English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති - අගමැති පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට


ජනාධිපති - අගමැති පාර්ලිමේන්තු කමිටුව ඉදිරියට

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම කමිටුව ඉදිරියට කැඳවීමට සාකච්ඡා කර ඇතැයි ශී‍්‍ර ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ යන අය මේ කමිටුව ඉදිරියට කමිටු සමාජිකයන් අතර සාකච්ඡාවක් පැවති බව නියෝජ්‍ය කථානායක සහ තේරීම් කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි ද මෝනිං පුවත්පතට පවසා ඇති බවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

'අපි මේ සම්බන්ධයෙන් ස්ථීර තීරණයක් ගෙන නැහැ' යනුවෙන් ද එහිදී ඔහු පවසා ඇත.

අග‍්‍රාමාත්‍යවරයා කැඳවිය හැකි බවත්, ඊට පෙර කමිටුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම කැඳවිය යුතු ද යන්න මුලින් තීන්දු කළ යුතු යැයිද ඔහු කියා සිටී.




පාර්ලිමේන්තු කාරක සභාවක් හමුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම කැඳවිය යුතු යැයිද නියෝජ්‍ය කතානායක කුමාරසිරි සඳහන් කරයි. කෙසේ වුවද, කාරක සභාව බොහෝ දුරට ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ කැඳවනු ඇතැයි මේ කමිටුවේ සමාජික ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර නලින්ද ජයතිස්ස තරයේ විශ්වාස කරයි.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරනු ලබන තේරීම් කාරක සභාවේ ජේ්‍ය යෂ්ඨ සමාජිකයකු අගමැතිවරයා කැඳවිය හැකි බව සනාථ කළ ද ජනාධිපතිවරයා කැඳවීමේ නීත්‍යානුකූලභාවය ගැන සැකයක් පවතින බව කියා සිටි බව ද මෝනිං අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් අයිතිය තේරීම් කාරක සභාවේ තවත් සමාජිකයෙකුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවීම සම්බන්ධයෙන් එකිනෙකා අතර විවිධ නිල නොවන සාකච්ඡවන් තිබුණද කිසිඳු නිල සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.    

තේරීම් කාරක සභාවේ මීළග රැස්වීම ලබන අඟහරුවාදා ( 18 ) වෙනි දින පැවැත්වේ. කාන්තන්කුඩි වත්මන් හා හිටපු පොලිස් ස්ථානාධිපතිවරු එදින කමිටුව ඉදිරියට කැඳවීමට නියමිතය. ඊට අමතරව කමිටුව කාත්තන්කුඩි හි පිහිටි සුෆි (Sufi) සංවිධානයේ සභාපතිවරයා කැඳවනු ඇතැයි ද පැවසේ. 

මූලික තොරතුරු ශී‍්‍ර ලංකා මිරර්




2019-06-16
Advertisement

Find us on Facebook