English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තේරීම් කාරක සභාව නීත්‍යානුකූලයි. සියල්ල ස්ථාවර නියෝග අනුව. තීරණ ගැනීම පාර්ලිමේන්තුව සතුයි.


තේරීම් කාරක සභාව නීත්‍යානුකූලයි.
සියල්ල ස්ථාවර නියෝග අනුව. තීරණ ගැනීම පාර්ලිමේන්තුව සතුයි.

ජනාධිපතිවරයා විසින් මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අපේ‍්‍රල් 21 වෙනි දින ප‍්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී තර්ජනාත්මක ස්වරයෙන්, තර්ජනාත්මක කරුණු කිිහිපයක් ගෙනහැර දැක්වූවා. එහිදී ඔහු පැවසුවේ නීතිපතිවරයා විසින් තේරීම් කාරක සභාවේ සාකච්ඡුා වන කරුණු සම්බන්ධයෙන් කතානායකවරයාට කරුණු දක්වා ඇති බවත්, කතානායකවරයාගෙන් මේ සම්බන්ධයෙන් තවමත් අදහස් ඉදිරිපත් වී නොමැති බවත්ය.

ඒ අනුව කතානායකවරයා 2019 ජූනි මස 08 වෙනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඔහු සඳහන් කරන්නේ මෙම තේරීම් කාරකවේ කටයුතු මාධ්‍යයට ආවරණය කිරීම සම්බන්ධයෙන් විවිධ පිරිස් අදහස් දක්වා ඇති බවත්, ජනාධිපතිවරයා ද අදහස් දක්වා ඇති බැවින් මෙම ප‍්‍රකාශය නිකුත් කරන බවයි.

එහි ආරම්භයේදී මෙසේ සඳහන් වී තිබේ.

'අපේ‍්‍රල් 21 වෙනි දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව පාර්ලිමේන්තුව අංශ කිහිපයකින් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවත්, ඉන් ප‍්‍රධනතම කොටසක් වන ජාතික ආරක්ෂාව සහ දිගුකාලීන සංහිඳියාව ගොඩනැගීමත්, සියළු අන්තවාදයන් පිටුදැකීමත් සඳහා වන නීති සම්පාදනය කිරීම වෙනුවෙන් අදාළ ආංශික අධීක්ණ කාරක සභාවන් අඛණ්ඩව රැස්වෙමින් පුළුල් කි‍්‍රයාදාමයක නිරතවෙමින් පවතී.

පාර්ලිමේන්තුවේ සියළු පාර්ශ්වයන් ගේ එකඟත්වයෙන් සහ විවිධ ආගමික නායකයන් දැක්වූ අදහස් සැළකිල්ලට ගෙන ආගමට මුවාවී සිදු කෙරෙන බහු විවාහ, ළමා විවාහ, ආදිය රටේ පොදු නීතියට යටත් කිරීම අන්තවාදය පතුරුවන පාසැල් සහ සියළු අන්දමේ අධ්‍යාපන ආයතන පිළිබඳව පියවර ගැනීම අනන්‍යතාවය වසන් කරන ඇඳුම් විලසිතා සම්බන්ධව පියවර ගැනීම ජාතීන් අතර භේද ඇති කරන වෛරී ප‍්‍රකාශ කථනයන්ට එරෙහිව ආදී තීරණාත්මක කරුණු රැුසක් සම්බන්ධව පොදු එකගතාවයන් පැමිණීමට හැකි වී තිබේ. ”



මෙවැනි කරුණු සම්බන්ධයෙන් කතානායක කාර්යාලයට කරුණු පැහැදිලි කිරීමට සිදුව තිබෙන්නේ විශේෂයෙන් සමහර විපක්ෂ දේශපාලන පක්ෂ සහ ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා ආකාරයට ජනතාව හමුවේ කරුණු දැක්වීම නිසායි.

තව දුරටත් එම ප‍්‍රකාශයේ සඳහන් වන්නේ,

'අපේ‍්‍රල් 21 වෙනි දින සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද විශේෂ කාරක සභාව ද සිය විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත. මෙම කාරක සභාව පත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් එකඟත්වයකට පැමිණ අත්සන් කරන ලදුව ගනු ලැබූ තීන්දු අනුව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකිනි. එළෙස පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ කාරක සභාවේ සමාජිකත්වය මන්තී‍්‍රවරු 12 දෙනෙකු ( ආණ්ඩු පක්ෂය 7 යි- විපක්ෂය 5 ) නම් කෙරිනි.  ( මෙම සභාවට විශේෂයෙන් ලැබුණේ අර්ධ සහභාගිත්වයක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සන්ධානයේ නම් කළ සමාජිකයන් කමිටුව වර්ජනය කරන ලදි. ඔවුන් ද සහභාගි වූයේ නම්, මෙහි අවධානය යොමු කරන ගැටළුව කාරක සභාව තුළදීම විසඳාගත හැකිව තිබිණි.)

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නව ස්ථාවර නියෝග ප‍්‍රකාරව පැවැත්වෙන කාරක සභා කටයුතු ජනමාධ්‍ය වෙත විවෘත කළ බවත්, මෑතකදී එවැනි ආවරණයන් ජාත්‍යයන්තරව ද සිදුවී ඇති බවත්,  එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක ලක්ෂණයක් බවත් අවධාරණය කරයි. සෑම පුද්ගලයෙක්ම දිවුරුමක් ලබා දෙන බවත්, ආරක්ෂාවට තර්ජනයක් වේ යැයි සැලකෙන කරුණු මාධ්‍යය ආවරණයෙන් බාහිරව ප‍්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බව පැහැදිලිව දැනුම් දෙනු ලැබේ.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පවතින සැකය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන එම ප‍්‍රකාශය,

”ස්ථාවර නියෝගයන් ට අනුව පොදු එකඟතාවයකින් ආරම්භ කළ පාර්ලිමේන්තුව අනුමත කරන ලද කි‍්‍රයාදාමයන් නැවැත්වීමේ අවසන් බලය පාර්ලිමේන්තුව සතු වන බැවින් මෙම විශේෂ කාරක සභාවේ කටයුතු වැලැක්වීම කතානායකවරයාගේ අභිමතය පරිදි සිදු කළ නොහැකි බවයි.

එසේ හෙයින් උක්ත කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යයන්ට විවෘත කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය ගැනීමට එම කාරක සභාවට හැකියාව ඇත. ඒ පිළිබඳව කථානායකවරයා පක්ෂ නායකයින් සමග සාකච්ඡුා කර පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට ඉදිරියේ දී පියවර ගනු ඇත.”

කෙසේ වුවද වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩ කිරීමේ ප‍්‍රතිවිපාක පිළිබඳව නිවැරදි තොරතුරු සැලකිරීම සඳහා පමණක්ම මෙම කරුණු සද්භාවයෙන් දැනුම් දෙන බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.”

ජනාධිපතිවරයාගේ කි‍්‍රයා කලාපය දිනෙන් දින ප‍්‍රශ්න කරමින් පවතින වාතාවරණයක මෙම තත්ත්වය මත ජනාධිපතවරයා කෙසේ කි‍්‍රයා කළා විය යන්න ඉදිරියේදී සිදු වනු ඇත. කෙසේ වෙතත් ආරක්ෂක ප‍්‍රධානියා ලෙස තමන්ගේ කාර්ය මණ්ඩලයට මෙම තේරීම් කාරක සභාව ඉදිරියට ගොස් සාක්ෂිදීම වැලැක්වීම ඔහුගේ අභිමතය නම්, සිදුවිය හැකි හානිය දැනට සිදුවී අවසන් බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුය. දැනට ප‍්‍රකාශ වන්නේ රාජ්‍ය රහස් නොව, තැන තැන කතා බහ වූ තොරතුරු සනාථ වීමක් පමණි. මේ වන විටත් සිදුවූ විනාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බව ඔහුට රහසක් වූවද, එය රටටම නොරසකි.  
 





2019-06-09
Advertisement

Find us on Facebook