English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දළදා මාළිගාව සැනකෙළිය මුස්ලිම් දේශපාලඥයින් ප‍්‍රජානත්ත‍්‍රවාදී මාවතින් ඉවතට දමයි.


දළදා මාළිගාව සැනකෙළිය මුස්ලිම් දේශපාලඥයින් ප‍්‍රජානත්ත‍්‍රවාදී මාවතින් ඉවතට දමයි.

1977 ඡුන්දයේ දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලැබූ අන්ත පරාජයත්, එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ඨ ජයග‍්‍රහණයත් නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නිල විපක්ෂය බවට පත්විය. ඉන් අනතුරුව සිංහල සමාජයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ජාතිවාදය වපුරන බවටත්, රට දෙකඩ කිරීමට උත්සාහ කරන බවටත් චෝදනාවන් එල්ල විය. එමෙන්ම පසුව දෙමළ සටන්කාමීන් වර්ධනව බව දැනෙන විට ද‍්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඊට සහයෝගය දක්වන බව පැවසීමට උත්සුක විය. නමුත් 1983 ජූලි කලබල වලින් පසුව 1983 ඔක්තෝම්බර් මාසයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ 16 දෙනෙකුට තමන්ගේ මන්තී‍්‍ර පදවිය අහිමි විය. ඒ ශී‍්‍ර ලංකා ව්‍යවස්ථවේ 16 වෙනි සංශෝධනය වූ වෙනම රාජ්‍යයක් උදෙසා සහය නොදක්වන බවට වූ දිවුරුම් ප‍්‍රකාශය අනුව දිවුරුම් දීම ප‍්‍රතික්ෂේප කිරීම නිසාය.

ඒ 1983 යි. අද 2019 ජූනි මස 03 වෙනි දිනයි. අද දින විශේෂ ප‍්‍රකාශයක් කරමින් රාවුෆ් හකීම් ඇතුළු රජයට සම්බන්ධ සියලූම මුස්ලිම් දේශපාලඥයන් තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්විය. එසේ ඉල්ලා අස්වූයේ රාවුෆ් හකීම් ( ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමති ) , රිෂාඞ් බදියුද්දීන් ( කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති ) , අබ්දුල් හලීම් ( තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු ඇමති ) කබීර් හෂීම් ( අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන ඇමති ) යන ඇමතිවරුත්, මොහොමඞ් කාසීම් මොහොමඞ් ෙෆෙසාල්, මොහොමඞ් හරීස්, අමීර් අලි සහ අලි සහීර් මවුලානා යන රාජ්‍ය ඇමතිවරුත්, අබ්දුල්ලා මහරූෆ් නියෝජ්‍ය ඇමතිවරයා ද සිය පදවිවලින් ඉල්ලා අස්වී තිබේ.



ඉල්ලා අස්වීමෙන් පසුව මාධ්‍ය අමතමින් රාවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා පවසා සිටියේ සියලූම මුස්ලිම් මැති, ඇමතිවරුන්ට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳ කඩිනම් පරීක්ෂණ පවත්වා තමන් ඇතුලූ  ඕනෑම පුද්ගලයෙකු එම චෝදනා වලට වැරදිකරු බවට තීරණය කෙරෙන්නේ නම් ඔවුන්ට එරෙහිව නීති්‍යානුකූල පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය. තවද මාසයක් ඇතුළත එම පරීක්ෂණවල නිගමන ප‍්‍රකාශයට පත්කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද හිටපු අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අමාත්‍යධූර හා වෙනත් තනතුරු වලින් ඉවත් වුවද, ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිඳු මන්තී‍්‍රවරයෙකු තීරණය කර නොමැති බවත් ආණ්ඩුව බෙලහීන කිරීමේ කි‍්‍රයාවලියක නිරත නොවන බවත්, පසුපෙළ මන්තී‍්‍රවරුන් ලෙස තවදුරටත් ආණ්ඩුව සමග සිටින බවත් ඔහු සඳහන් කරයි. මෙම මාධ්‍ය හමුව සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලූ මුස්ලිම් මන්තී‍්‍රවරු සහභාගි වී සිටියහ.

1983 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඉවත්වීමත්,2019 මුස්ලිම් දේශපාලඥයන් අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වීමත් අතර මූලික වෙනස්කම් තිබුණ ද ප‍්‍රථිඵලය එකයි. එනම් මුස්ලිම් දේශපාලඥයින්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයෙන් ඈත් කර තැබීමේ පළමු පියවරට දළදා මැදුරු බිමේ උණුසුම හේතු වූ බවයි. සැලසුම් සහගත විශාල ප‍්‍රහාරයකින් මුස්ලිම් දේශපාලඥයින් තියුණු පිළිතුරක් මගින් යම් තරමකට ප‍්‍රථිඵලයක් ලැබුන ද ජාතිවාදීන් ජනාධිපතිවරයාගේ පිටපත රූපගත කිරීම නොනවත්වනු ඇත.

එසේම ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගේ ප‍්‍රකාශය සරළව ගත නොහැක. එහි අව්‍යාජ භාවය ගැන සැකයක් තිබුණත් ඔහු ඉන් මතු කරන්නේ ජනාධිතිවරයාත්, රජයත් මේ මොහොතේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාධාරණක් කිරීමට මේ මොහොතේ අසමත් වී ඇති බවත්, ඉදිරියේදීද එය අපේක්ෂා නොකළ හැකි බවත් ය. මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කිරීමේ අරමුණින් ජාතිවාදී බලවේග විසින නිසි හෙතුවක් රහිතව තමන්ගේ ඉල්ලා අස්වීම සඳහා බලපෑම් කරන තවත්, තමන් ඉල්ලා අස්නොවුණහොත් මුස්ලිම් ප‍්‍රජාවගේ දේපළ සහ ජීවිත විනාශ වීමේ බරපතළ තර්ජනයක් ද මතුව ඇති බවයි. එහෙයින් තමන්ගේ ඉල්ලා අස්වීම මුස්ලිම් ප‍්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු තම ලිපියේ සඳහන් කරයි.

එක් පෑන් පහරකින් තමන් පත් කළ ආණ්ඩුකාරවරුන් අස්කිරීමේ අවස්ථාවක් තිබුණත් එසේ නොකර දකුණේ සියලූ ජාතිවාදීන්ගේ හදවත් උණුසුම් කරමින් දළඳා මාළිගාව ඉදිරිපිට සිදුකරන ලද සංදර්ශනය නිසා රට තුළ විශාල කැලඹීමක් ඇතිවිය. එය ද සැලසුම් සහගතව කරන ලද දෙයක් සේ පෙනේ. මේ නිසා රට තුළ සිටින මුස්ලිම් ජනතාව මෙන්ම දෙමළ ජනතාව ද සංත‍්‍රාසයටත්, භීතියටත් පත් විය. රටම කැළඹිණි, තත්පර ගණනක සිදුවීමකින් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබිණි.

ඉදිරියේදී සිදුවන  ඕනෑම ප‍්‍රචණ්ඩකාරී සිදුවීමක ජනාධිපතිවරයා පෞද්ගලිකව වගකිව යුතු අතර, ඔහුගේ මේ තිරිසන් දේශපාලන කී‍්‍රඩාව තීරණාත්මකව පරාජය කිරීමට සිවිල් සමාජයත්, ප‍්‍රගතිශිලී දේශපාලන කණ්ඩායම් ද මැදිහත්විය යුතුය. ප‍්‍රමාදය පසුතැවිල්ලක් පමණක් නොව නැවත සකස් කළ නොහැකි විනාශයක් ද සිදුවනු ඇත.



2019-06-03
Advertisement

Find us on Facebook