English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අසාධාරණයට ලක්වූ මසයිහීනා වෙනුවෙන් අධිකරණ සටන ඇරඹේ


අසාධාරණයට ලක්වූ මසයිහීනා වෙනුවෙන් අධිකරණ සටන ඇරඹේ

පෙර කතාව

”මම කොළඹ ඉන්නකොට තමයි දුරතකන ඇමතුමක් ආවේ, මෙයාව අත් අඩංගුවට අරගෙන කියලා. මම ඇහැව්වා මොකටද කියලා. එතකොට කිව්වා ඇඳුමක ධර්ම චක‍්‍රය හා සමාන චිත‍්‍රයක් තියෙනවා ඒකට තමයි අරගෙන ගියේ කියලා. ඊට පස්සේ මම දුවට කතා කළා. දුව කිව්වා හවසට ගන්න පුළුවන් වෙයි. ගන්න පුළුවන් කිව්වා. පස්සේ කිව්වා දෙන්නේ නැති වෙයි තාත්තේ, තාත්තා එන්න කියලා....පහුවෙනිදා එයාව අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයේදී කිව්වා 27 වෙනිදා දක්වා රිමාන්ඞ් ගත කරනවා කියලා. අවුරුදු 1 1/2 ක් විතර මේක අඳිනවා. ඇඳගෙන මාත් එක්කම වැලිමඩ, බණ්ඩාරවෙළ ඥාතීන්ගේ ගෙවල්වල ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවෙදි මෙහෙම දෙයක් සිද්ධ වුනේ නැහැ.  මේක එදා වෙලා තියෙන්නේ මම කොළඹින් 6500 සල්ලි දැම්මා. ඒක ගන්න ගිහිල්ලා. පොලිසියට කට්ටිය කියලා තියෙනවා. පස්සේ ට‍්‍රැෆික්  ඕ.අයි.සී ඇවිල්ලා ෆොටෝ ගහලා. එහෙම දෙයක් නෙමෙයි කියලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ විනාඩි 20කට විතර පස්සේ තමයි ජීප් එක ඇවිල්ලා මගේ නෝනව දාගෙන ගිහිල්ලා තියෙන්නේ.

මම ඉල්ලා සිටින්නේ අපි වගේ අහිංසක සිංහල, මුස්ලම්, දෙමළ ජනතාවට ජාති බේදයකින් තොරව, මේ වගේ අසාධාරණ දේවල් වෙන්නේ දෙන්නේ නැති වෙන්න. පොලිසියෙනුත්, නීතියෙනුත් හොඳටම හොයා බළලා, කි‍්‍රයා කරන්න. නිතියෙන් දඩුවම් දෙන එක සුදුසුයි නීති විරෝධී නම්. එහෙම නැත්නම් මේ විදියට ආසාධාරණකම් වෙන්න ඉඩ තියන්න එපා කියලා තමයි මට මාධ්‍යයෙන් හා අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ඇත්තමට මට දුකක් කළකිරීමක් ඇති වුනා.”

( සටහන වීඩියෝව උපුටා ගැනීම- විකල්ප වෙබ් අඩවිය )



මේ ඉහත අදහස් දක්වන්නේ එම්.එම් මුනාෆ්. මුනාෆ් කියන්නේ හසලක, කොලොන්නාගොඩ පදිංචි 47 හැවිරිදි මුස්ලිම් කාන්තාවක වන මසයිහිනා ගේ සැමියා. දැඩි වේදනාවෙන් කතා කරන්නේ. ඇය ධර්ම චක‍්‍රයට සමාන ඇඳුමක් හැඳ බුදුදහමට අපහාස වන අන්දමින් ප‍්‍රසිද්ධියේ සිටියා කියන හේතුව මත මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර බදුල්ල බන්ධනාගාරයේ සිටිනවා.

පසු කතාව

මෙවැනි අනර්ථකාරී සිදුවීමක් අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවූ බෝම්බ ප‍්‍රහාරයත් සමග මුස්ලිම් අහිංසක ජනතාව වෙත සිදුවුනා. මේ සිදුවීම් වෙද්දි කවදත් රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කි‍්‍රයාත්මක වෙන සංවිධාන, පුද්ගලයන් කි‍්‍රයාත්මක වෙමින් ඒ සම්බන්ධව තමන්ට කළ හැකි දේ කිරීම සඳහා කි‍්‍රයාත්මක විය.

එහි ප‍්‍රථිඵලයක් ලෙස ජූනි මස 14 වෙනි දින තමන් ඇඳි ඇඳුමක් ගැන වැරදි වැටහීමක් ඇතිව, අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක් ශ්‍රේ්ෂ්ඨාධිකරණය හමුවේ ජූනි 14 වෙනි සිකුරාදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.

කොළොන්ගොඩ, පුදලූගස්යාය ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසයිහීනා නැමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථනාධිපති චන්දන නිශාන්ත සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.



නීතිඥ හරිනි ජයවර්ධන, නීතිඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතාගේ උපදෙස් මත ගොනු කර ඇති පෙත්සම් මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු එක් දරු මවකි. කලක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නීය. පෙත්සම්කාරිය ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රැවකි. ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද, ඊට වන්දි ලබා දෙන ලෙසද,  මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන  ලෙස ද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටියි.




2019-06-15
Advertisement

Find us on Facebook