English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කුසල් පෙරේරාට එරෙහිවත් ICCPR යටතේ විමර්ශනයක්


මාධ්‍යවේදී කුසල් පෙරේරාට එරෙහිවත් ICCPR යටතේ විමර්ශනයක්

මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතාට සහ ඩේලි මිරර් පුවත්පතට එරෙහිවත් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත (ICCPR) යටතේ කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි වාර්තා වේ. 

පසුගිය මැයි 17දා ඔහු විසින් ඩේලි මිරර් පුවත්පතට ලියන ලද “From Islamic terrorism to marauding Sinhala Buddhist violence” හෙවත් “ඉස්ලාම් ත්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප්‍රචණ්ඩත්වය දක්වා” යන ලිපිය සම්බන්ධයෙන් මෙසේ කුසල් පෙරේරා මහතාට එරෙහිව පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 

කෙටිකතාවක් සම්බන්ධයෙන් මෙම පනත යටතේ චෝදනා ගොනු කරන ලද ශක්තික සත්කුමාර නම් ලේඛකයා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පසුගිය අප්‍රේල් 01 වනදාය. 

මෙම පනත යටතේ අත් අඩංගුවට ගැනෙන පුද්ගලයින්ට ඇප ලබාදීමට බලයක් අධිකරණයට ද නොමැති අතර නඩුවෙන් වැරදිකරුවකු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැමිණවීමේ හැකියාව ඇත.

www.lankanewsweb.net/sinhala/




2019-06-16
Advertisement

Find us on Facebook