශේෂ මහාධිකරණවල පවරා ඇති නඩු ඉක්මනින් කැඳවීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ සාකච්ඡුාවක් සිදුව ඇතියි.

ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ යැයි වාර්තා වන තොරතුරු නිසා එක් පියරවක් ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු බව එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස සඳහන් කර ඇතැයි ද එහි කියැවින. අධිකරණය කටයුත්තකට මැදිහත් විය නොහැකි වුවත් නඩු ඉක්මන් කරවීමට අවශ්‍ය පහසුකම් සැපයීම කළ යුතු යැයි ද මෙහිදී සාකච්ඡා වී තිබේ. 

කෙසේ හෝ පසුගිය කාලය තුල වැළලීගිය බරපතල අපරාධ කිහිපයක් සම්බන්ධව පැවති මෙම නඩු නව නීතිපතිවරයා විසින් විශේෂ අවධානයට යොමු කරමින් මෙලෙස කි‍්‍රයා කරන්නේ නීතියේ ගෞරවය ආරක්ෂා කිරීමට නම් එය ඉතා වැදගත් වනු ඇති අතර, නීතියේ ආධිපත්‍ය සුරකින සැමගේ ගෞරවය ද ඔහුට හිමි වනු ඇත. නමුත් කඩිනමිකින් මෙම නඩු ගොනු කිරීමට යාමේ දී මෙම අපරාධයන්ට සම්බන්ධව වැදගත් සාකෂි මගහැරී යන්නේ නම්, ඒ හේතුවෙන් මෙම සිද්ධීන්ට සම්බන්ධ අපරාධකරුවන් නිදොස් කොට නිදහස් වී සමාජ වීරයන් බවට පත්වීමේ අවධානමක්ද පවතී.

අත්දැකීම් බහුල නීතිපතිවරයෙකු වන වර්තමාන නීතිපති එම අවධානම පිළිබදව විශේෂ අවධානයකින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර, මෙම අපරාධ සම්බන්ධ නඩු එක දිගට අසා කඩිනමින් අවසන් කරනු ඇතැයි ද බලාපොරොත්තු වෙමු.




2019-06-17
Advertisement

Find us on Facebook