English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රත්ගම ඝාතන - මගහැරීම් අවසන් රවී විජේගුණවර්ධනට සී.අයි.ඞී.යට


රත්ගම ඝාතන - මගහැරීම් අවසන්
රවී විජේගුණවර්ධනට සී.අයි.ඞී.යට

රත්ගම, බූස්ස ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ගොස් ඝාතනය කිරීම සම්බන්්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. මෙම අවස්ථාව පරීක්ෂණ කරන පරීක්ෂණ කරන නිලධාරීන්ට මෙන්ම, මානව හිමිකම් කි‍්‍රයාධරයින් ද මාස ගණනාවක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවකි. මෙම රත්ගම ද්විත්ව ඝාතන සිදුවීමේ කේන්ද්‍රය වන්නේ ඔහුය. මේ ඝාතනයන් සඳහා ඔහු විසින් නියෝගයක් දුන් බවත්, මේ සඳහා කප්පම් සිදුවීමක් බලපා ඇති බවත්, ඊට අමතරව පොලිසිය විසින් කොන්ත‍්‍රාත් ලබාගැනීම සම්බන්ධවත් විවිධ කතා බහ සහ සැකයන් ඇත. මේ සියල්ල සැකයන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ප‍්‍රශ්න කරනු ඇත.
 
මෙම ව්‍යාපාරික තරුණයන් දෙදෙනා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක්කර, ඝාතනය කර, මළ සිරුරු පුළුස්සා විනාශ කර තිබුණේ් දකුණු පලාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි. එම ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි. එම ඒකකය කි‍්‍රයාත්මක වූයේ දකුණු පළාත බාර ජේෂ්ඨ පොලිස්පතිවරයා වූ රවී විජේවර්ධන යටතේය.



ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැණුනු පොලිස් නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිදරව් වී තිබුණේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ඝාතන සම්බන්ධයෙන් දැනුවත්ව සිටියා පමණක් නොව මළ සිරුරු විනාශ කිරීමට නියෝග කර ඇත්තේ ද ඔහු විසින් බවයි. එමෙන්ම ටික දිනක් සිදුවීම යටගොස් තිබුණේ ඔහුගේ මැදිහත්වීම නිසාවෙන් බව ද ප‍්‍රකටය. දකුණු පලාතේ ඔහු සේවය කරන කාලය තුළ දී ඔහුගේ කි‍්‍රයාකාරිත්වය බෙහෙවින් ප‍්‍රශ්න සහගත තත්ත්වයක් පොලිසිය තුළත්, ඉන් පිටතත් ඔහු විසින් ඇති කර තිබුණි. 

එහෙත් ඔහුව දකුණු පළාතේ සිට පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබා දුන්නා විනා අත් අඩංගුවට ගැනීමක් තබා අවම වශයෙන් ඔහුව අනිවාර්ය නිවාඩු යැවීමක් හෝ සිදු කෙරුණේ නැත. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් අනතුරුව තිබුණු කලබලකාරී තත්ත්වය මධ්‍යයේ කාගේවත් වැඩි අවධානයකට ලක් නොවී ඔහුව උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරයවා තිබිණි. එවැනි තීරණයන් ගැනීම කිසිසේත් අනුමත කළ හැකි කි‍්‍රයාවක් නොවේ. ඔහුට තිබෙන බරපතල චෝදනාවන් දෙස බැලීමේදී ඔහුව කිසිඳු ප‍්‍රදේශයක සේවයේ යෙදීම සිදුසු නොවේ. පොලිස් කොමිෂම යහපාලන රජය විසින් පිහිටුවනු ලැබුවේ මෙවැනි කි‍්‍රයාකාරිත්වයක් බලාපොරොත්තුවෙන් නොවේ. නමුත් ගැටළුව වන්නේ අද වන විට නීතිය හා සාමය පිළිබඳ බලය ඇත්තේ ජනාධිපතිවරයාට වීමයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන කටයුතු අඛණ්ඩව කරගෙන යනු ලබන ඒ අනුව රවී විජේගුණවර්ධන මහතාට ලබන සතිය ආරම්භයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.





2019-06-15
Advertisement

Find us on Facebook