English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මාර්ග නීති හා මාධ්‍ය ආචාරධර්ම - ප්‍රවීණ ජනමාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන

මාර්ග නීති හා මාධ්‍ය ආචාරධර්ම - ප්‍රවීණ ජනමාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන


"අපේ රට තුල ඉතාමත් අගනා ප්‍රමිතියකින් යුත් මාර්ග නීති රාමුවක් තියෙනවා, නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒවා නොපිළිපදින නිසා තමයි අද මේ රටේ මහාමාර්ගවල බයක් නැතුව බැහැල යන්න බැරිවෙලා තියෙන්නේ. අන්න එවැනිම ඛේදජනක තත්වයක් තමයි අද ජනමාධ්‍ය ආචාරධර්ම වලටත් උදාවෙලා තියෙන්නේ. මේක කෙරෙන දෙයක් නෙමෙයි. නමුත් දැන් පිටතින් හෝ නියාමනයක් ගෙන ඒමට අවශ්‍යයි.

2011 දී කතෘ සංසඳය විසින් මාධ්‍ය ආචාරධර්ම රාමුවක් භාෂා තුනෙන්ම ලේඛණ ගත කළා. එහි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන කලයුතු දේ හා නොකළ යුතු දේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. නමුත් මෙම ප්‍රමිතියට අනුගත වෙන ලංකාවේ මාධ්‍ය ආයතන තිබෙන්නේ අතලොස්සයි.

කතෘ සංසංදයේ ප්‍රධානියා කතු කම දරන ලංකාවේ ජාතික පුවත්පතක් මේ ආචාරධර්ම මාලාවේ තිබෙන ආචාරධර්ම දිනපතා අමු අමුවේ උල්ලංඝනය කරනවා. මහතැනගේ පත්තරය එසේ කරන විට සෙසු කතුවරු හා සෙසු මාධ්‍යවේදීන් ගැන කවර කතාද?"

ප්‍රවීණ ජනමාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මහතා මේ අදහස් අයිතිය වෙබ් අඩවිය වෙත පලකලේ, පසුගිය දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාමාධ්‍ය හැසිරීම පිළිබඳව කල සාකච්ඡාවකදීය ... එම අදහස් පහත වීඩියෝවෙන්....





2019-06-11
Advertisement

Find us on Facebook