English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අන්තවාදයට, ජාතිවාදයට,ආගම්වාදයට එරෙහි මාධ්‍ය මෙහෙයුම


අන්තවාදයට, ජාතිවාදයට,ආගම්වාදයට එරෙහි
මාධ්‍ය මෙහෙයුම 

' දැන් සිදුවෙන්නේ දේශපාලන ව්‍යාපෘතියක්. අපිට දැනට තිබෙන සම්පත් අනුව අපට හැකි අයුරින් අපි යම් යම් දේවල් කරනවා. ඉදිරියේදී අපි කොහොමද මෙම ජාතිවාදී, ආගම්වාදී කි‍්‍රයාවන්ට කොහොමද ප‍්‍රතිචාර දක්වන්නේ? ඒ වගේම පොදුවේ මොනවද අපිට මේකට කරන්න පුළුවන්. රජයේ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය භාවිතා කරලා අපේ මතවාදය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලන්න  ඕනා.'

පිලිප් දිසානායක - අයිතිය වෙබ් අඩවිය



මේ අදහසින් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය නියෝජනය කරන, මානව හිමිකම් සම්බන්ධයෙන් සංවේදී ජනමාධ්‍යවේදීන් පිරිසක් අයිතිය වෙබ් අඩවියේ ආරාධනයෙන් 2019 මැයි මස 23 වෙනි දින පස්වරුවේ ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනයේදී සාකච්ඡාවක් පවත්වන ලදි. ඒ සඳහා මාධ්‍යවේදීන් 20 දෙනෙක් පැමිණි සිටියේය. මූලික අරමුණු පැහැදිලි කිරීම හා පිළිගැනීම අයිතිය වෙබ් අඩවියේ ප‍්‍රධාන කර්තෘ පිලිප් දිසානයක හා ප‍්‍රවෘත්ති කර්තෘ සුදේශ් ද සිල්වා විසින් සිදු කරන ලදි.

පසුව කණ්ඩායම සමග පැවති සාකච්ඡුවේදී විවිධ අදහස් හුවමාරු විය. එහිදී විශේෂත්වයක් වූයේ අපේ‍්‍රල් 21 වෙනි දින ප‍්‍රහාරයත් සමඟ ජනමාධ්‍යයන් විසින් සමාජයට සිදුකරන ලද හානිය හා නිර්ලජ්ජිත අයුරින් ආචාර ධර්මයන් උල්ලංඝනය කිරීම ගැන සාකච්ඡාවක් ඇති විය. ජනමාධ්‍යයන් විසින් තමන්ගේ හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන් පරිදි මෙම සිදුවීම දේශපාලන වාසි වෙනුවෙන් භාවිතා කිරීම, එමෙන්ම වාර්තා කරන ලද සිදුවීම්වල නිවැරදිභාවය ගැන ඇති ගැටළු, විකල්ප සමාජයේ විශාල රික්තකයක් ඇති අතර එය අපගේ විකල්ප මාධ්‍යයන් විසින් භාවිතා කිරීම වර්ධනය කිරීම, වැරදි ප‍්‍රචාරයන් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීම සඳහා අපගේ මාධ්‍යයන් භාවිතා කිරීම, මාධ්‍ය වලට එහා ගිය කි‍්‍රයා මාර්ගයන්ට එළඹීම, එමෙන්ම විශේෂ සිද්ධීන් වලදී අධිකරණ කි‍්‍රයාමාර්ගයන් වලට එළඹීම, ප‍්‍රතිචාර මාධ්‍ය වැඩසටහනක සඳහා ලංකාවේ සිටින විදෙස් මාධ්‍ය ආයතනයන් හා සම්බන්ධවීම හා ඔවුන් සතු සම්පත් භාවිතා කිරීම. රූපවාහිනිය සඳහා දැනට තිබෙන අවම ආචාරධර්ම හෝ පිළිපැදීම සඳහා එම මාධ්‍ය ආයතනයන්ට බලපෑම් කිරීම, මාධ්‍ය ආයතනයන්හී මූල්‍යමය වගවීම, අදායම හා ලාභය සම්බන්ධ තොරතුරු සොයා බැලීම, ජනමාධ්‍යවේදීන් තමන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ කිරීම වැනි කරුණු ද සාකච්ඡාවට භාජනය විය.

සාකච්ඡාව  අවසන්වීමට ප‍්‍රථම කණ්ඩායම විසින් තීරණ කීපයක් ගන්නා ලදි. එනම් සිවිල් හා දේශපාලන අයිතිවාකම් සම්බන්ධ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ රිමාන්ඞ් බන්ධනාගාරයේ පසුවන සිවිල් සත්තික කුමාර සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයමාර්ගයන්ට සහය දැක්වීම, මයියංගනයේ දී බුද්ධචක‍්‍ර යයි සැකකෙරෙන රූපයක් ඇඳ සිටි මුස්ලිම් කාන්තාවක් එම නීතිය යටතේම රිමාන්ඞ් ගත කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම, අපේ‍්‍රල් 21 වෙනි දින පාස්කු ප‍්‍රහාරයෙන් පසුව අනෙකුත් ප‍්‍රදේශ වල මුස්ලම් ජනතාව එල්ල කරගෙන එල්ලවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් ගැන වාර්තාවක් සකස් කිරීමට ද තීරණය විය.

මෙවැනි මාධ්‍ය කණ්ඩායමක් දිගින් දිගටම හමුවීමේ අවශ්‍යතාවය ගැනද, හමුවීම ක‍්‍රමයන් ස්ථානයන් ගැන ද සාකච්ඡාව කිරීමෙන් අනතුරුව සාකච්ඡාව අවසන්විය.




2019-06-05
Advertisement

Find us on Facebook