English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සමාජ නියෝජිතයින් තේරීම් කාරක සභාවේ කටයුතු නතර නොකරන ලෙස අගමැතිගෙන් ඉල්ලයි


සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ඒකමුතුවේ නියෝජිතයින් පිරිසක් පසුගිය සදුදා (10) දා ගරැ කතානයකවරයා හා ඊයේ (11) ගරැ අගමැති හමුවී ඉල්ලා සිටියේ කුමන ආකාරයේ අවහිරතා හෝ බාදක පැමිණියත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ කටයුතු අඩපන කිරීමට කටයුතු නොකරන ලෙසයි.

පසුගිය මැයි 03 වනදා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ඒකමුතුව විසින් අගමැතිතුමාගෙන් හා කථානායකවරයාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ලෙස ඉල්ලා ලිඛිත ඉල්ලීමක් කරනු ලැබූ අතර ඒහි ප්‍රථිලයක් මහාචාර්ය ආශු මාරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුට ඒම යෝජනාව ඉදිරිපත් කල අතර ඉන් අනතුරැව පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ ඒම යෝජනාවට පක්ෂ වෙමින් මෙම පාර්ලිමේන්තු තේරීම්කාර සභාව පත්කරනු ලැබීය.

මෙම තේරීම් කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරය සම්බන්ධව විශාල කරැණු ප්‍රමාණයක් හෙලිදරව් වීමත් සමග මෙම ප්‍රහාරයට වගකිවය යුතු පාර්ශවකරැවන් විවිධ හේතු ඉදිරිපත් කරමින් මෙම තේරීම් කාරක සභාවේ කටයුතු වැල්කවීම සදහා තම විරැද්ධත්වය ප්‍රකාශකරමින්, මෙම ප්‍රහාරයේ සම්බන්ධ සත්‍ය තොරතුරැ රටට හෙලිදරව්වීම වැලැක්වීම සදහා විශාල උත්සායක යෙදිමින් සිටී.

ඊයේ මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සදහා සිවිල් සමාජ හා වෘත්තීය සමිති නියෝජිතයින් අගමැතිවරයා හමුවූ අවස්ථාවේ අගමැතිවරයා කියා සිටියේ දැන් මෙම තේරීම් කාරක සභාව නැවැත්වීම සදහා තමුන්ට කොහොමටත් බලයක් නොමැති බවත්, ඒම බලය ඇත්තේ කතානායකවරයා හා පාර්ලිමේන්තුවට බවත්ය.
 
ඒම හමුවේ දී අග්‍රමැති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් පහත දැක්වේ.
කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින්  කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැහැ. බහුතරයක් ඇති පක්ෂයේ නායකයා වශයෙන් අගමැති ධුරයට මා පත් වි තිබෙන්නේත්, මා විසින් කැබිනට් මණ්ඩලය පත් කොට තිබෙන්නේත් පාර්ලිමේන්තුවේ අනුමැතිය අනුවයි. එසේම තේරිම් කාරක සභාව පත් කර තිබෙන්නේද පාර්ලිමේන්තුව විසිනුයි. එබැවින්, තේරිම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නැහැ"

තමා ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුතු නොකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහි දි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක් වු රනිල් වික්‍රමසිංහ මහතා එම කාරක සභාව පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සියලු ම පක්ෂවල එකඟත්වය ඇති ව බව කීය.

"අපි තේරිම් කාරක සභාවෙන් කාරණා දෙකක් ඉල්ලා සිටියා. පළමු වැන්න,රිෂාඩ් බදියුද්දීන් මහතාට විරුද්ධව ඇති චෝදනා විභාග කොට ඉක්මණින් තීරණයක් ලබා දෙන ලෙසයි. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට විරුද්ධව ඉදරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව ජුලි මාසයේදි විවාදයට ගන්නා නිසා එයට පෙර මේ පිළිබඳව තිරණයක් ලබා ගැනීම වැදගත් නිසයි එසේ ඉල්ලා සිටියේ. අප ඉල්ලා සිටි දෙවන කරුණ නම් ,බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන විට මාධ්‍ය ඉවත් කර එහි සාක්ෂි විභාග කරන ලෙසයි.

අප්‍රේල් 21 දා සිද්ධිය ගැන පරික්ෂණ පැවැත් වු මලල්ගොඩ කොමිටියේ වාර්තාව දැන් බාර දි ඇති බවත්,එය ලැබුණු පසු එහි නිර්දේශ පිළිබඳව ඉදිරියේ දි කටයුතු කරන බවත්,අගමැතිවරයා තවදුරටත් කීය.

"අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ විසින් සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගෙන සිටින, එහෙත් එම සිදුවිම්වලට සම්බන්ධ නොමැති මුස්ලිම් ජාතිකයින් අධිකරණයට ඉදිරිපත් කොට නිදහස් කිරිමට උපදෙස් දි ඇති බවත් මෙහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකශ කළේය. 


නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා කාත්තන්කුඩියේ දි කර තිබු ප්‍රකාශ රජය තරයේ හෙළා දකින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. .ජාතිවාදි කතා දැන්වත් නතර කළ යුතු බවත්,ඒවායින් සිදු වන්නේ විශාල හානියක් බවත් ඔහු පැවසීය. "අප කටයුතු කළ යුත්තේ,ශ්‍රි ලංකිකයින් වශයෙනුයි. මේ රටේ උපාධි ලබා දෙන ආයතන පිහිටුවීමේ බලය ඇත්තේ රජයට පමණයි.ඒ නිසා නැහෙනහිර අරම්භ කිරිමට යන විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නවා." යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. 

ආගම් අ තර සංහිඳියාව ඇති කිරිම සඳහා රජය විසින් ආගමික සංහිඳියා මණ්ඩලයක් පිහිටු විමට යන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසිය.

"මේ සිදුවීමෙන් පස්සේ අපිට මුහුණු දෙන්න සිදුවුණා ජාතිවාදී ප්‍රශ්න ගණනාවකට. කුලියාපිටියේ සිදුවීමට සම්බන්ධ වූ පිරිස් ගැන අපි විභාග කරගෙන යනවා, ඉන්පස්සේ දළදා මාළිගාව ඉදිරිපිට තවත් විශාල සිදුවීමක් වුණා.  මෙහිදී සිංහල-දමිළ අය එකතුවෙලා මුස්ලිම් අය වෙන්කිරීමක් සිදුවුණා, එම සිදුවීම ගැන බොහෝ දෙනෙක් ප්‍රකාශ කර තිබුණා, කෙසේ වෙතත් අපි ක්‍රියා කරන්නේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ලබාදෙන උපදෙස් අනුවයි. මම ඒ ගැන වැඩිදුරටත් සංඝායා වහන්සේලා සමගත් අන්‍යාගමික පූජකවරුත් සමගත් කථාකරලා තියනවා. ඒ අය යෝජනා කරන්නේ ආගමික සංහිඳියාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ස්වාධීන මණ්ඩලයක් ඇති කළ යුතුයි කියලා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් සිටිනවා, අද හැන්දැවෙත් ඒ වෙනුවෙන් කටයුතු කරන්න නියමිතයි. 

අද දේශපාලඥයින් ගැන ජනතාව කළකිරී සිටිනවා. මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් කියනවා. ඒකත් මේ අවස්ථාවේ හොද නැහැ, එතකොට ඒ වෙනුවෙන් ඇති කරන්නේ කුමක්ද? ජනතාව දේශපාලඥයින් ගැන කළකිරී ඇති බව අප පළමුව පිළිගත යුතුයි. එය නැති කිරීමට අප වැඩ කළ යුතුයි. " යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.



2019-06-12
Advertisement

Find us on Facebook