English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පෙනෙන ජය සන්ධානයට - නොපෙනෙන ජය පොදු විපක්‍ෂයට

ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ත ඡන්ද ප‍්‍රථිපලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349 906ක් ලබාගනිමින් ප‍්‍රසාද මන්ත‍්‍රි ආසන 2ක් ද සමගින් මන්ත‍්‍රි ආසන 19ක් ලබාගෙන ඇත.


එක්සත් ජාතික පක්‍ෂය ඌව පළාත් සභා මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵලයට අනුව ඡන්ද 274 773 ක් ලබාගනිමින් මන්ත‍්‍රි ආසාන 13ක් ලබාගැනීමට සමත් වු අතර ජනතා විමුක්ති පෙරමුණ සමස්ත ප‍්‍රථිඵලයට අනුව ඡන්ද 36,580ක් ලබාගනිමින් මන්ත‍්‍රි ආසන 2ක් හිමිකරගෙන තිබේ.

ඒ අනුව සමස්ත ප‍්‍රථිඵලය ප‍්‍රතිශතයක් ලෙසට ගත්කළ නිදහස් සන්ධානය සියයට 51.25ක් ලබාගෙන ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය පෙර මැතිවරණවලට සාපේක්‍ෂව සියයට 40.24ක ප‍්‍රතිශතයක් ලබාගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණ සියයට 5.36ක ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් වී ඇත.

සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂය ඌව පළාතේ සමස්ත ප‍්‍රථිපලය අනුව ඡන්ද 6076ක් ලබා සියයට 0.89ක ප‍්‍රතිශතයක් ලබාගෙන ඇති නමුත් මන්ත‍්‍රි ආසාන ලබාගැනීමට සමත් වී නැත.

සමස්ත ප‍්‍රථිපලයට අනුව පාලක සන්ධානය ඌව පළාතේ ජයග‍්‍රහණය තහවුරුකරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයට වඩා ඡන්ද 75,133 ක් ලබාගනිමිනි. එමෙන්ම සමස්ත ප‍්‍රථිඵලයට අනුව පාලක සන්ධානයට වඩා සමස්ත විපක්‍ෂයේ ඡන්ද සංඛ්‍යාව ඉහළ වන අතර ඉන් පෙන්නුම් කරනුයේ පාලක පක්‍ෂයට ජනතාවගේ ඇති අකමැත්තයි. එක් අතෙකින් සන්ධානය ජයග‍්‍රහණය කර නොමැති බවයි.


මෙවර බදුල්ල දිස්ත‍්‍රික්කයේ සමස්ත ඡන්ද ප‍්‍රථිඵලයට අනුව 2009 වසරේ පළාත් සභා ඡන්ද ප‍්‍රථිඵලයට වඩා ඡන්ද 50,013කින් මෙවර සන්ධානයේ ඡන්ද අඩුවී ඇත.

2009 වසරේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත‍්‍රි ධුර 14ක් හිමිකර ගත් අතර මෙවර හිමිකරගත් ඡන්ද සංඛ්‍යාවට අනුව හිමිවී ඇති මන්ත‍්‍රි ධුර සංඛ්‍යාව 09කි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ප‍්‍රතිශතයේ පසුබෑමකට ලක්වී ඇති බවක් පිලිබඳව දේශපාලන විචාරකයින් ද පෙන්වා දෙයි.

ඡායාරූප  -  අන්තර්ජාලයෙන්
-MMP




2014-09-21
Advertisement

Find us on Facebook