English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලෝක කුසලානයට අද අපේ කි‍්‍රකට් සුදුසු ද?


ලෝක කුසලානයට අද අපේ කි‍්‍රකට් සුදුසු ද?

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පාරාජයන් හමුවේ ඊයේ අෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් සියුම් ජයග‍්‍රහණයක් ලැබීම නිසා අප කි‍්‍රකට් කණ්ඩාමටත්, කි‍්‍රකට් ලෝලීන්ටත් යම් අස්වැසිල්ලක් ලැබී තිබේ. බොහෝ දෙනාගේ අදහස වුයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මානසික මට්ටම මෙම ජයග‍්‍රහණයත් සමග ඉහලට ඔසවා තැබු බවයි.

යම් මට්ටමක කි‍්‍රකට් ලෝලියෙකුව සිටි මෙම ලියුම්කරු පවා පසුගිය වසර කිහිපය තුළ කි‍්‍රකට් තර`ග නැරඹීම තවකාලිකව අතහැර දැමූ නිසා, කි‍්‍රකට් සම්බන්ධව තිබූ යම් උනන්දුව ද ඒ හේතුවෙන් ක‍්‍රමයෙන් හීන වෙමින් පැවතුනි. අනෙකුත් ක්ෂේත‍්‍රයන් හි පැවැති පිරිහීම හා කඩාවැටීම පසුගිය කාලය තුළ කි‍්‍රකට් කී‍්‍රඩාව ද ආක‍්‍රමණය කළ අතර, කි‍්‍රකට් කි‍්‍රඩාව අරක්ගෙන සිටින දේශපාලකයින්ට අමතරව, සමහර කි‍්‍රකට් කි‍්‍රඩකයන්ගේ නොමනා කි‍්‍රයාද අප කි‍්‍රකට් කි‍්‍රඩාවෙන් ඈත්කර තැබීමට හේතු විය. මෙය තේරුම් ගත් බොහෝ කී‍්‍රඩා ලෝලීන් තමන්ගේ කාලය, ශ‍්‍රමය හා මුදල් වැය කරගෙන කල කට්ටකෑම ක‍්‍රමයෙන් අතහැර දමමින් සිටියහ.

නමුත් ලෝක කුසාලාන තාරගාවලිය ආරම්භ වීමත් සමග කි‍්‍රකට් කි‍්‍රඩාවට ඇති ඇල්ම මත නැවතත් අතරින් පතර හෝ කි‍්‍රඩා තරග නැරඹීම ආරම්භ කරනු ලැබූ අතර, එහි දී දුර්වල තත්ත්වයක සිටි බංගලදේශ හා අෆ්ගනිස්ථානය වැනි කණ්ඩායම් අද ලබා ඇති දියුණුව දැක ගැනීමට හැකි විය. කණ්ඩායම් හැගීම, කී‍්‍රඩකයන්ගේ පෞරශය හා නම්‍යශීලී බව, තාක්ෂණය උපරිම ලෙස භාවිතා කිරීම, පුහුණුව හා කැපවීම, අවසාන පන්දුව දක්වා ප‍්‍රථිවිරුද්ධ කණ්ඩායමට ලබාදෙන තරගකාරීත්වය දුටු විට ඔවුන් සැබවින්ම ලෝක කුසලාන තරගාවලියක් සදහා සුදුසුකම් සපුරා ඇති බවට නම් සහතික විය.  




2019-06-05
Advertisement

Find us on Facebook