English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අසාධාරණ මාධ්‍ය මර්ධනයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙනී සිටියි


අසාධාරණ මාධ්‍ය මර්ධනයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙනී සිටියි

ජේෂ්ඨ ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ඬේලි මිරර් පුවත්පතට ලියන ලද ලිපියක් පදනම් කරගෙන 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනතේ ප‍්‍රතිපාදන අනුව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තමන්ගේ විරෝධතාවය දක්වමින් ප‍්‍රකාශයක් නිකුත් කර තිබේ. එහි කැඳවුම්කරු නීතිඥ විරංජන හේරත්ගේ අත්සනින් 2019 ජුනි 16 දිනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මගින් නීතිය මෙලෙස අසාධාරණ ලෙස යොදා ගනිමින් වලකින්නැයි වගකිව යුතු සියළු පාර්ශ්වයන් වෙත අවධාරණය කර සිටියි.

මෙලෙස ජනමාධ්‍යවේදී කුසල් පෙරේරාට එරෙහිව කි‍්‍රයාත්මක වන්නේ මැයි 17 වෙනි දින ඔහු විසින් ඔහුගේ තීරු ලිපිය මගින් දක්වන ලද අදහස් වලට වන අතර, එහිදී පොලිසිය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර පොලිසිය ඬේලි මිරර් පුවත් පතෙන් කරුණු විමසා ඇති අතර, එහිදී පොලිසිය කුසල් පෙරේරාගේ ලිපිනය හා දුරකතන අංකයන් ලබාගෙන ඇත.

මේ තත්ත්වය යටතේ ජනමාධ්‍යවේදීන් අපහසුතාවයකට පත්වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මීට එරෙහිව කි‍්‍රයාත්මකවීමට සියළු මානව හිමිකම් වලට ගරු කරන ආයතන හා පුද්ගලයන් ගෙන් ඉල්ලා සිටියි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එම නිවේදනය පහත දැක්වේ.



2019 ජුනි 16

මාධ්‍ය නිවේදනය

අයි.සී.සී.පි.ආර් පනත යොදාගෙන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයන් හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප‍්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ෙඩ්ලිමිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි. සී. සීග පි. ආර්. පනත හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ  ප‍්‍රතිපාදන අනුව නෛතික ක්‍‍්‍රියාමාර්ගවලට එළඹීම දැඩි ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යපාරය, නීතිය මෙලෙස අසාධාරණ ලෙස යොදා ගැනීමෙන් වළකින්නැයි වගකිවයුතු සියලූ පාර්ශවයන් වෙත අවධාරණය කර සිටියි.

දීර්ඝ කාලයක් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා ද්විත්යෙන්ම ජනමාධ්‍ය කටයුතුවල නිරත වන කුසල් පෙරේරා සාධාරණ සහ අපක්ෂපාතී ලෙස මාධ්‍ය භාවිතයේ නිරතවන මාධ්‍යවේදීයෙකු ලෙස දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පිළිගැනීමට ලක් වූවෙකි. ඔහු විසින් සතිපතා ෙඩ්ලිමිරර් පුවත්පතට සපයන තීරු ලිපිය යටතේ මැයි 17 වන දින ”From Islamic Terrorism to marauding Sinhala  Buddhist violence˜ ” හෙවත් ”ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය” දක්වා යන ලිපිය පදනම් කර ගෙන පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අයි.සී.සීගපී.ආර්. පනත යටතේ පියවර ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය 14වන සිකුරාදා පොලිසිය විසින් එම ලිපිය පළවූ ෙඩ්ලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සාහ දරා තිබේ. තාක්ෂණික කරුණක් මත ෙඩ්ලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් එදින එම ප‍්‍රකාශය ලබාගැනීමට නොහැකි වුවද, පොලිසිය සඳහන් කර ඇත්තේ එම කරුණ නිවැරදි කරගෙන ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා යළි පැමිණෙන බවයි. එමෙන්ම, එහිදී පොලිසිය කුසල් පෙරේරා ගෙන්ද ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකද ලබාගෙන තිබේ.

පොලිසියේ මෙම ක්‍‍්‍රියාකාරීත්වය, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බවත්, විශේෂයෙන් කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක්‍‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දයි.

මෙම තත්වය වැළැක්වීමට මැදිහත් වන ලෙස අදාළ සියලූ පාර්ශව වෙත අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එරෙහි මෙවන් උත්සාහයන් පරාජය කිරීමට පෙරට එන්නැයි මානව හිමිකම්වලට ගරු කරන සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.


විරංජන හේරත්
කැඳවුම්කරු





2019-06-16
Advertisement

Find us on Facebook